leader s

ගිම්හානයේ රැකියා කප්පාදුව උග්‍ර වෙයි: ෆෙඩරල් බැංකුවේ තීරණ වෙනස් වන ලකුණු


රැකියා 23,000ක අනපේක්ෂිත පසුබෑමක්: ඇමෙරිකානු ආර්ථිකයෙන් මතුවන නව සංඥා


ගිම්හාන ඍතුවේ පවතින ආර්ථික මන්දගාමීත්වය හමුවේ පසුගිය මාසය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා නියුක්තිය අනපේක්ෂිත ලෙස පහළ ගොස් ඇති බව නිල දත්ත වාර්තා පෙන්වා දෙයි. පෙර පැවති අනාවැකිවලට වඩා රැකියා වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය මන්දගාමී වී ඇති අතර, ඇමෙරිකානු ආර්ථිකය තුළ නිර්මාණය වී ඇත්තේ අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් අඩු රැකියා ප්‍රමාණයකි.

ආර්ථික විශ්ලේෂකයින් රැකියා ක්ෂේත්‍රයේ යම් වර්ධනයක් අපේක්ෂා කළ පසුබිමක, පළාත් පාලන, අධ්‍යාපන සහ සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රවල සිදුවූ රැකියා කප්පාදුව මෙම පසුබෑමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අනුව පසුගිය මාසයේදී පමණක් රැකියා 23,000ක අනපේක්ෂිත අඩුවීමක් වාර්තා වී ඇත.

සංශෝධිත දත්ත සහ ක්ෂේත්‍රයේ පසුබෑම

 

jov5467

ඇමෙරිකානු කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශය (Bureau of Labor Statistics) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවන්ට අනුව, මීට පෙර මැයි සහ ජූනි මාසවලදී එකතු වූ බවට ගණන් බලා තිබූ රැකියා සංඛ්‍යාව ද 103,000කින් පහළට සංශෝධනය කර තිබේ. මෙම සංශෝධනය මඟින් තහවුරු වන්නේ ගිම්හාන කාලය පුරාම රැකියා උත්පාදන වේගය සැලකිය යුතු මට්ටමකින් අඩාල වී පැවති බවයි.

විශේෂයෙන්ම සේවා සහ රාජ්‍ය අංශ ආශ්‍රිතව ඇති වූ මෙම මන්දගාමී ප්‍රවණතාව, ඉදිරි මාසවලදී සමස්ත පාරිභෝගික වියදම් සහ ආර්ථික වර්ධන වේගය කෙරෙහි ද බලපෑම් එල්ල කළ හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මහ බැංකු පොලී අනුපාත කෙරෙහි එල්ල වන බලපෑම

වෙළෙඳපොළ තුළ තවමත් ඉහළ උද්ධමනකාරී පීඩනයක් පැවතියද, මෙම නවතම රැකියා දත්ත හේතුවෙන් ඇමෙරිකානු මහ බැංකුව (Federal Reserve) විසින් ලබන මාසයේදී පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමට තිබූ ඉඩකඩ සහ ඒ කෙරෙහි පැවති බලපෑම අවම විය හැකි බවට විශ්ලේෂකයෝ මත පළ කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් (Oxford Economics) ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නැන්සි වැන්ඩන් හවුටන් (Nancy Vanden Houten) සඳහන් කර ඇත්තේ, පසුගිය මාසයේ තීරණවලින් අනතුරුව පොලී අනුපාත ඉහළ නැංවීමේ අපේක්ෂාවන් මේ වන විට පසුපසට තල්ලු වී ඇති බවයි. රැකියා වෙළෙඳපොළෙහි පවතින ලිහිල් ස්වභාවය හේතුවෙන් මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් දැඩි තීරණ ගැනීමෙන් තාවකාලිකව වැළකී සිටීමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතී.

PHOTO 2024 10 29 14 44 16( සටහන | සේන සූරියප්පෙරුම)
ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්