leader s

පැසිෆික් කලාපය දෙදරුම් කෑ රික්ටර් මාපක 7.4ක භූකම්පනය: කොලොම්බියාවෙන් සිරුරු රැසක් හමුවේ


නව ජනපති හමුවේ මතුවූ දැවැන්ත ස්වාභාවික ආපදාව: සුන්බුන් ඉවත්කිරීම් වේගවත් කෙරේ


බලාපොරොත්තු මැකී යන මෙහෙයුම්

බටහිර කොලොම්බියාව කේන්ද්‍ර කරගනිමින් පසුගියදා සිදුවූ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූමිකම්පාවෙන් දින කිහිපයකට පසු, සුන්බුන් අතර සිරවූවන් පණපිටින් බේරාගැනීමේ බලාපොරොත්තු ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සහන සේවා අංශ පවසයි. ආපදාවෙන් මේ වන විට පුද්ගලයින් 290කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 140 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බව නිල වාර්තා සනාථ කරයි. තුවාල ලැබූවන් සංඛ්‍යාව 4,000කට ආසන්නය.

සැන් ජෝස් ඩෙල් පැල්මාර් ප්‍රදේශයේ පොළව මට්ටමේ සිට හටගත් මෙම භූකම්පනය හේතුවෙන් පැසිෆික් වරාය නගරයක් වන බුවනාවෙන්චුරා සිට කොලොම්බියාවේ ප්‍රධාන කෝපි වගා කලාපය දක්වා නිවාස, රෝහල්, පාසල් සහ ආගමික ස්ථාන දහස් ගණනක් බිමට සමතලා විය. මරණවලින් තුනෙන් දෙකකට වඩා වාර්තා වී ඇත්තේ කාලි (Cali) සහ පෙරෙයිරා (Pereira) යන ප්‍රධාන නගරවලිනි.

 

msdfet45
"අපට ජීවයේ සලකුණු දක්නට ලැබෙන්නේ එක් ස්ථානයක පමණයි. අනෙක් සියලුම ස්ථානවල දැන් ක්‍රියාත්මක වන්නේ මළසිරුරු ගොඩගැනීමේ අදියරයි," යැයි කාලි ගිනි නිවන හමුදා ප්‍රධානී ඇල්බර්ටෝ හර්නැන්ඩස් ප්‍රකාශ කළේය. සුන්බුන් අතරින් සිරුරු මුදාගැනීමෙන් අනතුරුව බර යන්ත්‍රෝපකරණ යොදාගනිමින් නගරය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

අවතැන්වූවන් එළිමහන් කඳවුරුවල

ප්‍රධාන භූකම්පනයෙන් පසු ප්‍රබල පසුකම්පන 269කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය සහන මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට මෙන්ම ස්වේච්ඡා සේවකයන්ට දැඩි අවදානමක් මතු කර තිබේ. දහස් සංඛ්‍යාත නිවාස විනාශ වීම හා පවතින ගොඩනැගිලි අනාරක්ෂිත තත්ත්වයේ පැවතීම හේතුවෙන් ජනතාව එළිමහනේ ඉදිකළ තාවකාලික කූඩාරම්වල රැඳී සිටිති. පෙරෙයිරා නගරයේ උද්‍යානවල පිහිටුවා ඇති කඳවුරුවල ආහාර, ඖෂධ, බ්ලැන්කට් සහ සනීපාරක්ෂක ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බව වාර්තා වේ. මේ අතර මෙඩලින් සහ බොගෝටා වැනි ප්‍රධාන නගරවල ජනතාව විපතට පත්වූවන් සඳහා ආධාර රැස්කිරීමේ මධ්‍යස්ථාන වෙත එක්රොක් වෙමින් සිටිති.

කාලි නගරාධිපති ඇලෙහාන්ද්‍රෝ එඩර් සඳහන් කර සිටියේ ආපදාවෙන් පැය 72ක තීරණාත්මක කාලසීමාව ඉක්මවා ගියද, අතුරුදන්ව සිටින පුද්ගලයින් පණපිටින් මුදාගැනීමේ බලාපොරොත්තුවෙන් කණ්ඩායම් අඛණ්ඩව වෙහෙසෙන බවයි.

ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර සබඳතා

v4t4343
මෙම ව්‍යසනය මෑතකදී ධුරයට පත් ජනාධිපති අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලාගේ පරිපාලනය හමුවේ මතුවූ ප්‍රථම ප්‍රධාන අභියෝගය බවට පත්ව ඇත. සහන සැලසීමේ මුල් අදියරේදී ඇතැම් රටවල සහන කණ්ඩායම් පිළිගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගේ අවධානය යොමුවූ අතර, පසුව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක විශේෂඥ කණ්ඩායම් මෙහෙයුම් සඳහා එක්කර ගැනීමට පියවර ගැනිණි.

රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ දුරකථන සංවාදයක නිරත වූ බවත්, එහිදී කොලොම්බියානු නිෂ්පාදන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව ලිහිල් කරන ලෙස ඉල්ලා සිටි බවත් ජනාධිපති ඩි ලා එස්ප්‍රියෙල්ලා නිවේදනය කර තිබේ. කොලොම්බියාවේ ආර්ථිකය ස්ථාවර කරගනිමින් විපතට පත් ජනතාව යථා තත්ත්වයට පත්කිරීම ඉදිරි කාලසීමාවේ ප්‍රමුඛතම කාර්යභාරය වනු ඇත.

මුලාශ්‍රය :

Hopes fade in Colombia as more bodies recovered days after powerful quake

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්