leader s

පැතොන්ටාන් ශිනවත්‍රා (Paetongtarn Shinawatra) තායිලන්ත නව අගමැතිනිය ලෙස අද, එරට රජු මහා වජිරලොංකෝන් (Maha Vajiralongkorn) හමුවේ දිවුරුම් දුන්නාය. 


සුරූපී පැතොන්ටාන්, තායිලන්ත ඉතිහාසයේ මෙන්ම, කලාපයේ ලාබාලතම තරුණ අගමැතිනිය ද වේ. මීට දෙදිනකට ඉහත, තායිලන්ත පාර්ලිමේන්තුව විසින් පැතොන්ටාන් ශිනවත්‍රා, එරට නව අගමැතිනිය ලෙස තෝරා පත් කර ගැනිණි. 37 හැවිරිදි පැතොන්ටාන්, තායිලන්තයේ හිටපු අගමැතිවරයකු මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයකු ද වන තක්සින් ශිනවාත්‍රා ගේ දියණියයි. 

මීට දින කිහිපයකට පෙර තායිලන්ත ව්‍යවස්ථාදායක අධිකරණය විසින් හිටපු අගමැති ශ්‍රේත්තා තවිසින් (Srettha Thavisin) බලයෙන් පහ කෙරිණි.  

ඉන් අනතුරුව නව අගමැතිවරයකු තෝරා පත් කර ගැනීම පිණිස සිකුරාදා (16), එරට පාර්ලිමේන්තුවේ පැවති මත විමසුමෙන් පැතොන්ටාන් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් නව අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වූවාය. 

අද දිවුරුම් දීමෙන් අනතුරුව, තායිලන්ත නව කැබිනට් මණ්ඩලය ඇය විසින් තෝරා පත්කර ගැනීමට නියමිතය. 

ඇය තායිලන්තයේ දෙවන අග්‍රාමාත්‍යවරිය ද වේ. 

(Aljazeera ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත)

මූලාශ්‍ර :  
Thailand’s Paetongtarn Shinawatra sworn in as PM after royal sign-off


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්