දෙරට නායකයින් දේපළ ඉකුත් සැප්තැම්බරයේ රුසියාවේදී හමුවී 

 

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තවත් නොබෝ වෙලාවකින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට නියමිතය. 

උතුරු කොරියාවේ පියොංයැන්ග් අගනුවරදී මෙම ඓතිහාසික හමුව සිදු කෙරේ.  

රුසියානු ජනාධිපතිවරයා උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ වසර 24කට පසුවය. 

මීට පෙර දෙරට නායකයින් දෙදෙනා අවසන් වරට මුණගැසුනේ ඉකුත් සැප්තැම්බර් මාසයේ, රුසියාවේ දී ය. එහෙත්, 2000 වසරෙන් පසු පුටින් පියොංයැන්ග් වෙත පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

 

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය නිවේදනයකට අනුව,  උතුරු කොරියාව සමග, බටහිර රටවලට නතු නොවන වෙළඳ සහ ආරක්ෂක ක්‍රමවේද රැසක්  ස්ථාපිත කිරීමට රුසියානු ජනාධිපතිවරයා විසින් එකඟතා පල කර  තිබේ. 

එක්සත් ජනපදයේ තර්ජන, පීඩනය සහ යුදමය බලපෑම් හමුවේ, උතුරු කොරියාව සිය අභිලාෂයන් ආරක්ෂා කරගැනීමට දරන  ප්‍රයත්නයන්ට උපරිම සහය ලබා දෙන බවට රුසියානු ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ.  

රුසියානු ක්‍රෙම්ලිනය මෙම හමුව, 'මිත්‍රශීලී රාජ්‍ය සංචාරයක්' ලෙස හඳුන්වා තිබේ.   

TASS 32930190අනතුරුව දෙරට නායකයින් විසින් මාධ්‍ය වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇත.  

 

එරට මාධ්‍ය වාර්තා අනුව, මෙහිදී දෙරට අතර ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වීය ගිවිසුමකට අත්සන් කිරීමටද නියමිතය.  

අනතුරුව දෙරට නායකයින් විසින් මාධ්‍ය වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇත.  

පියොංයැන්ග් අගනුවර, කිම් ඉල් සුං චතුරශ්‍රයේ දී රුසියානු නායකයා පිළිගැනීම සඳහා ආචාර පෙළපාලියක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. පසුව රුසියානු ජනාධිපති වරයා උතුරු කොරියානු  ප්‍රසංගයක් නැරඹීමට සහ උතුරු කොරියාවේ එකම ක්‍රිස්තියානි පල්ලිය නැරඹීමට ද අපේක්ෂිතය.

6670bab085f5400502555a61 රුසියානු ජනාධිපති වරයා උතුරු කොරියානු  ප්‍රසංගයක් නැරඹීමට සහ උතුරු කොරියාවේ එකම ක්‍රිස්තියානි පල්ලිය නැරඹීමට ද අපේක්ෂිතය.

 

2019 වසරේ දී චීන නායක ෂී ජින්පින් අවසන් වරට උතුරු කොරියාවේ සිදු කළ රාජ්‍ය සංචාරයේදී නවාතැන් ගත් පියොංයැන්ග් කුම්සුසාන් ආගන්තුකාගාරයේ ම රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් ද සිය මෙවර උතුරු කොරියානු සංචාරය අතරතුර රැඳී සිටිනු ඇත. 

පුටින් ගේ මෙම උතුරු කොරියානු සංචාරයට එරට නව  ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව්, විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් ද සහභාගී වීමට නියමිතය. 

උතුරු කොරියාව සහ රුසියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, නොබිඳෙන සොයුරු සබඳතාවක් තෙක් වර්ධනය වී ඇතැයි ඉකුත් සතියේදී උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කළේය.  පුටින්ගේ මෙම උතුරු කොරියානු සංචාරයත් සමග දෙරට අතර හමුදා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් සම්බන්ධයෙන්, රුසියාවට, යුද ජයග්‍රහණය උදෙසා උතුරු කොරියානු නායකයාගේ සුභාශිංසන හිමි වී තිබේ. 

ගාසා තීරයේ එකම දොරකඩ ළඟ ජාත්‍යන්තර ආධාර බලා සිටීවර්ධනය වන සමීප සබඳතා පිළිබඳව එක්සත් ජනපදය දැඩි අවධානයෙන්

 

මේ අතර, අද සිදු කිරීමට නියමිත දෙරටේ නායක හමුව පිළිබඳ දැනටමත් එක්සත් ජනපදය ද සිය දැඩි කනස්සල්ල පල කර ඇත. එම දෙරට අතර වර්ධනය වන සමීප සබඳතා පිළිබඳව එක්සත් ජනපදය දැඩි අවධානයෙන් පසුවන බව ධවල මදිරය ප්‍රකාශ කර තිබේ.  

එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල සම්බාධකවලින් ගැලවීම පිණිස, රුසියාව සිය දිගුකාලීන සීතල යුද සහකරු වන උතුරු කොරියාව හා සබඳතා තර කරමින් සිටින බව විචාරකයෝ පෙන්වා දෙති. 

සිය ජනපති ධුරය අරඹමින්, මීට පෙර 2000 වසරේ දී රුසියානු ජනාධිපති පුටින් උතුරු කොරියාවේ උත්තරීතර නායකයා ලෙස හැඳින්වෙන වත්මන් උතුරු කොරියා නායකයාගේ පියා වූ, කිම් ජොං ඉල් හමුවිය.

 

දික්කසාද වීමට අයිතිය ඇති මුත් වෙනත් විවාහයකට අයිතිය නැති යුක්රේනය - ගාමිණී  වියන්ගොඩවිශේෂයෙන්ම, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ මෑත කාලීනව රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා ශක්තිමත් වෙමින් පවතී

විශේෂයෙන්ම, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ මෑත කාලීනව රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා ශක්තිමත් වෙමින් පවතී. මෑතකදී, උතුරු කොරියාව විසින් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් දෙවන වරටද කක්ෂ ගත කිරීමට දැරූ අසාර්ථක ප්‍රයත්නයෙන් පසු, අභ්‍යවකාශ තාක්ෂණය පිලිබඳ සහාය අපේක්ෂාවෙන් පසු වෙයි.  මේවනවිට, එරට ආහාර, ඉන්ධන සහ ආර්ථික අර්බුදයකට ද මුහුණ දී ඇතැයි වාර්තා වේ. අත්‍යවශ්‍ය ආහාර, හමුදා ආධාර සහ තාක්ෂණ හුවමාරුව යටතේ, උතුරු කොරියාව විසින් රුසියාවට කාලතුවක්කු සහ අනෙකුත් යුද උපකරණ සැපයූ බවට එක්සත් ජනපදය සහ දකුණු කොරියාව චෝදනා කරයි. එහෙත්, උතුරු කොරියාව සහ රුසියාව විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. 

මෙම උතුරු කොරියානු සංචාරයෙන් පසු රුසියානු නායකයා, එරට තවත් දිගුකාලීන කොමියුනිස්ට් මිත්‍රයකු වන වියට්නාමයේ සංචාරයක නිරත වීමට අපේක්ෂිතය. එහිදී ද්වීපාර්ශ්වීය වෙළෙඳාම වැනි කරුණු පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ. 

(සටහන : හර්ෂ  උදයකාන්ත) 

(BBC  පුවත් සේවය ඇසුරිනි)

මුලාශය :

Putin to visit North Korea for first time in 24 years

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්