leader s

රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් මුහුදු පතුලේ හටගත් කම්පනයෙන් ගොඩනැගිලි රැසකට හානි


නායයෑම් හා සන්නිවේදන බිඳවැටීම් හමුවේ කේන්ද්‍රස්ථානය ආසන්න ප්‍රදේශ වෙත ළඟාවීමට දැඩි පරිශ්‍රමයක්


නැගෙනහිර ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ 15 දා අලුයම හටගත් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනය සහ ඉන්පසු වාර්තා වූ පසුකම්පන මාලාව හේතුවෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ ආයතනය (BNPB) නිල වශයෙන් නිවේදනය කර තිබේ.

භූකම්පනයත් සමඟ නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇඟවීම මීටරයකට වඩා අඩු රළ පහරවල් කිහිපයක් වාර්තා වීමෙන් පසු පැය තුනකින් පමණ ඉවත් කර ගැනීමට එරට බලධාරීහු පියවර ගත්හ. භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානයට ආසන්නව පිහිටි නැගෙකියෝ (Nagekeo) කලාපයේ මාර්ග නායයෑම් හේතුවෙන් අවහිර වීම සහ සන්නිවේදන පද්ධති බිඳවැටීම නිසා සහන කණ්ඩායම් එම ප්‍රදේශයට ළඟාවීමට මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති.


සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම්

 

s3455
ෆ්ලෝරස් දූපතේ පිහිටි ප්‍රධාන වරාය නගරයක් වන මවුමෙරේ (Maumere) හි පමණක් ගොඩනැගිලි කඩාවැටීම් හේතුවෙන් මියගිය පුද්ගලයන් 20 දෙනෙකුගේ මෘතදේහ සොයාගෙන ඇති අතර, තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමටත්, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරා ගැනීමටත් හදිසි මුදාගැනීමේ අංශ කටයුතු කරමින් සිටී.

නැගෙනහිර නුසා තෙන්ගාරා (East Nusa Tenggara) ආණ්ඩුකාර එමානුවෙල් මෙල්කියාඩෙස් ලකා ලෙනා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අලුයම නින්දේ පසුවූ පිරිස් මතට ගොඩනැගිලි කඩාවැටීමෙන් ජීවිත හානි සිදුව ඇති බවයි. නිවාස 150කට අධික ප්‍රමාණයකට පූර්ණ හානි සිදුව ඇති අතර, පාසල් 87ක්, සෞඛ්‍ය මධ්‍යස්ථාන 18ක් සහ ආගමික ස්ථාන කිහිපයකට ද අලාභහානි සිදුව ඇති බව මූලික ආපදා දත්ත වාර්තා පෙන්වා දෙයි.


ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ භූගෝලීය පසුබිම

මේ අතර, ආපදාවට ලක්වූ කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සොයා බැලූ බවත්, කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙයින් අනතුරක් හෝ හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බවත් ජකර්තා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරයි.

ඉන්දුනීසියානු භූ භෞතික විද්‍යා ඒජන්සිය (BMKG) සඳහන් කළේ කිලෝමීටර් 15ක් ගැඹුරු මුහුදු පතුලේ මෙම භූකම්පනය හටගෙන ඇති බවයි. පැසිෆික් ‘ගිනි වළල්ල’ (Pacific Ring of Fire) කලාපයේ පිහිටා තිබීම හේතුවෙන් නිරන්තර භූකම්පන අවදානමක් පවතින බැවින්, පසුකම්පන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා අංශ ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබේ.

මුලාශ්‍රය :

At least 47 dead in eastern Indonesia after magnitude 7.7 quake

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්