ක්‍රිමියාවේදී රුසියානු හමුදා නිලධාරියෙකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සැකපිට 32 හැවිරිදි රුසියානු තරුණියක් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇයගේ පසුබිම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයක් යොමුව තිබේ.
මිතුරන් පවසන පරිදි සාමාන්‍ය ජීවිතයක් ගත කළ මාගරිටා රොට්, රුසියානු හමුදා ක්‍රියාකාරකම්වලට එරෙහිව ක්‍රමයෙන් විරෝධය දැක්වීමට පෙළඹී ඇති අතර, ඇයගේ දේශපාලන අදහස් මෑතකදී දැඩි ලෙස වෙනස් වී තිබේ.
රුසියාව විසින් අත්පත් කරගෙන ඇති ක්‍රිමියාවේ සෙවාස්ටොපෝල් (Sevastopol) නගරයේදී රුසියානු කළු මුහුදේ බලඇණියේ සබ්මැරීන අංශයේ නියෝජ්‍ය ආඥාපති රොබට් ෂගේව් (Robert Shageev) ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 32 හැවිරිදි රුසියානු ජාතික මාගරිටා රොට් (Margarita Reutt) නම් තරුණිය අත්අඩංගුවට ගැනීමත් සමඟ ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමුව තිබේ.
පසුගිය අගෝස්තු 13 වන දින උදෑසන නේවාසික ප්‍රදේශයක කුණු කූඩයක සඟවා තිබූ ටී.එන්.ටී. ග්‍රෑම් 500 කට සමාන බලයක් සහිත බෝම්බයක් පුපුරා යාමෙන් නාවික නිලධාරියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය. ආරක්ෂක අංශ පවසන පරිදි, රුසියානු සොචි නගරයේ පදිංචිකාරියක වන රොට්, යුක්‍රේන බුද්ධි අංශවල උපදෙස් මත මෙම ප්‍රහාරය දියත් කර ඇති අතර, ප්‍රහාරයෙන් පසු ඇයට විශාල මුදල් ප්‍රමාණයක් සහ රටින් පැන යාමට අවශ්‍ය ලියකියවිලි ලබා දීමට පොරොන්දු වී ඇත.
සාමාන්‍ය දිවියක සිට ආන්තික ක්‍රියාමාර්ග වෙත

යාරොස්ලාව් නගරයේ උපත ලබා වැඩුණු මාගරිටා රොට්, මිතුරන් විසින් විස්තර කර ඇත්තේ උණුසුම්, සමාජශීලී සහ අභියෝගවලට බිය නොවන තරුණියක් ලෙසය. විශ්වවිද්‍යාල සමයේදී පැරෂුට් පැනීමේ ක්‍රියාකාරකම්වලට සහ වෝටර් පෝලෝ ක්‍රීඩාව දක්ෂතා දැක්වූ ඇය, සෝවියට් සොල්දාදුවන්ගේ අවශේෂ සෙවීමේ දේශප්‍රේමී ස්වේච්ඡා සංවිධානයකද ක්‍රියාකාරීව කටයුතු කර ඇත. පසුව සොචි නගරයට පැමිණ විකල්ප වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආයතනයක සේවය කළ ඇය, සංචාරය කිරීමට දැඩි කැමැත්තක් දැක්වූ සාමාන්‍ය තරුණියක් ලෙස මිතුරන් සිහිපත් කරයි.
කෙසේ වෙතත්, යුක්‍රේන යුද්ධය ආරම්භ වීමත් සමඟ ඇයගේ දේශපාලන අදහස් වෙනස් වන්නට පටන් ගෙන තිබේ. 2024 දෙසැම්බර් මාග්‍රට් කළු මුහුදේ සිදු වූ තෙල් කාන්දුවක් පවිත්‍ර කිරීමේ ස්වේච්ඡා මෙහෙයුම්වලට සම්බන්ධ වූ අතර, මෑතකදී රුසියානු හමුදාවන්ට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම නිසා දඩයකටද ලක් විය.
සැක සහිත හැසිරීම් සහ රහසිගත සූදානම

පසුගිය වන්ත කාලය තුළ ඇයගේ හැසිරීම් රටාවේ කැපී පෙනෙන වෙනස්කම් පෙන්නුම් කර ඇති බව මිතුරන් පවසයි. තවත් දුරකථනයක් මිලදී ගැනීම, සංචාරක සැලසුම්වලින් ඉවත් වීම සහ ක්‍රිමියාව වෙත නිතර ගමන් කිරීම වැනි කරුණු හරහා ඇය යම් රහසිගත ක්‍රියාවක නිරත වූ බවට සැක මතු වී තිබේ.
යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දින සිට රුසියානු පුරවැසියන් රුසියානු හමුදා ඉලක්ක කරගත් කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා බඳවා ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, රොට්ගේ සිද්ධියද එම තත්ත්වයේ තවත් එක් දිගුවක් ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, රුසියානු ආරක්ෂක අංශ හමුවේ කළ ප්‍රකාශවල සත්‍යතාව ස්වාධීනව තහවුරු කර ගැනීමට තවමත් හැකි වී නැත.
වැඩිදුර කියවීම සඳහා: The Guardian පුවත් වාර්තාව







