leader s

ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිලිබඳ බරපතල ලෙස අවධානය යොමු කරන තෙක්, ඒ සම්බන්ධ සාධනීය මදහත්වීම් වලින් ඉවත් වන බව කටාර් රාජ්‍යය ඊයේ (9) දෙපාර්ශ්වය වෙත ම දන්වා යැවීය.

හමාස් සංවිධානය සටන් විරාම සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමත් සමග, ඔවුන් කටාර් රාජ්‍යයේ, දෝහා අගනුවරින් වහා පිටවිය යුතු බවට එක්සත් ජනපදය විසින් සිදු කරන ලද දැන්වීමකට පිළිතුරු ලෙස, කටාර් රාජ්‍යය එම නිවේදනය නිකුත් කළේය.

 

ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිණිස අඛණ්ඩව සහ දිගින් දිගටම කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, හමාස් ත්‍රස්ත නායකයින් කිසිදු එක්සත් ජනපද පාර්ශ්ව රාජ්‍යයක අගනුවර තව දුරටත් රැඳී සිටිය යුතු නැතැයි, මීට සති කිහිපයකට පෙර කටාර් රාජ්‍යයට ද දන්වා යැවූ බව එක්සත් ජනපදය ඉකුත් දා පැවසීය.  

අහක යන නයි සළුවේ දමාගෙන නහින්නට යන කටාර් රාජ්‍යය

 

කටාර් රාජ්‍යය, ඊශ්‍රායල-හමාස් ගැටුම විසඳීම පිණිස පසුගිය කාලය මුළුල්ලේම ප්‍රයත්න රැසකට මැදි විය. කටාර් දේශය තුළ පවත්වාගෙන යන හමාස් දේශපාලන කාර්යාලයේ ඉදිරිය පිළිබඳ මධ්‍යයේ පලවන ඇතැම් පුවත් සත්‍යයෙන් තොර බව ද එරට විදේශ අමාත්‍යංශය පවසයි. එහෙත්, ඒ පිලිබඳ නිවැරදි අර්ථකතනයක් ඔවුන් විසින් ලබා දී නැත. 

හමාස් සංවිධානයට දෝහා අගනුවරින් වහා ඉවත්වන ලෙසට කරන ලද එක්සත් ජනපද දැනුම් දීම, කටාර් රජය විසින් එම සංවිධානයට දන්වා යැවූ බව, රොයිටර්ස් පුවත් සේවය මීට පෙර ප්‍රකාශ කළේය. 

''දෝහා අගනුවරින් යන්න කියා කවුරුත් කියා නෑ'' - හමාස් සංවිධානය

 

හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහරදුන්නේ ඇයි?
ඒ පිලිබඳ වැඩි දුර අදහස් දැක්වූ එරට, නම් සඳහන් නොකළ රාජ්‍ය ප්‍රකාශකයකු, කටාර් රාජ්‍යය, දෙපාර්ශ්වය අතර සටන් විරාමයකට මැදිහත්වීම් නවතා ඇත්නම්,  දෝහා හි හමාස් කාර්යාලයක් පවත්වාගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බවද ප්‍රකාශ කර තිබේ. 

එහෙත්, සිය නායකයින්ට ඉදිරියේ එරට රැඳී සිටිය නොහැකි බවට කිසිදු දැනුම් දීමක් කටාර් රජය විසින් මෙතෙක් සිදු කර නැතැයි, හමාස් සංවිධානය පවසයි. 

නැටෝ සංවිධානයට අයත් නොවන විශේෂ සාමාජිකයකු ලෙස වොෂින්ටනය විසින් නම් කරන ලද කටාර් රාජ්‍යය තුළ, එක්සත් ජනපද ගිවිසුම් ප්‍රකාරව, 2012 සිට හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාලයක් පවත්වා ගැනීමට අවසර ලබා දී තිබේ. එහෙත්, පසු ගිය වසරේ ඔක්තෝබර 7 දින, ඊශ්‍රායලයේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, හමාස් සංවිධානය හා සියළු සාමාන්‍ය ගනුදෙනු 'ඈවර' බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් කටාර් රාජ්‍යයේ සහ වෙනත් පාර්ශ්ව  රටවල නායකයින් වෙත දන්වා යැවීය.

imengine.public.prod.mmg.navigacloud

 

මීට දින දහයකට පෙර දෙපාර්ශ්වය අතර කෙටිකාලීන සටන් විරාමයක් සඳහා, කටාර් රජය, හමාස් සංවිධානය සමග සිය අවසන් ප්‍රයත්නයට එළඹියේය. එහෙත්, එම සාකච්ඡා සියල්ලද අසාර්ථක විය. 

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳව ඔවුන් විසින්ම, යම් අනුකූලතාවයක් දක්වන තෙක්, තව දුරටත් ඒ වෙනුවෙන් මැදිහත් පාර්ශ්වයක් ලෙස කටයුතු නොකරන බව, කටාර් විදේශ කටයුතු අමාත්‍යංශය යොමු කර ඇති නිවේදනයේ දැක්වේ.  

නවතම තත්ත්වය පිලිබඳ ඊශ්‍රායලය හෝ හමාස් සංවිධානය මෙතක්, නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත. කටාර් බලධාරීන් විසින්, දෝහා හි පිහිටි හමාස් කාර්යාලය වසා දැමීමට හෝ එම නායකයින්ට එරටින් පිටවීමට  අවසන් නිවේදන නිකුත් කර ඇති බවක් ද මෙතෙක් වාර්තා නොවේ. 

ba1b8af0 9ed3 11ef bf6a ed7bb89e9144
සටන්වල නියුතු දෙපාර්ශ්වය අතර ගැටුම් නිරාකරණය පිණිස වන සාකච්ඡා සඳහා, හමාස් කාර්යාලය එරට තුළ පිහිටුවා ඇතැයි ද, ඒ ඔස්සේ සිදු කළ සාර්ථක ප්‍රයත්න මගින්, මීට වසරකට පමණ ඉහත ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම උදෙසා සාර්ථක කෙටිකාලීන සටන් විරාමයකට මග පාදා දිය හැකි වූ බව ද, කටාර් විදේශ අමාත්‍යංශය වැඩි දුරටත් කියා සිටී.

මැද පෙරදිග පිහිටි, ඇමෙරිකාව සතු විශාලතම ගුවන් හමුදා කඳවුර කටාර් රාජ්‍යයේ පිහිටා තිබේ. එමෙන්ම, ඇෆ්ගනිස්ථානයේ තලිබාන් සහ පලස්තීන හමාස් සංවිධානවල කාර්යාලද  එරට තුළ ක්‍රියාත්මක කිරීමට අවසර දී  ඇත. පසුගිය වසරේ, එක්සත් ජනපදය හා ඉරානය අතර සිරකරුවන් හුවමාරු වැඩසටහනක් සම්බන්ධයෙන් ද කටාර් රාජ්‍යය මැදිහත් විය.

dead sinvarඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනය වූ හමාස් නායක සින්වාර්

මීට පෙර ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනය වූ හමාස් නායක සින්වාර්ගෙන් පසු එම තනතුරට පත් වෙතැයි අපේක්ෂිත, වත්මන හමාස් සංවිධානය වෙනුවෙන් සටන් විරාම සාකච්ඡාවලට නායකත්වය දෙන එහි නියෝජ්‍ය ප්‍රධානී ඛලීල් අල්හයියා (Khalil al-Hayya) සහ එම සංවිධානයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු භාර ඛලෙඩ් මෙෂාල් (Khaled Meshaal) යන ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ද දෝහා අගනුවර රැඳී සිටින බව දැන් අනාවරණය වී තිබේ.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර: 
Qatar stalls its Gaza ceasefire mediation

සබැඳි පුවත් :
අහක යන නයි සළුවේ දමාගෙන නහින්නට යන කටාර් රාජ්‍යය


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්