leader s

ලොව ළාබාලතම මහාචාර්යවරයාවීමට ඉන්දියානු සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු වන සුබෝනෝ බාරිට හැකියාව ලැබී ඇත.

ඔහුගේ බුද්ධි මට්ටම හේතුවෙන් මුම්බායි විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ආරාධිත මහාචාර්යවරයකු ලෙස දේශන පැවැත්වීමට මේ වනවිටත් ඔහුට ආරාධනා ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන ආයතන සඳහා සිසුන් බඳවා ගන්නා තරඟ විභාගයක් වන සැට් විභාගයේදී ලකුණු 1500 ක් වයස 11 දී ලබා ගනිමින් ලෝක වාර්තාවක් තැබීමටද සුබෝනෝ බාරිට හැකියාව ලැබුණු අතර එහිදී ඔහු ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත් වූවේය.

සුබෝනෝ බාරි ඇමෙරිකාවේ ද්විතීක පාසලකින් ඩිප්ලෝමාවක් ලබාගත් ළාබාලතම සිසුවාවීමටද නියමිතය.

ඔහු අනිද්දා(26) පැවැත්වෙන උත්සවයකදී සිය ඩිප්ලෝමාව ලබා ගැනීමට නියමිතව ඇත.

ගණිතය හා භෞතික විද්‍යාවට ඇති දක්ෂතාවය හේතුවෙන් බාරිට නිව්යෝක් විශ්ව විද්‍යාලයේ සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමටද හැකියාව ලැබුණේය.බාරි මේ වනවිට ග්‍රන්ථ දෙකක් රචනා කර ඇති අතර ඉන්දියාවේ ද්වීතීක පාසල්වල ඉගෙනීම් කටයුතුද සිදුකර ඇත.

මෙතෙක් ඔහු ළාබාලතම මහාචාර්යවරයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතර මුම්බායි විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනය කිරීමත් සමඟ බාරි සැබැවින්ම මහාචාර්යවරයෙකු වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(lankadeepa.lk - විමුක්ති එස් රුද්‍රිගු)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්