රුසියාවට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 117ක් සාර්ථකව ව්‍යර්ථ කළ බව රුසියානු ගුවන් ආරක්ෂක බලකාය පවසයි.
යුක්රේනය විසින් රුසියවේ කර්ස්ක් (Kursk) සහ තවත් නගර කිහිපයක් ඉලක්ක කර ඊයේ (13) රාත්‍රියේ සිට මෙම ප්‍රහාර දියත් කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අද නිවේදනය කළේය.
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර 37ක් කර්ස්ක් කලාපයට ඉහළ අහසේදී විනාශ කළ බවත්, තවත් එවැනිම ඩ්‍රෝන ප්‍රහාර සංඛ්‍යාවක් වොරෝනෙස් (Voronezh) කලාපයට ඉහළින් විනාශ කළ බවත් ආරක්ෂක අමාත්‍යාංශ වාර්තාවල සඳහන් වෙයි.
( Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත )
මූලාශ්‍ර :
Russia says it destroys 117 drones launched by Ukraine, 37 over Kursk






