වයඹදිග සිරියාවේ මේ වන විට පවතින දරුණු කැරැල්ලෙන් සිරියානු හමුදා භට පිරිස් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තාවේ.
කැරලි කරුවන් එරට අලෙප්පෝ නගරයේ සැලකිය යුතු ප්‍රදේශයක බලය අල්ලාගෙන සිටිති. ඒ අතර සිරියානු හමුදා යළි ස්ථාන ගත කෙරෙමින් පවතී.
ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන හයාත් තහ්රිර් අල්-ෂාම් (Hayat Tahrir al-Sham), රජයට එරෙහි සිරියානු අරගලයට නායකත්වය දෙමින් සිටී. මෙම සතියේ ඔවුහු රට පුරා, රජයට එරෙහි දැවැන්ත හදිසි අරගලයක් දියත් කළහ.
ත්‍රස්තවාදීන් සහ වෙනත් සන්නද්ධ කණ්ඩායම් විසින් සිරියානු හමුදා වටකර පහර එල්ල කරන බව වාර්තා වේ. සිවිල් වැසියන්ගේ සහ හමුදා භට පිරිස් හි ආරක්ෂාව පිණිස යුද පෙරමුණ අමතර හමුදා මගින් ශක්තිමත් කෙරෙන බව සිරියානු හමුදාව කියා සිටී.
සිරියානු හමුදාවල අඛණ්ඩ බෝම්බ ප්‍රහාර හමුවේ, කැරලිකරුවන්ට අලෙප්පෝ හි ස්ථාවර කඳවුරු ඉදි කරගැනීමට නොහැකි වී ඇත.
සිරියානු සහ රුසියානු ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මගින්, අද අලෙප්පෝ නගරය ආක්‍රමණය කරමින් සිටින කැරලිකරුවන් වෙත ප්‍රහාර එල්ල කෙරිණි.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
සබැඳි පුවත් :
සිරියානු කැරලිකරුවන් අලෙප්පෝ නගරය වැටලීමට ආසන්නයි - ගුවන්තොටුපලත් වසා දැමේ






