leader s

ඉරාන මංගල උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් සිවිල් වැසියන් පිරිසක් මරුට; මැදපෙරදිග එක්සත් ජනපද කඳවුරුවලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර.


දැවැන්ත මිසයිල ප්‍රහාර හමුවේ කලාපයම කැළඹෙයි; ඉන්ධන අර්බුදය හා මැතිවරණ උණුසුම මැද ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්.


එක්සත් ජනපදය සහ ඉරානය යළි සන්නද්ධ ගැටුම් ආරම්භ කර තිබේ. ඉදිරියේ ඉරාන ඉලක්ක වෙත අතිශය දරුණු ප්‍රහාර එල්ල කරන බවට එක්සත් ජනපදය ඊයේ (1) තර්ජනය කළේය. සිවිල් පුද්ගලයින් සහභාගී වූ මංගල උත්සව අවස්ථාවකට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වීම පිලිබඳ ඉරානය සිය විරෝධය පළ කර සිටියේය. එම ප්‍රහාරයෙන් තවත් සැලකිය යුතු පිරිසක් ද තුවාල ලදහ.

ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකා ඉලක්ක වෙත ඊයේ එල්ල කරන ලද නවතම ප්‍රහාර මාලාව ඉතා සාර්ථකව අවසන් කළ බව  එක්සත් ජනපද මධ්‍යම අණ මූලය දැනුම් දුන්නේය. ඉරාන ගුවන් ආරක්ෂක ක්ෂේත්‍ර, රේඩාර් පද්ධති, සමුද්‍රීය සහ බෝම්බ ඇතිරීමේ යටිතල පහසුකම් හා උපකරණ මෙන්ම සන්නිවේදන ක්ෂේත්‍ර ද එම ඉලක්ක අතර විය.

හෝර්මුස් ආශ්‍රිත ඉලක්කවලට ඇමෙරිකාවෙන් දැඩි ප්‍රහාර

 


රට පුරා බහුවිධ ඉලක්ක වෙත එක්සත් ජනපද ප්‍රහාර එල්ල වූ බව ඉරාන මාධ්‍ය ද තහවුරු කළේය. ඉන් බහුතරය හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවට කලාපයේ වූ මර්මස්ථාන  විය. හෝර්මුස් වෙත පිවිසෙන අවසර නොලත් ඉන්දන නෞකා විනාශ කරන බවට ඉරානය තර්ජනය කරන්නේ එහි සිටය.

ඉරානය ද පෙරලා ජෝර්දානයේ සහ ඉරාකයේ එක්සත් ජනපද ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර බහ්රෙන් තෙක් ව්‍යාප්ත වූ බව ඉරාන මාධ්‍ය පසුව වාර්තා කළේය. ජෝර්දානයේ එක්සත් ජනපද භටයින් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ බව ඉස්ලාමීය  විප්ලවීය ආරක්ෂක බලකාය පැවසුවද, මූලික තක්සේරු අනුව එහි කිසිදු අනතුරක් වාර්තා නොවන බව එක්සත් ජනපද නිලධාරීහු රොයිටර්ස් පුවත් සේවයට කීහ.


ඉරානයේ ප්‍රතිප්‍රහාර කලාපීය රටවල් රැසකට

ජෝර්දාන ගුවන් ආරක්ෂක පද්ධතිය, සිය ගුවන් කලාපය අක්‍රමණය කළ  සතුරු බැලස්ටික් මිසයිල 13ක් වෙත පහර දුන් බව  එරට හමුදා පැවසූහ. ඉන් 10ක් ගුවනේදී විනාශ කළ අතර 3ක් ජන ශුන්‍ය කලාපයක අද වැටුණු බව ද එහි දැක්වේ. ඉරාන මිසයිල ගුවනේදී නිෂ්ක්‍රීය කර විනාශ කර දැමුණු බව බහ්රේනය  ද දන්වා සිටියේය.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා පාබල හමුදා, උතුරු ඉරාකයේ අර්බිල් වෙත එල්ල කළ ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන  ප්‍රහාරයකින් එක්සත් ජනපද භටයින් සහ පුද්ගලයින්  සැලකිය යුතු සංඛ්‍යාවක් ඝාතනය වූ බවට වාර්තා වුව,  ඉරාකය හෝ එක්සත් ජනපදය විසින් එම ප්‍රහාර මෙතෙක් තහවුරු කර නැත.

යුද්ධය සහ දැනටමත් පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරාන ආර්ථිකය, අර්බුදයෙන් අර්බුදයට පත්ව පවතී. ඔවුන් සතු සාම්ප්‍රදායික ආරක්ෂක බලකාය ද පිරිහී  ඇත. මේ අතර නොවැම්බරයේ පැවැත්වෙන කොන්ග්‍රස් මැතිවරණය අභිමුව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සීග්‍රයෙන් ඉහළ යන ඉන්දන මිල මධ්‍යයේ ජනතා මනාපය වෙනුවෙන්  වෙහෙසකර ප්‍රයත්නයක නිරතව සින්නේය. එරට හමුදා සන්තකයේ පැවති තීව්‍ර නිරවද්‍යතාවෙන් යුත් දිගු දුර ගෝලීය මිසයිල සංචිතයෙන් විශාල කොටසක් ද ඉරාන යුද්ධය හමුවේ භාවිතා කර අවසන්ය. එය ඔවුන්ගේ ඉදිරි  යුද සූදානම පිලිබඳ   තීරණාත්මක සාධකයකි.


මැතිවරණ අර්බුදය, ඉන්ධන මිල සහ ට්‍රම්ප්ගේ ප්‍රකාශය

"අපි දැන් මේ ඉන්න තැන ගැන  මට බොහෝම  ආඩම්බරයි. හෝර්මුස් කලාපයේ පාලනය දැන් මුළුමනින්ම වගේ අප අතයි  පවතින්නෙ. සතුරු ආර්ථිකය ද සමස්ත ලෙස කඩා වටෙමිනුයි තියෙන්නෙ," ජනපති ට්‍රම්ප් පැවසීය. "ඔවුන් මේ කරන්නෙ, අනිවාර්යයෙන් සිදුවන දේ වන තෙක් කාලෙ කෑම විතරයි," ඔහු කීය. "ඉරාන ජනතාව නැගී සිට සටන් කරන්නෙ කවදාද?" ජනපතිවරයා ප්‍රශ්න කළේය.

 


"කලාපය තුළ ඇමෙරිකානු යක්ෂාවේශයේ ව්‍යාප්තිය, දසත පැතිරි  යුද්ධයෙන්, ඊට අප ප්‍රතිචාරයෙන් සිදු වන  මහා නස්පැත්තියෙන් මෙපිට නතර වන්නේ නැහැ. වෛරී එක්සත් ජනපද හමුදා සමග සබඳතා පවත්වන ඕනෑම රටක් එහි දරුණු ඵල විපාක විඳීමට සූදානම් විය යුතුයි," ඉරාන ඒකාබද්ධ හමුදා අණ මූලය විශේෂ සඳහනක කියා සිටියේය.

සිවිල් මරණ සහ ජාත්‍යන්තරයට කළ අනතුරු ඇඟවීම

 යුද්ධය අතරතුර සනිටුහන් වූ තීරණාත්මක ගැටළුවක්  වූයේ ඊයේ ඉරාන මංගල අවස්ථාවකට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාර හමුවේ සිදු වූ සිවිල් ඝාතන 5 ය. එරට සිරික් ආසන්නයේ එල්ල වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙක් ද තුවාළ ලදහ. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ වෙරළ කලාපයේ සිරික් පිහිටා තිබේ. ඝාතනයට පත්වූවන් අතර සිව් හැවිරිදි දරුවකු ද වන බව මෙහ්ර් පුවත් සේවය පැවසීය. IRNA ප්‍රවෘත්ති ඒජන්සියට අනුව තුවාළ ලත් පුද්ගලයින් සංඛ්‍යාව 68කි. එක්සත් ජනපද නිලධාරීන් මෙතෙක් ඒ පිලිබඳ නිල ප්‍රකාශයක් සිදු කර නැත.

"මේ ම්ලේච්ඡ ප්‍රහාරය ඒ හා බැඳුණු විනාශකාරී යුද්ධයෙන් කිසිසේත් වෙන් කළ නොහේ," ඉරාන විදෙස් අමාත්‍යංශ ප්‍රකාශක විශේෂ සඳහනක  පැවසීය. ඉරාන යුද්ධයේ මුල් දිනයේම  මිනාබ් හි බාලිකා පාසලකට  එල්ල කළ සභාග ප්‍රහාර හමුවේ පුද්ගලයින් 160 දෙනකු ඝාතනය වීමේ සිදුවීම ද ඔහු එහිදී යළි පසක් කළේය. එම ප්‍රහාරය පිළිබඳව ද පෙන්ටගනය මෙතෙක් කිසිදු නිල වාර්තාවක් ඉදිරිපත් කර නැත. එක්සත් ජනපද හමුදා යල් පැන ගිය ඉලක්ක දත්ත භාවිතය ඊට හේතු විය හැකි බව, ඒ පිලිබඳ සමීප ආරංචි මාර්ග උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි. එම අමානුෂික ප්‍රහාරයන්ට ඉරාන හමුදා අනිවාර්ය ප්‍රතිචාර දක්වන බව එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක සඳහනේ දැක්වේ.  

"එවන් ම්ලේච්ඡ ක්‍රියාකාරකම් හමුවේ ඒවා සාධාරණීකරණය කරමින් මුනිවත රකින රාජ්‍යයන්  සහ ජාත්‍යන්තර ආයතන එකක් හොඳින් දත යුතුයි. එම නිහඬ බව යනු එම අමානුෂික ඝාතන සාමාන්‍යයකරණය කිරීමක්  නොවන බව ඔවුන්ට ඉක්මනින් වැටහේවි. අද මුනිවත රකින කිසිවකුට  හෙට එහි දරුණු ප්‍රති විපාක හමුවේ කිසිදු ගැලවීමක් නොවේවි," එහි සඳහන් ය.  

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)
9/2/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍ර :

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්