කැනඩාව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි.
විපක්ෂයේ සහ ඉරාන ඩයස්පෝරාවේ ඇතැම් පිරිස්හි බලපෑම මත එරට රජය මෙම තීරණය ගෙන ඇත.
එය, ගෝලීය ත්‍රස්තවාදය පිටුදැකීමේ වැදගත් පියවරක් බව කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ඩොමිනික් ල-බ්ලොන්ක් ප්‍රකාශ කරයි.
ඒ අනුව, ඉහල පෙළ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකා නිලධාරීන් සහ ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ට කැනඩාවට ඇතුළුවීම තහනම් කෙරේ.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සමඟ සමීප සබඳතා පවත්වන, එරට ප්‍රධාන මිලිටරි, දේශපාලන සහ ආර්ථික බලවේගය යි. පාබල, ගුවන් සහ නාවුක බලඇණි වලට අයත් 190,000ක ට අධික භට පිරිසක් මේවනවිට එහි සක්‍රීය සේවයේ නිරත වෙති.
කඩ්ස් බලකාය දැනටමත්, කැනඩාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබේ.
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය, එහි විදෙස් මෙහෙයුම් හස්තය වන කඩ්ස් (Quds Force) බලකාය ඔස්සේ, මැද පෙරදිග මිත්‍ර රටවලට සහ වෙනත් සන්නද්ධ කණ්ඩායම් වලට මුදල්, ආයුධ, තාක්ෂණය, පුහුණුව සහ උපදෙස් ලබා දෙනබව වාර්තා වේ.
කඩ්ස් බලකාය දැනටමත්, කැනඩාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබේ.
ත්‍රස්ත කණ්ඩායමක් ලෙස නම් කළ, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව කැනඩාව පවසයි. ඉරාන රෙජීමය, රට තුළ සහ ඉන් පිටත මානව හිමිකම් මෙන්ම, ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කරමින් සිටින බව ද කැනඩාව චෝදනා කරයි. රජය එළැඹි නව තීරණයත් සමග කැනඩාවේ වෙසෙන ජ්‍යෙෂ්ඨ ඉරාන රාජ්‍ය නිලධාරීන් ට එරෙහි පුළුල් විමර්ශන සිදුකර, ඔවුන් එම තනතුරු වලින් පහ කිරීමට කටයුතු කෙරේ.
ඉදිරියේදී ඉරානය බලා සිදුකිරීමට නියමිත සියලු සංචාර අවලංගු කරන ලෙසද කැනඩා ජාතිකයින්ට දැනුම් දී තිබේ.
නව නිවේදනයෙන් පසුව, ඉරානයේ සිටින කැනේඩියානුවන් අවදානමට ලක්විය හැකි බවට ද කැනඩා විදේශ කටයුතු අමාත්‍යංශය අනතුරු අඟවයි. හැකි ඉක්මනින් ඉරානයෙන් ඉවත් වන ලෙස ඔවුන්ට දන්වා තිබේ. ඉදිරියේදී ඉරානය බලා සිදුකිරීමට නියමිත සියලු සංචාර අවලංගු කරන ලෙසද කැනඩා ජාතිකයින්ට දැනුම් දී තිබේ.
අගමැති ජස්ටින් ටෘඩෝගේ නායකත්වයෙන් යුත් කැනඩා රජය මීට පෙර, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය, කැනඩාව තුළ ත්‍රස්ත සංවිධානයක් ලෙස තව දුරටත් නම් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ, කලක් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකා සාමාජිකයින් ලෙස කටයුතු කර, කැනඩාවට පලාවිත්, එහි පදිංචිව සිටින ඉරාන ජාතිකයින්ට එමගින්, යම් අනිසි බලපෑමක් සිදුවෙතැයි යන සැකය මතය.
ජස්ටින් ටෘඩෝ
එහෙත්, 2000 වසරේදී ටෙහෙරාන් හි සිදු වූ PS752 ගුවන් අනතුරෙන් මියගිය ගුවන් මගීන්ගේ පවුල්වල සාමාජිකයින් සහ තවත් ඩයස්පෝරා සාමාජිකයින් රැසක් විසින් කරන ලද දැඩි බලපෑම් හමුවේ, එම තීරණය වෙනස් කිරීමට ටෘඩෝ ට සිදු විය.
ගුවන් යානයනට එල්ල කළ ඉරාන මිසයිල ප්‍රහාරයකින් එහි ගමන් ගත් මගීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 175 දෙනාම මරණයට පත් විය. ඒ අතර, කැනේඩියානු ජාතිකයින් 55 දෙනෙක් සහ කැනඩාවේ ස්ථිර පදිංචිකරුවෝ 30 දෙනෙක් ද වූහ.
මිසයිල ප්‍රහාරය අත් වැරදීමකින් සිදුවූ බව ඉරානය පසුව ප්‍රකාශ කළේය
මිසයිල ප්‍රහාරය අත් වැරදීමකින් සිදුවූ බව ඉරානය පසුව ප්‍රකාශ කළේය.
2019 වසරේ එක්සත් ජනපදය විසින්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමෙන් පසු, එසේ කරන ලද උතුරු ඇමෙරිකාවට අයත් දෙවන රට කැනඩාවයි.
පසුගිය වසරේ එක්සත් රාජධානිය ද, එය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඉදිරිපත් වුවත්, එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක කර නැත.
(සටහන: හර්ෂ උදයකාන්ත)
ඡායා: ඉරානයේ ප්‍රධාන මිලිටරි, දේශපාලන සහ ආර්ථික බලවේගය වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය.
[BBC පුවත් සේවය ඇසුරිණි]
මූලාශ්‍රය :
Canada lists Iran's Revolutionary Guards as a terrorist group






