බොලිවියානු රාජ්‍යය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කෙරේ.


හමුදා කණ්ඩායම් බොලිවියාවේ ලා පාස් (La Paz) අගනුවර ජනාධිපති මන්දිරයට කඩා වැදී පැය කිහිපයකින්, කුමන්ත්‍රණ නායකයා ද අත්අඩංගුවට ගත් බව බොලිවියානු පොලිසිය පවසයි.

එරට හමුදා ප්‍රධානියා වූ ජෙනරාල් ජුවාන් හොසේ සුනිගා (Gen Juan José Zúñiga), එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ ප්‍රධාන ගොඩනැගිලි පිහිටි මුරිල්ලෝ චතුරශ්‍රයේ (Murillo Square) ස්ථාන ගත කර සිටි සන්නද්ධ රථ සහ භට පිරිස් ද මේ වනවිට ඉවත් ව ගොස් ඇත.

 තමාට "ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීමට" අවශ්‍ය බව පවසමින් ජෙනරාල් සුනිගා මෙම රාජ්‍ය විරෝධී කැරැල්ල දියත් කළ බව වාර්තා වේ.

මේ අතර, බොලිවියානු ජනාධිපති ලුවී ආර්ස් (Luis Arce) සහ හිටපු බොලිවියානු නායක ඉවෝ මොරාලෙස් (Evo Morales) කුමන්ත්‍රණය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.  සමාජයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටින්නැයි ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

බොලිවියානුවන්ගේ ජීවිත බිලිගැනීමේ කුමන්ත්‍රණ හා ප්‍රයත්නයන්ට යලි ඉඩ නොතබන බව ජනාධිපතිවරයා රුපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ප්‍රකාශ කිරීමත් සමග, බොලිවියානු ජනතාව රජයට පක්ෂව වීදි බැසීමට ක්‍රියා කළහ.

මීට දෙදිනකට පෙර, බොලිවියාවේ හිටපු නායක ඊවෝ මොරාලෙස් රූපවාහිනිය ඔස්සේ විවෘත විවේචනයට ලක් කිරීමෙන් අනතුරුව, ජෙනරාල් සුනිගා සේවයෙන් පහ කෙරිණි. ජනාධිපතිවරයා විසින් නව හමුදා ප්‍රධානීන් පත් කර තිබේ. සුනිගාට  විරුද්ධව මේ වන විට, එරට අපරාධ පරීක්ෂණයක් ද  ආරම්භ කර ඇත.

(සටහන: හර්ෂ උදයකාන්ත)

(BBC පුවත් සේවය ඇසුරිණි)



මූලාශ්‍රය :  

Bolivian police arrest leader of coup attempt


 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්