leader s

‘කෝල් හර් ඩැඩී’ සංස්කෘතියට එරෙහිව නැගෙන නව ක්‍රිස්තියානි පොඩ්කාස්ට් ප්‍රවණතාව


මානසික සුවය, විවාහයට පෙර ලිංගික වැළකී සිටීම සහ ඇමරිකානු තාරුණ්‍යයේ දෘෂ්ටිවාදාත්මක වෙනස


නූතන බටහිර ලෝකයේ ආගමික නැඹුරුව සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක, ඇමරිකා එක්සත් ජනපදයේ තරුණ පරපුර අතර ආගමික සංවාද වෙනස්ම ආරකින් කරළියට පැමිණෙමින් තිබේ. සාම්ප්‍රදායික දේවස්ථානවලින් ඈත්ව යන කාන්තා පරපුර ඉලක්ක කරගනිමින්, පොප් සංස්කෘතික ආකෘතිය ඔස්සේ සංවාද ගොඩනගන ‘ගර්ල්ස් ගෝන් බයිබල්’ (Girls Gone Bible) පොඩ්කාස්ට් වැඩසටහන සහ එහි සජීවී වේදිකා සංචාර මේ වන විට පුළුල් සමාජ හා සංස්කෘතික අවධානයකට ලක්ව ඇත.

සම්ප්‍රදායික දේශනා වෙනුවට ‘සහෝදරී සංවාද’

 

angඇන්ජෙලා හැලිලි සහ ඒරියල් රීට්ස්මා
ඇන්ජෙලා හැලිලි (Angela Halili) සහ ඒරියල් රීට්ස්මා (Arielle Reitsma) විසින් මෙහෙයවනු ලබන මෙම පොඩ්කාස්ට් වැඩසටහන, නූතන ලිබරල් කාන්තා සංවාද ශෛලියට සමාන්තර එහෙත් ආගමික පදනමක පිහිටි විකල්පයක් ලෙස ඉදිරිපත් කෙරේ. ලොස් ඇන්ජලීස් නුවර රංගන ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටි මොවුන් දෙදෙනාම පසුකාලීනව ආගමික ජීවිතයකට යොමුවූවන් වන අතර, තමන් "පරිපූර්ණ දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින අසම්පූර්ණ ගැහැනු ළමුන් දෙදෙනෙක්" ලෙස හඳුන්වා දෙයි.

මෙම වැඩසටහන් හරහා කාංසාව, විෂාදය, ආහාර ගැනීමේ ආබාධ (Eating Disorders) සහ සම්බන්ධතාවල පවතින ගැටලු සාකච්ඡාවට ගැනෙන්නේ තරුණියන්ට සමීප ‘Girl-talk’ හෙවත් සුහද සංවාද ස්වරූපයෙනි. විවාහයට පෙර ලිංගික සබඳතාවලින් වැළකී සිටීම (Purity and Abstinence) සහ සරල ඇඳුම් පැළඳුම් භාවිතය වෙනුවෙන් පෙනී සිටින ඔවුන්, මෙම ජීවන රටාව ආත්මීය සුවයට සහ මානසික නිදහසට මඟ පාදන බව පවසයි.


සමාජ විද්‍යාත්මක පසුබිම සහ සංඛ්‍යාලේඛන

girls gone
පර්යේෂණ ආයතන වාර්තා පෙන්වා දෙන්නේ වයස අවුරුදු 30ට අඩු ඇමරිකානු තරුණියන් අතරින් ආගමික බැඳීම් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතය 40%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත්, Pew පර්යේෂණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව, වයස 18ත් 29ත් අතර තරුණ ප්‍රජාවෙන් 44%ක් පමණ ආගමික ශ්‍රව්‍ය වැඩසටහන් (Podcasts) භාවිත කරන අතර, ඉන් 39%ක්ම ඒවා ශ්‍රවණය කරන්නේ මානසික මඟපෙන්වීම සහ ජීවන උපදෙස් ලබාගැනීමේ අරමුණෙනි.

ආගමික ඉතිහාසය පිළිබඳ පර්යේෂකයන් සඳහන් කරන්නේ, සමකාලීන පරපුර මුහුණ දෙන අධික තනිකම සහ මානසික පීඩනය හමුවේ මෙම ‘විකල්ප ආගමික ප්‍රවේශය’ ඔවුන්ට සැනසිලිදායක අවකාශයක් නිර්මාණය කර දෙන බවයි. "ඔබ සිටින තැනින්ම අප හා එක්වන්න" (Come-as-you-are) යන ප්‍රවේශය මත පදනම්ව ගොඩනැගෙන මෙම සංවාද, ආගමික දෘෂ්ටිවාදයන් වෙනස් මුහුණුවරකින් සමාජගත කිරීමට සමත්ව ඇති බව විද්වත්හු පෙන්වා දෙති.

සංස්කෘතික බෙදීම සහ විවේචන

මෙම ප්‍රවණතාව කෙරෙහි විවේචනාත්මක බැල්මක් හෙළන සමාජ විචාරකයන් පවසන්නේ, දේශපාලනමය වශයෙන් සෘජු ප්‍රකාශ නොකළද, සම්ප්‍රදායික සහ පසුගාමී කාන්තා භූමිකාවන් නැවත සමාජගත කිරීම සඳහා මෙම මෘදු ප්‍රවේශය භාවිත වන බවයි. විශේෂයෙන්ම, ඖෂධීය හෝ වෘත්තීය මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරවලට වඩා ආගමික විශ්වාසයන් පමණක් මානසික සුවයට විසඳුම ලෙස අවධාරණය කිරීම සම්බන්ධයෙන්ද විවාද පවතී.

කෙසේ වෙතත්, සාම්ප්‍රදායික ආගමික තහංචිවලින් ඔබ්බට ගොස් සමාජ මාධ්‍ය සංස්කෘතියට ගැලපෙන අයුරින් ආගමික ආඛ්‍යාන ප්‍රතිනිර්මාණය කිරීම තුළින්, ආයතනික ආගම්වලින් ඈත්ව සිටි නව පරපුරේ අවධානය දිනාගැනීමට ‘ගර්ල්ස් ගෝන් බයිබල්’ වැනි ධාරාවන්ට හැකිව තිබේ.

මුලාශ්‍රය :

The Guardian: Demonic oppression’ and ‘girly convos’: the podcast wooing young women back to Christianity

වැඩිදුර කියවීම සඳහා:

The Guardian:‘Demonic oppression’ and ‘girly convos’: the podcast wooing young women back to Christianity
Pew Research Center: Religion and Media Consumption Among Young Americans

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්