leader s

ඇමරිකානුවන් ඔවුන්ගේ මීළඟ ජනාධිපතිවරයාට ඡන්දය දීමට ඡන්ද පොළට යමින් සිටිති. උප ජනාධිපති කමලා හැරිස් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමට අවම වශයෙන් මැතිවරණ කොට්ඨාස ඡන්ද 270 ක් අවශ්‍ය වේ.

වත්මන් උප ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික කමලා හැරිස් සහ හිටපු ජනාධිපති රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් සති ගණනාවක් තිස්සේ කළ කරට කර සටනේ තීරණාත්මක ප්‍රතිඵලය තව පැය කිහිපයක් තුළ ලැබෙනු ඇත. එහෙත් පවතින තියුණු තරගකාරීත්වය හේතුකොටගෙන 47වැනි ජනාධිපතිවරයා කමලාද, ට්‍රම්ප්ද යන්න තීන්දු කිරීමට බොහෝවිට දින කිහිපයක් ගතවිය හැකි බවට පූරෝකතන ඉදිරිපත් වී තිබේ.

 

"අපි මේක දිනමු"යන මැතිවරණ තේමාව ඔස්සේ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් පෙන්සිල්වේනියාවේ ස්වින්ග් ප්‍රාන්තයේ අවසන් රැලියට එක්වෙමින්  පැවසුවේ “ශක්තියෙන්, ශුභවාදීව, ප්‍රීතියෙන්” තම ව්‍යාපාරය අවසන් කිරීමට අවශ්‍ය බවයි.

“තරගය තවම අවසන් නැත, අපි ශක්තිමත්ව අවසන් කළ යුතුයි. මෙය ඉතිහාසයේ සමීපතම තරඟ වලින් එකක් විය හැකිය. සෑම ඡන්දයක්ම වැදගත්, ජාතියේ සෑම අස්සක් මුල්ලක් නෑරම සහ ජීවිතයේ සෑම තරාතිරමකම ජනතාව එක්රැස් කළා.විශේෂයෙන්ම තරුණ ඔබට කියන්නේ මම ඔබේ බලය දකින බවත් මම ඔබ ගැන ආඩම්බර වන බවත්"කමලා කීවාය.

"ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කරන්න"යන මැතිවරණ තේමාව ඔස්සේ රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් මිචිගන් හි ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් කළේ තම ප්‍රතිවාදියා "රැඩිකල් වාම පිස්සෙකු" බවට චෝදනා කරමින්‍ ය.ඩොනල්ඩ් ට්‍රම්ප් මිචිගන් ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි පැය දෙකකට ආසන්න කාලයක් කතා කළේය.

පෘථිවියේ වඩාත්ම දුෂ්ට හා දූෂිත බලවේග” ලෙස පවසමින් ඔහු ඩිමොක්‍රටික් කදවුරට ප්‍රහාර එල්ල කළේය.

'අවසාන වශයෙන්, ඔබේ ඡන්දයෙන් අපි කමලා දොට්ට දමා ඇමරිකාව බේරා ගන්නෙමු. අපි ඔබේ බදු සහ උද්ධමනය අඩු කරන්නෙමු, ඔබේ මිල අඩු කරන්නෙමු, ඔබේ වැටුප් වැඩි කරන්නෙමු, කර්මාන්තශාලා දහස් ගණනක් නැවත ඇමරිකාවට සහ මිචිගන් වෙත ගෙන එන්නෙමු."
ට්‍රම්ප් කීවේය.

 



පොල්සෙල්වේනියා ඇතුළු තියුණු සටනක් සහිත ප්‍රාන්තවල ප්‍රතිඵල මත ඡන්ද ගනන් කිරීම් නැවත සිදුවිය හැක. එපමණක් නොවේ රිපබ්ලිකානුවන් විසින් ඡන්ද හිමි සුදුසුකම් සහ ඡන්ද හිමි නාමලේඛන කළමනාකරණයට අභියෝග කිරීම් ඇතුළුව පූර්ව මැතිවරණ නඩු 100කට වඩා දැනටමත් ගොනු කර ඇත. ඊට ආසන්න උදාහරණය ඉකුත් මැතිවරණය සපයයි.

2020 මැතිවරණය නොවැම්බර් 3 අඟහරුවාදා පැවැත්විණි. කෙසේ වෙතත්, පෙන්සිල්වේනියාවේ ප්‍රතිඵලය වඩාත් පැහැදිලි වන තෙක් නොවැම්බර් 7 සෙනසුරාදා උදෑසන වනතුරුම එක්සත් ජනපද රූපවාහිනී ජාල ජෝ බයිඩන් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කළේ නැත.

එහෙත්, 2016 දී, ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූ විට, මැතිවරණයෙන් පසු දින 03:00 EST (08:00 GMT) ට ටික වේලාවකට පෙර ඔහු ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. 2012 දී, බරක් ඔබාමා දෙවන ධුර කාලය ලබා ගත් විට, ඔහුගේ ජයග්‍රහණය ඡන්ද විමසීමේ දිනයේම මධ්‍යම රාත්‍රියට පෙර නිවේදනය කරන ලදී.

එහෙත් ,2000 මැතිවරණයේ සිදුවූයේ අසාමාන්‍ය තත්ත්වය කි.ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ අල් ගෝර් අතර තරගය මෙදා ට්‍රම්ප් සහ කමලා අතර තරගය මෙන් තියුණු විය. ඡන්ද විමසීම 2000 නොවැම්බර් 7 වන දින පැවැත්විණි, නමුත් ෆ්ලොරිඩාවේ දැඩි තරඟයක් මත මහත් ගැටුමකට ගිය අතර තීන්දුව දෙසැම්බර් 12 දක්වා තීරණය නොවීය.



සුපුරුදු පරිදිම මෙවර මැතිවරණයත් ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන ප්‍රාන්න මත තීරණය වීම නොවැලැක්විය හැකිය. එයිනුත් පෙන්සිල්වේනියාව සහ මිචිගන් මෙම මැතිවරණයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරනු ඇත. ජෝර්ජියාවේ ඉහළම මැතිවරණ නිලධාරියා ඇස්තමේන්තු කරන්නේ පළමු පැය දෙක තුළ 75% ක පමණ ඡන්ද ගණන් කරනු ඇති අතර පසුව රාත්‍රිය වන විට සම්පූර්ණ ගණනය කිරීමක් අපේක්ෂා කළ හැකි බවයි. සැප්තැම්බර් මාසයේදී සුළි කුණාටුවකට ගොදුරු වූ ප්‍රදේශවල සංකූලතා ඇති විය හැකි නිසා උතුරු කැරොලිනා වල ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි බවට අනුමාන කෙරේ. පෙන්සිල්වේනියාව යනු තීරණාත්මක ප්‍රාන්ත හතේ ප්‍රධානම ප්‍රාන්තයයි.මත,ගැටුම් සහ උණුසුම අතර ජයග්‍රාහකයෙකු මතුවීමට ප්‍රමාණවත් ඡන්ද ගණන් කිරීමට අවම වශයෙන් පැය 24ක් ගත විය හැකිය.මිචිගන්,විස්කොන්සින්,ඇරිසෝනා සහ නෙවාඩා අතරින් මූලික ප්‍රතිපලය ඇරිසෝනාහී ඉක්මන් විය හැක.

නව එක්සත් ජනපද කොන්ග්‍රසය මැතිවරණ විද්‍යාල ඡන්ද ගණන් කිරීම සහ නව ජනාධිපතිවරයා තහවුරු කිරීම සඳහා ජනවාරි 6 වන දින රැස්වේ.

 

ser2345

නමුත් ඉකුත් 2020 මැතිවරනයෙන් පසු, ට්‍රම්ප් එම ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. බිඩෙන්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා කොන්ග්‍රසය රැස්වෙමින් සිටියදී ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විරෝධතාවයකට මුලපිරීය. එවර ට්‍රම්ප් නොකළේ "ජනේලයක එල්ලී ආධාරකරුවන් ඇමතීම" පමණය. දැනටමත් ට්‍රම්ප්, ඔහුගේ සහකරු JD Vance සහ Capitol Hill හි ඉහළම රිපබ්ලිකන් නායකයින් ඔහු පැරදුණහොත් ප්‍රතිඵල පිළිගන්නා බව අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප කර ඇත.ඒ කියන්නේ මෙවරද තත්ත්වය ගියවරට සමාන වනු ඇති බවය.

කෙසේ වෙතත් , එක්සත් ජනපදයේ පුලුල්ව පැතිරුනු ඡන්ද වංචාව "හුදෙක් මිථ්‍යාවක්" බව බොහෝදෙනාගේ විශ්වාසයයි.එහෙත්, ට්‍රම්ප් 2020 දී කළාක් මෙන් නොවැම්බර් ප්‍රතිඵලය යටපත් කිරීමට උත්සාහ කිරීමට සූදානමින් සිටින බව සෑහෙන පිරිසකගේ විශ්වාසයයි.

සටහන :
Ranjith samarakoonරංජිත් කුමාර සමරකෝන් 
(නිදහස් මාධ්‍යවේදී)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි ලිපි :
අමෙරිකානු ජනාධිපතිවරණය අද - ට්‍රම්ප්ගේ සහ කමලාගේ විදේශ ප්‍රතිපත්ති මොනවා ද?

ට්‍රම්ප්- කමලා වැල් පාලමේ සටනක!

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්