leader s

දීර්ඝ කාලීන සේවක ගැටලු මුල් කරගනිමින් ඇරඹි අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත්;

සාකච්ඡා අසාර්ථක වීමෙන් ගුවන් වාර රැසක් අවලංගුයි.

ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් අඩාල වීමෙන් මගීන් පැය ගණනක් පෝලිම්වල; අද පෙරවරුවේ යළිත් සාකච්ඡා.

කෙන්යාවේ නයිරෝබි හි  ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් අද (31) දැඩි ප්‍රමාදයට ලක් විය. එහි සේවකයින් විසින් අරඹන ලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් ක්‍රියාත්මක වීමෙන්, අද ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත  ආ දහස් සංඛ්‍යාත මගීහු ඉමහත් අපහසුතාවට ලක්වූහ. පාලනාධිකාරිය සමග තව දුරටත් සාකච්ඡා සිදු කෙරෙන බව, ප්‍රධාන වෘත්තීය සමිතිය විසින් දන්වා  තිබේ.

දීර්ඝ කාලීනව නොවිසඳුණු සේවක දුක්ගැනවිලි කිහිපයක්  මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට හේතුවී ඇතැයි, කෙන්යා ගුවන්සේවා සේවක වෘත්තීය සමිතිය  (KAWU) පැවසීය. කෙන්යා සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග අත්සන් තැබීමට සැලසුම් කළ, ඒකාබද්ධ ගිවිසුම අවසන් කිරීම ප්‍රමාද වීම, ඊට කෙන්යා ගුවන්තොටුපොළ අධිකාරියේ සහ කෙන්යා ගුවන් සේවයට අනුබද්ධ ජම්බෝජෙට් සේවයේ  සහයෝගය හීන වීම ඒ අතර වේ.

ඇතැම් ගුවන් ගමන්  ප්‍රමාද ව පවතින බව, ඊට හේතු දැක්වීමෙන් තොරව  කෙන්යා ගුවන්තොටුපොළ අධිකාරිය ඊයේ (30) දන්වා සිටියේය. නයිරෝබි ගුවන්තොටුපොළ ගුවන් ගමන් මෙහෙයුම් පාලන අභියෝග හේතුවෙන්  රුවන්ඩා ජාතික ගුවන් සේවය වන රුවන්ඩ්එයාර් ගුවන් යානා දෙකක ගමන්වාර ද අවලංගු කළ බව එම ගුවන් සේවය විසින්   ඊයේ එක්ස් පණිවුඩයක් මගින් දන්වා තිබිණි. සිය ගුවන් යානා  පිලිබඳ නිවේදන නිකුත් වන තෙක් මගීන් හට පැය  ගණනක් එහි රැඳී සිටීමට සිදුව තිබේ.

"මම ගුවන් තොටුපොළට ගිය අවස්ථාවේ පාන්දර  1 වෙනකල් ගුවන් යානය ප්‍රමාද බව ඔවුන් දන්වා සිටියා. ඒක පැය එකහමාරක ප්‍රමාදයක්. ඊට පස්සෙ කිව්වා යානය උදේ 4.30 තෙක් ප්‍රමාදයි කියල. ඒ වෙලාවට මම චෙකින් කවුන්ටරේට ගියාම තමා කිව්වෙ ගුවන් යානය අවලංගු කළා කියල," ෆ්ලොරීඩාවේ මංගල උත්සවයකට සහභාගී වීමට පිටත් වීමේ සූදානමින් එහි පැමිණ සිටි  යුදෙව් ආගමික පූජකයකු වූ මෙන්ඩෙල් ගෝල්ඩ්මන් කීය.

"ඊළඟ ආසන්නම ෆ්ලයිට් එක දෙන්න වෙන්නෙ හෙට (1)  රෑට  කියල තමා කියන්නෙ. අපි උත්සාහ කරනවා එතෙක් ඉවසන්න, ඒත් දැනටමත් පැය 12ක් මම මෙතන වේලෙනවා," ඔහු පැවසීය.

ගැටලුව විසඳීමට වෘත්තීය සමිතිය සහ රජය ඊයේ සාකච්ඡා කළ ද අවසන් විසඳුමකට එළැඹීමට නොහැකි විය.

"ආපහු කතා කරන්න එකඟ වුණේ අද  උදේ 11 ට. ඒ කතා සාර්ථක වන තෙක්  වර්ජනය කොහොමත් ක්‍රියාත්මකයි", කෙන්යා ගුවන්සේවා සේවක වෘත්තීය සමිති මහ ලේකම් මොස් නදියෙමා කීය.

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
8/31/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)


මුලාශ්‍රය :

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්