leader s

වසරක් තුළ උපයා ඇති බදු පූර්ව ලාභය ඩොලර් මිලියන 714ක් දක්වා ඉහළට


සේවකයින් 47 දෙනෙකුගෙන් බිලියන ගණනක ඩිජිටල් ව්‍යාපාරයක් හැසිරවූ අයුරු


ලොව ප්‍රකට ඩිජිටල් අන්තර්ගත ග්‍රාහක වේදිකාවක් (subscription platform) වන OnlyFans හි හිමිකරු ලියොනිඩ් රද්වින්ස්කි (Leonid Radvinsky), පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියයෑමට පෙර ඩොලර් මිලියන 700කට (පවුම් මිලියන 513කට) අධික ලාභාංශ මුදලක් ලබාගෙන ඇති බව සමාගමේ නවතම වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

OnlyFans හි මව් සමාගම වන බ්‍රිතාන්‍යයේ Fenix International Ltd සමාගම නිකුත් කළ මූල්‍ය දත්තවලට අනුව, පසුගිය වසරේදී සමාගම වාර්තා කර ඇති බදු පූර්ව ලාභය ඇමෙරිකානු ඩොලර් මිලියන 714කි. එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 5ක වර්ධනයකි.

සුළු සේවක පිරිසක් සහ දැවැන්ත ලාභයක්

ආහාර පිසීම, යෝග්‍යතා (fitness) පුහුණු වැනි විවිධ ක්ෂේත්‍රවල වීඩියෝ මෙහි ඇතුළත් වුවද, වැඩිහිටි අන්තර්ගත (pornography) වෙනුවෙන් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන මෙම වේදිකාව මෙහෙයවනු ලබන්නේ සේවකයින් 47 දෙනෙකුගෙන් පමණක් වීම විශේෂත්වයකි. 65,000කට අධික සේවක පිරිසක් සේවය කරන බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ වෙළඳ සමාගමක් වන Marks and Spencer හි පසුගිය වසරේ ලාභය පවුම් මිලියන 671ක් වන පසුබමක, සේවකයින් 47 දෙනෙකු පමණක් සිටින ඩිජිටල් ආයතනයක් මෙවැනි දැවැන්ත ලාභයක් ඉපැයීම ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

Fenix International මූල්‍ය වාර්තාවල දැක්වෙන්නේ 2025 නොවැම්බර් 30න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 535ක ලාභාංශ ගෙවා ඇති අතර, එතැන් සිට 2026 මාර්තු 26 දක්වා කාලය තුළ තවත් ඩොලර් මිලියන 174ක ලාභාංශ ගෙවා ඇති බවයි. 43 හැවිරිදි වියේ පසුවූ රද්වින්ස්කි පසුගිය මාර්තු 23 වනදා අභාවප්‍රාප්ත වූ අතර, සමාගමේ හිමිකාරිත්වය මේ වන විට ඔහුගේ බිරිඳ වන යෙකටරිනා 'කැටී' චුඩ්නොව්ස්කි (Yekaterina 'Katie' Chudnovsky) සතු වේ.

only fansලියොනිඩ් රද්වින්ස්කි

යුක්‍රේනයේ උපත ලබා ඇමෙරිකාවේ හැදී වැඩුණු රද්වින්ස්කි, 2018 වසරේදී බ්‍රිතාන්‍ය නිර්මාතෘවරුන්ගෙන් මෙම සමාගම මිලදී ගත්තේය. කොවිඩ් වසංගත සමයේදී වේදිකාව අත්පත් කරගත් දැවැන්ත ජනප්‍රියත්වය හේතුවෙන් වසර තුනක් ඇතුළත ෆෝබ්ස් (Forbes) බිලියනපතියන්ගේ ලැයිස්තුවට ද ඔහු ඇතුළත් විය. 2025 වන විට මෙම වේදිකාව සතුව මුදල් ගෙවන ග්‍රාහකයින් මිලියන 132ක් සහ සක්‍රීය අන්තර්ගත නිර්මාණකරුවන් මිලියන 2.5ක් සිටි අතර, වේදිකාව හරහා සිදුවන ගෙවීම්වලින් සියයට 20ක කොමිස් මුදලක් සමාගම රඳවා ගනී.

නියාමන පරීක්ෂණ සහ නීතිමය ගැටලු

සමාගමේ ආදායම සීඝ්‍රයෙන් ඉහළ යද්දී, එහි අඩංගු වන වැඩිහිටි අන්තර්ගත හේතුවෙන් විවිධ නීති සම්පාදකයින්ගේ සහ නියාමන ආයතනවල දැඩි පරීක්ෂාවට ද ලක්විය. විශේෂයෙන් නිර්මාණකරුවන් සූරාකෑමට හා ප්‍රචණ්ඩත්වයට ලක්වන බවට චෝදනා එල්ල වූ අතර, වයස අවුරුදු 18ට අඩු ළමුන් මෙම අන්තර්ගත වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නියාමන ආයතනයක් වන Ofcom මගින් පරීක්ෂණයක් ද දියත් කර තිබිණි. එම පරීක්ෂණයේදී පරිශීලකයින්ගේ වයස තහවුරු කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ නිසි තොරතුරු ලබා නොදීම හේතුවෙන් සමාගමට පවුම් මිලියනයක පමණ දඩයක් ද නියම විය.

නිර්මාණකරුවන්ට ඩොලර් බිලියන 30ක්

කෙසේ වෙතත්, මෙම චෝදනා සහ විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් OnlyFans හි ප්‍රධාන විධායක නිලධාරිනී කීලි බ්ලෙයාර් (Keily Blair) සඳහන් කරන්නේ, සමාගම ආරම්භ කළ දින සිට මේ දක්වා නිර්මාණකරුවන් වෙත ඩොලර් බිලියන 30කට අධික මුදලක් ගෙවා ඇති බවයි.

"OnlyFans කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ අන්තර්ගතයන් ගෝලීය රසික පිරිසක් හමුවේ මුදල් බවට පත්කළ හැකි ආරක්ෂිත, නියාමනය වූ පරිසරයක්. බ්‍රිතාන්‍යය පදනම් කරගත් ව්‍යාපාරයක් විදියට අපි 2016 සිට මේ දක්වා බ්‍රිතාන්‍ය ආර්ථිකයට පවුම් මිලියන 600කට අධික ආයතනික බදු මුදලක් ගෙවමින් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා," යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.

වැඩිදුර තොරතුරු සඳහා:


BBC News: OnlyFans owner was paid over $700m before his death

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්