leader s

AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ පුවත් නිවේදකයන්, ගුරුවරුන් අපට දකින්න ලැබෙයි.

ඉන්දියාවේ ගොවීන්ට තාක්ෂණික දැනුම ලබා දීමට AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ගොවි යුවළක් ද පසුගිය දා හඳුන්වා දීම සිදුවිය.

දැන් ලොව පළමු වරට AI අපේක්ෂකයකුට ඡන්දය දීමට ද අවස්ථාවක් උදා වෙයි. මෙම අවස්ථාව උදා වන්නේ, එලැඹෙන ජුලි 4 වැනිදා ඡන්ද පොළට යන බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන්ටය.

මෙම පළමු AI අපේක්ෂකයා, ව්‍යාපාරික 59 හැවිරිදි ස්ටීව් එන්ඩකෝට් ය. ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ස්ටීව් ඔහුගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍ය සිදු කරන්නේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඔහුගේ රූපය භාවිතයට ගනිමිනි. AI ස්ටීව් යනුවෙන් එම චරිතය හැඳින්වෙයි.

ස්ටීව් එන්ඩකෝට්ගේ අභිනවයෙන් පක්ෂයක් පිහිටුවාගෙන අතර, ඔහු එම පක්ෂයට තෝරා ගන්නා අපේක්ෂකයන් සියලු දෙනා ද මැතිවරණ ප්‍රචාරක කටයුතු හරහා ජනතාව අතරට යන්නේ AI අපේක්ෂකයන් ලෙසය.

කෙසේ නමුත් ජනතා විශ්වාසය දිනා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු යෑමට මෙම AI අපේක්ෂකයන්ට හැකිවුවහොත්, පාර්ලිමේන්තුවට යනු ඇත්තේ සැබෑ අපේක්ෂකයන්ය.

(lankadeepa.lk)

මුලාශ්‍රය :
 
Meet 'AI Steve', First AI Candidate Contesting In UK Elections


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්