ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකළ නවතම ප්‍රහාර මාලාවකින් පලස්තීන වැසියන් රැසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් ගාසා බටහිර ඉවුරේ මෝටර් රථයක ගමන් කරමින් සිටි ඉහළපෙළ හමාස් සාමාජිකයින් දෙදෙනකු ඝාතනය වී ඇත. සිය නායකයින් දෙදෙනකු එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ බව හමාස් සංවිධානය තහවුරු කරයි.
ඊශ්‍රායලය විසින් ඊයේ අලුයම සිට එල්ල කළ එම ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 48 ක් මිය ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.
මධ්‍යම දෙරා එල්-බලා (Deir el-Balah) හි ඊයේ (17) සවස සිදුකළ තවත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 04 දෙනෙකු මරණයට පත්වී තිබේ. එම ගුවන් ප්‍රහාරවලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි අල් ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි. ඛාන් යුනිස් (Khan Younis) සහ ජෙබාලියා (Jabalia) ප්‍රදේශවල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 05 දෙනකු මරණයට පත් වී තිබේ. ඊශ්‍රායලය විසින් ඊයේ අලුයම සිට එල්ල කළ එම ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 48 ක් මිය ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි. මියගිය පිරිස අතර කුඩා ළමුන් සහ කාන්තාවන් ඇතුළු එකම පවුලේ 15 දෙනකු සිටින බව ද වාර්තා වෙයි.
මේ අතර, බටහිර ඉවුරේ සෙබස්තියා (Sebastia) ගම්මානයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඊශ්‍රායල භට පිරිස් වෙත පලස්තීන තරුණයින් පිරිසක් විසින් පැට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ බලාටා (Balata) සරණාගත කඳවුර සහ දකුණු හෙබ්‍රන් (Hebron) තදාසන්න පෙදෙසක් ද ආක්‍රමණය කළ බව පලස්තීන මාධ්‍ය පවසයි.
කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පැවති සටන් විරාම සාකච්ඡා වලින් අනතුරුව, ඊශ්‍රායල වෙත ආපසු පැමිණි එරට අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීන්, සාකච්ඡා ධනාත්මක බව ප්‍රකාශ කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් (Joe Biden) විසින් ඉදිරිපත් කළ කොන්දේසි සහිත සටන් විරාම ගිවිසුම පිළිගන්නා ලෙස හමාස් සංවිධානයට තවදුරටත් බල කිරීම
ඒ අනුව, ඉකුත් මැයි මාසයේදී, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් (Joe Biden) විසින් ඉදිරිපත් කළ කොන්දේසි සහිත සටන් විරාම ගිවිසුම පිළිගන්නා ලෙස හමාස් සංවිධානයට තවදුරටත් බල කිරීමට, ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ මධ්‍යස්ථ පාර්ශ්වයන්ට අවස්ථාව උදා කර ඇති බව ඔවුහු පෙන්වාදෙති. එහෙත්, ඊශ්‍රායලය එම කොන්දේසි තවදුරටත් සංශෝධය කර, ගිවිසුම විකෘති කර ඇතැයි හමාස් සංවිධානය චෝදනා කරයි.
උතුරු ගාසා තීරයෙන් වහා ඉවත්වන ලෙස ඊශ්‍රායලය කළ දැනුම්දීම් එහි වෙසෙන පලස්තීනුවන් විසන් ප්‍රතික්ෂේප කොට තිබේ.
උතුරු ගාසා තීරයෙන් වහා ඉවත්වන ලෙස ඊශ්‍රායලය කළ දැනුම්දීම් එහි වෙසෙන පලස්තීනුවන් විසන් ප්‍රතික්ෂේප කොට තිබේ. ඊශ්‍රායල හමුදා විසින් දිගින් දිගටම කෙරෙන ඉවත්වීම් තර්ජනවලින් තමන් හෙම්බත් වී ඇතැයි බව ඔවුහු පවසති.
වහා සටන් විරාමයකට එළඹෙන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ට බල කරමින් ඊශ්‍රාලය පුරා විරෝධතා ද හටගෙන තිබේ.
(Aljazeera ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත )
මූලාශ්‍ර :
Israel’s war on Gaza live: Funerals held for family killed in az-Zawayda






