leader s

දකුණු කොරියානු පොලිසිය ඊයේ (02) එරට ජෙජු ගුවන් සමාගමට අයත් කාර්යාලය සහ ම්යුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රධාන පාලක මැදිරි කාර්යාලය හදිසි පිරික්සීමකට ලක් කළේය.
 
පසු ගිය මස 29 වැනි දා, දකුණු කොරියාවේ ම්යුවන් (Muan) ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිදුවූ අවාසනාවන්ත ගුවන් අනතුරින් එහි ගමන් ගත් 179 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. දිවි ගලවා ගත හැකි වූයේ දෙදෙනකුට පමණි.
 
දකුණු කොරියානු ගුවන් ඉතිහාසයේ සිදුවූ දරුණුතම ගුවන් අනතුර මෙය ය.  
එරට ජෙජු ගුවන් සේවයට අයත් 7C2216 දරන එම යානය, තායිලන්තයේ බැංකොක් සිට දකුණු කොරියාවේ, නිරිතදිග පිහිටි ම්යුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා 181 දෙනකු රැගෙන  පියාසර කරමින් පැවති අතර ගොඩ බැස්වීමට ආසන්නයේ, යානයේ පක්ෂීන් ගැටීම නිසා, අදාළ ගියර අක්‍රීයව ගියේය. අනතුරුව ගුවන් නියමුවා විසින් යානය හදිසි ගොඩ බැස්වීමකට  යොමු කර තිබිණි.

 

ගොඩ බැස්වීමේ රෝද ක්‍රියාත්මක නොවූ මොහොතක, යානයේ බඩපත සහිත බඳ කොටස, ගුවන් ධාවන පථය මත ස්පර්ශ වීමට සලස්වා (belly-landing)  සිදු කළ එම හදිසි ගොඩ බැස්වීමේ ක්‍රියාවලියේ අවසන් අදියරේදී, ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස්, ඊට මීටර 200ක පමණ දුරින්, ගුවන් යානා මාර්ග දර්ශක ඇන්ටෙනා සවි කිරීමට ඉදිකර තිබූ කොන්ක්‍රීට් පැති  බැම්මක වැදී, ගිනි ජාලාවක්ව   පුපුරා,  දැවී විනාශ විය.

අනතුරින් දිවි ගලවා ගත හැකි වූයේ, බොයිං 737-800 වර්ගයට අයත් එම යානයේ අග කොටසේ අසුන් ගෙන සිටි ගුවන් කාර්ය මණ්ඩලයේ දෙදෙනකුගේ ජීවිත පමණි. ඔවුන් දෙදෙනාගෙන් අයෙක් තව දුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර අනෙක් පුද්ගලයාද රෝහල් ගතව තුවාළ වලට ප්‍රතිකාර ලබමින් සිටී. 

 


ගුවන් අනතුර පිලිබඳ පැහැදිලි තොරතුරු අනාවරණය කර ගත හැකි ආසන්නතම සාක්ෂිය වන එහි "කළු පෙට්ටියේ" හඬ පටයේ පටිගත තොරතුරු ලබා ගැනීමේ කටයුතු ඊයේ අවසන් කෙරිණි. 

අනතුර පිලිබඳ ගවේෂණයේ නිරත පොලිස් විමර්ශන කණ්ඩායම් ඊයේ, ම්යුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පාලකවරයාගේ කාර්යාලය, පළාත් ප්‍රවාහන අමාත්‍යංශ ගුවන් සේවා අධිකාරී කාර්යාලය සහ සියොල් අගනුවර ජෙජු ගුවන් සේවා කාර්යාලයද දැඩි සෝදිසි මෙහෙයුම්වලට ලක් කළහ.

ඔවුන් සතු ගුවන් යානා මෙහෙයුම් සහ නඩත්තු සම්බන්ධ ලේඛන සහ අනෙකුත් තොරතුරු ඇතුලත් ලිපි ගොනු ආදිය මෙන්ම, ගුවන්තොටුපොළ සේවා පහසුකම් හා සබැඳි මෙහෙයුම් ක්‍රියාන්විත පිලිබඳ තොරතුරු ලේඛන ද අත්අඩංගුවට ගැනීම පිණිස එම සෝදිසි කටයුතු  සිදු කෙරිණි. ජෙජු ගුවන් සේවා ප්‍රධාන විධායක නිලධාරී කිම් එබේ ( Kim E-bae) ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ පිරිසකට රටින් පිටවීම ද තහනම් කර තිබේ. 

000 36RP9LA

 

ඔවුන් සියලු දෙනා අපරික්ෂාකාරී බව මත ජීවිත මරණ සිදු කිරීමේ චෝදනාවලට ලක් කර ඇත. අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් වුවහොත්, ඔවුන්ට පස් වසරක සිර දඬුවමකට හෝ ඇමෙරිකානු ඩොලර් 13,600ක් බැගින් වූ දඩ මුදලකට යටත් වීමට සිදුවේ. අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන සියළු  විමර්ශන කටයුතු වලට, ජෙජු ගුවන් සේවයේ පූර්ණ සහාය පළ කරන බව එහි ප්‍රකාශකයකු පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි. 

ගුවන් තොටුපොළ වෙත ලඟා වන ගුවන් යානා සඳහා මග පෙන්වීමට ඉදිකර ඇති මාර්ග දර්ශක ඇන්ටෙනා සවි කළ ඝන කොන්ක්‍රීට් තාපයක් වැනි ඉදි කිරීම, ධාවන පථයට අනවශ්‍ය සේ සමීපව සහ ස්ථාවරව  ඉදි කර ඇතැයි, ගුවන් අනතුරු විශේෂඥයෝ ප්‍රකාශ කරති. හදිසි ගොඩ බැස්වීමකදී, ගුවන් යානයක් ප්‍රධාන ධාවන පථයෙන් ඉවතට ලිස්සා ඇදී යාමේ වැඩි සම්භාවිතාවක් පවතින හෙයින්, එම ඝන සහ  ස්ථාවර  ඉදි කිරීම් එවැනි අවස්ථාවකදී මරු කැඳවන අනතුරක් සිදු කිරීමට ඔනෑ තරම්  ප්‍රමාණවත් බව ඔවුහු පෙන්වා දෙති.

 

එම ඇන්ටෙනා, ඒ සඳහා නිර්දේශිත ලෝහමය හෝ පයිලෝන් අධාරක මත සවි කරනවා වෙනුවට, ඝන කොන්ක්‍රීට් ස්ථරයක්  මත ඉදි කර තිබීම, ප්‍රශ්න සහගත බව ඔවුහු පවසති.  

මෙම අනතුරත් සමග, එරට  සියලු ගුවන්තොටුපොළ වල ඉදිකර ඇති මාර්ග දර්ශක ඇන්ටෙනා සවි කර ඇති ආකාරය පිලිබඳ පුළුල් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ. දකුණු කොරියානු බලධාරීන්, එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය, ෆෙඩරල් ගුවන්සේවා පරිපාලනය සහ බොයිං ගුවන් සමාගමද එක්ව, ජෙජු ගුවන් සේවය සම්බන්ධ වෙනම විමර්ශනයක් ද ආරම්භ කර ඇත. 

ගුවන් යානය ගොඩ බැස්වීමේ ගියර පද්ධතිය අක්‍රීය වීම, පක්ෂීන් ගැටීම පිලිබඳ ගුවන් පාලක මධ්‍යස්ථානය දැනුම්වත් කිරීමෙන් අනතුරුව නියමුවා විසින් දෙවන ගොඩ බැස්වීමේ අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කිරීම සහ ගුවන් යානය තුළ හදසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පැහැදිලි හේතු මෙතෙක් අනාවරණය වී නැත.



අනතුරෙන් තරමක හානියට පත් ගුවන් යානයේ ගුවන් දත්ත  පද්ධතිය, යථාකරණය පිණිස එක්සත් ජනපදය වෙත යවා ඇත. අනතුර පිලිබඳ   විමර්ශන සිදු කෙරෙන බැවින්, ගුවන් යානා "කළු පෙට්ටියේ" අඩංගු හඬ පටයේ දෙබස් මහජනතාවගේ දැනගැනීමට ඉදිරිපත් කිරීම, මේ මොහොතේ අපහසු බවද එරට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය ජූ ජොඞ්-වෑන්  (Joo Jong-wan) කියා සිටී.

දකුණු කොරියාව සතු බොයිං 737-800 වර්ගයට අයත් සියලු ගුවන් යානා සම්බන්ධ යම් ගැටළු සහ දෝෂ පවතී දැයි වහා පරීක්ෂා කර බලන ලෙස එරට වැඩ බලන ජනපති, චෝයි සැන්ග්-මොක් ( Choi Sang-mok), ගුවන් අනතුරින් පසු පැවති විපත් කළමනාකරණ සාකච්ඡාවකදී පැවසීය. අනතුරින් මිය ගිය සියලු දෙනාගේ දේහ හෝ ඉතිරි දේහ කොටස් ඉක්මනින් ඔවුන්ගේ ඥාතීන් අතට පත් කරන ලෙසත්, දිවි ගලවාගත් දෙදෙනාට සහ විපතට පත්වූවන්ගේ පවුල් වෙත කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙසත්, ඔහු වැඩි දුරටත් දැන්වීය.

ගුවන් අනතුර සම්බන්ධයෙන්, සමාජ මාධ්‍යයේ, ද්වේශ සහගත සහ සාවද්‍ය තොරතුරු පළකරන්නන් සහ බෙදා හරින්නන් සොයා, නීතිමය පියවර ගන්න ලෙස ද, වැඩ බලන ජනපති වරයා පොලිසිය වෙත උපදෙස් නිකුත් කළේය. 

(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

සබැඳි පුවත් :
වසර අවසානය ගුවන් ක්ෂේත්‍රයට අපලයි ! - දකුණු කොරියා අනතුරට හේතුව අනවශ්‍ය ඉදිකිරීමක්


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්