leader s

පිලිපීන ජනාධිපති කනිෂ්ට මාකෝස් විසින් 2016 සිට 2022 දක්වා එරට ජනාධිපති ධුරය දැරූ හිටපු ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පාවා දී තිබෙනවා.


තම පාලන කාලය තුළ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුන්වන ලද පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් නීති විරෝධී අන්දමින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුතර්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුවට ලක්වී සිටියා. එය ඔහු විසින් ඉටු කරන ලද මැතිවරණ පොරොන්දුවක්.

මෙකී ‘මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේදී’ 12,000 – 30,000 අතර පිරිසක් ඝාතනයට ලක් වූ බවත්, ඒ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් මෙන්ම ඒවාට සම්බන්ධ නොවූ අය ද සිටි බවත් මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා.

 

duterte war on drugs

දුතර්තේගේ ක්‍රමවේදය අනුව මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය වෙනුවට ඔවුන්ට දඬුවම් කිරීම කෙරෙහි අවධානය යොමු කළා. ඒ සඳහා පොලිසියේ, ආරක්ෂක හමුදාවල මෙන්ම වෙනත් අංශවල ද සහාය ලබාගත්තා.

මුලදී මෙමගින් මත්ද්‍රව්‍ය පාලනයක් සිදු වුවද, පිලිපීනය තවමත් දරුණු අන්දමින් මත්ද්‍රව්‍ය බලපෑමට ලක්ව තිබෙනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එහි සාමාජික රටවල නීතිය ක්‍රියාත්මක නොවූ මෙවැනි අපරාධ සම්බන්ධයෙන් අධිකරණ බලය තිබෙනවා.

2019 01 16T095715Z 119791082 RC17B5968800 RTRMADP 3 WARCRIMES IVORYCOAST 768x512

පිලිපීනය 2011දී රෝම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කළා. 2019දී දුතර්තේ යටතේ පිලිපීනය එම ප්‍රඥප්තියෙන් ඉවත් වුවත්, දුතර්තේ එරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක්ව පැවති සමයේ කළ වැරදිවලට වගකිව යුතු බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තිය 2000දී අත්සන් කළත්, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ එය අපරානුමත කිරීම හෙවත් ශ්‍රී ලංකාවේ නීතියට ඇතුළත් කිරීම කළේ නැහැ.

Ajith parakum jaya
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

සබැඳි ලිපියක් :

පිලිපීනයේ දහස් ගණනක් ඝාතනය කල හිටපු ජනපති දුතර්තේ හෙග් නුවර යුද අධිකරණයට ගෙන යයි!

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්