කිර්ගිස්ථානයේදී ඇරඹි 26 වන SCO සමුළුවට ෂී, පුටින් සහ මෝදි එක්වෙති
— කලාපීය සහයෝගීතාවය වෙනුවෙන් චීනයෙන් නව දැක්මක්.
පොදු සමෘද්ධිය, ආරක්ෂාව සහ විධිමත් පාලනය වෙනුවෙන් සාමාජික රටවල එක්සත්භාවය අත්‍යවශ්‍ය බව චීන ජනපති අවධාරණය කරයි.
ප්‍රබල රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගීත්වය
ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 26වන සමුළුව අද පැවැත්වුණා. ඒ කිර්ගිස්ථානයේ බිෂ්කෙක් නගරයේදී.
චීන ජනාධිපති ෂී ජින් පිං , රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු නායකයින් මෙවර සමුළුවට එක්වීම විශේෂත්වයක්.

ඉහළ ගුණාත්මක සහයෝගීතාවයක් සඳහා චීනයේ දැක්ම
වඩාත් ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව ශැංහයි සහයෝගිතා සංවිධානය සංවර්ධනය කිරීම යන තේමාවෙන් චීන ජනාධිපතිවරයා මෙහිදී විශේෂ දේශනයක් ද සිදු කළා. චීනය ගෝලීය සංවර්ධන, ආරක්ෂක, ශිෂ්ටාචාර සහ පාලන මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංවිධානය වැදගත් වේදිකාවක් ලෙස සලකන බව ද ඔහු පෙන්වා දුන්නා.
සියලු සාමාජික රටවල් සමග එක්ව කටයුතු කරමින් ආදර්ශමත් සහයෝගීතාවයක් වෙනුවෙන් සහාය වීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින් පිං මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
චීන ජනපති ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනා 4
ඔහු මෙහිදී යෝජනා හතරක් ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.
| සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙමින් පොදු සමෘද්ධිය සහිත අනාගතයක් නිර්මාණය කිරීම ඉන් පළමුවැන්නයි.
| දෙවනුව, ආරක්ෂාව වැදගත් කොට සලකා විශ්වීය ආරක්ෂිත පරිසරයක් බිහි කළ යුතු බවයි.
| තෙවනුව, ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් වෙනුවෙන් පාරම්පරික මිතුදම තහවුරු කිරීමයි.
| අවසන් වශයෙන් සංවාද මගින් සාධාරණ හා විධිමත් පාලනයක් ස්ථාපිත කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා ශංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක කවුන්සිලයේ 26 වන රැස්වීමේදී අවධාරණය කර තිබෙනවා.
(සටහන | දිනුෂි වීරසිංහ)
චීනයේ සිට...







