leader s

ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health organization), 'මංකි-පොක්ස්' (mpox) හෙවත් වඳුරු උණ රෝගය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වයක් ලෙස අද නම් කළේය. 


පසුගිය දෙවසර තුළ එම රෝගය, එලෙස නම් කරන ලද දෙවන අවස්ථාව මෙයයි. 

වෛරස් මගින් ආසාදනය වන රෝගයක් වන එය, මේ වන විට, කොංගෝ රාජ්‍යය පුරා ව්‍යාප්තව අසල්වැසි රටවලට ද පැතිර යමින් ඇතැයි වාර්තා වෙයි. 

 

වෛරස් මගින් ආසාදනය වන රෝගයක් වන එය, මේ වන විට, කොංගෝ රාජ්‍යය පුරා ව්‍යාප්තව අසල්වැසි රටවලට ද පැතිර යමින් ඇතැයි වාර්තා වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද කැඳවා තිබු හදිසි රැස්වීමකින් පසුව, එය ජාත්‍යන්තර හදිසි සෞඛ්‍ය තත්වයක් ලෙස නිවේදනය කළේය. එය, එම සංවිධානය විසින් නිකුත් කෙරෙන ජාත්‍යන්තර වශයෙන් ඉහළම මට්ටමේ, මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් ලෙස දැක්වෙයි. 

hty565එය වසූරිය රෝගයේ ප්‍රභේදයක් ලෙස ද හැඳින්වෙයි.

 

මුලින්ම, අප්‍රිකාවේ වඳුරකු වෙතින් රෝගය හඳුනා ගැනීමත් සමග, රෝගය එනමින් හැඳින්විණි. විශේෂයෙන්, මීයන් සහ ලේනුන් වැනි සතුන් රෝග වාහකයින් ලෙස දක්වා තිබේ. එය වසූරිය රෝගයේ ප්‍රභේදයක් ලෙස ද හැඳින්වෙයි. වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැලැක්වීම උදෙසා ජාත්‍යන්තර සහයෝගීතාවෙන් යුත් මනා සම්බන්ධීකරණයක් වහා අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අධානෝම් ගෙබ්‍රෙයෙසස් (Tedros Adhanom Ghebreyesus) ප්‍රකාශ කරයි. 

 

ldcyukyuසුළු රෝගී තත්වයක් වුව, මරණීය තර්ජන ඇතිකළ හැකි සෞඛ්‍ය තත්වයක් ලෙසද හැඳින්වෙයි.

මංකි-පොක්ස් හෙවත් එම්පොක්ස් රෝගය, ස්පර්ෂය සහ ලිංගික සංසර්ගය වැනි සමීප මිනිස් සබඳතා මගින් වහා ව්‍යාප්ත වීම සිදුවෙයි. ආසදිතයකුගේ ඇඳුම් පැළඳුම්, ඇඳ ඇතිරිලි වැනි පරිහරණිත ද්‍රව්‍ය හා උපකරණ මගින් ද ආසාදනය සිදු වෙයි. කලාතුරකින්, එය සතුන්ගෙන් මිනිසාට ආසාදනය වන බවට ද හඳුනාගෙන තිබේ. රෝගය, ඉක්මනින් පැතිර යන, සුළු රෝගී තත්වයක් වුව, මරණීය තර්ජන ඇතිකළ හැකි සෞඛ්‍ය තත්වයක් ලෙසද හැඳින්වෙයි. එම්පොක්ස් ආසාදිතයින් උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර බොහෝවිට, රෝගීන්ගේ සමෙහි සැරව සහිත තුවාල හට ගැනීම දක්නට ලැබේ.

4y6y4මේ වන විට රෝගය, බුරුන්ඩි, කෙන්යා, රුවන්ඩා සහ උගන්ඩා රාජ්‍යයන් වෙත ව්‍යාප්ත වෙමින් ඇතැයි ද වාර්තා වෙයි. එය ඊට පෙර එම රටවලින් වාර්තා නොවූ රෝගී තත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

රෝගය පිටු දැකීම පිණිස එම සංවිධානය විසින් මේ වනවිට, ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් හදිසි සෞඛ්‍ය ප්‍රතිපාදන යටතේ මුදා හැර තිබේ. රෝගය තුරන් කිරීම පිණිස තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක මූලික ප්‍රතිපාදන අවශ්‍ය බවත්, ඒ සඳහා ආධාර පතන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රෝගය සීග්‍රයෙන් පැතිර යන බව අප්‍රිකානු සෞඛ්‍ය බලධාරීහු ද මෙම සතිය මුලදී නිවේදනය කළහ. 

දැනටමත් ආසාදිතයින් 17,000 ක ට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර මෙම වසරේ පමණක් මරණ 500ක් වාර්තා වී ඇතැයි ඔවුහු පවසති. ඉන් බහුතරයක් රෝගය හේතුවෙන් කොංගෝවේ සිදුවූ ළමා මරණ ලෙස වාර්තා වෙයි. 

w6yr56එන්නත්කරණය සහ චර්යාධර්ම පාලනය මගින් රෝගය වළක්වාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 

එන්නත්කරණය සහ චර්යාධර්ම පාලනය මගින් රෝගය වළක්වාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සමලිංගික හැසිරීම් මගින් රෝගය ආසාදනය සහ ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත )

මූලාශ්‍ර : 
WHO declares mpox a global public health emergency for second time in two years


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්