leader s

දකුණු ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ හොර මත්පැන් පානය කළ  34 දෙනකු මරණයට පත්වී, තවත් විශාල පිරිසක්

රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.

හොර මත්පැන් හි අන්තර්ගත මෙතනොල් විෂ ශරීර ගත වීමන්, මෙම මරණ සිදුවී ඇතැයි, තමිල් නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

තමිල් නාඩුවේ, කල්ලකුරිචි දිස්ත්‍රික්කයේ සිදු වූ මෙම සිදුවීමෙන් රෝහල්ගත කළ 100 කට අධික පිරිසක් එහි රෝහල් කිහිපයකම ප්‍රතිකාර ලබමින් සිටින බවත්, බරපතල තත්වයට  පත්වන රෝගීන් හේතුවෙන්, මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යාහැකි බවත් වාර්තා වෙයි.

වමනය සහ උදරාබාධ හේතුවෙන්, විශාල පිරිසක් රෝහල් ගත කළ බව ප්‍රාන්ත බලධාරීහු මීට පෙර  ප්‍රකාශ කළහ.

ගිලන්රථ, බාහිර ප්‍රතිකාර වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු රැසක් මේ වන විටත්,  එම රෝහල් කරා යොමු කර තිබේ.

සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

(සටහන: හර්ෂ උදයකාන්ත)
(AP ඇසුරිණි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්