leader s

වසර හතරකට පසු චීන ජනපතිගෙන් මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික ගමනක්


තාක්ෂණ, බලශක්ති සහ වෙළඳ ක්ෂේත්‍රවල දැවැන්ත ආයෝජන රැසක්



මැදපෙරදිග කලාපයේ රටවල් බාහිර මැදිහත්වීම්වලින් තොරව කටයුතු කළ යුතු බවත්, කලාපය වෙනුවෙන් නව ආරක්ෂක ව්‍යුහයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පවතින බවත් චීන ජනාධිපති ෂී ජින්පින් ඊජිප්තුවේදී ප්‍රකාශ කර තිබේ. වසර හතරකට පසු මැදපෙරදිග කලාපයේ සිදුකෙරෙන සිය ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණි ජනාධිපති ෂී, එරට ජනාධිපති අබ්දෙල් ෆටාහ් අල්-සිසි හමුවෙමින් මෙම කරුණු අවධාරණය කර ඇත.

චීන රාජ්‍ය පුවත් සේවය වන ෂින්හුවා වාර්තා කරන අන්දමට, කලාපයේ රටවල් තමන්ගේ අනාගතය තමන් විසින්ම තීරණය කළ යුතු බවත්, ස්වෛරීභාවය සුරැකෙන නව කලාපීය ආරක්ෂක යාන්ත්‍රණයක් පිළිබඳ අවධානය යොමුකිරීම කාලෝචිත බවත් චීන නායකයා මෙහිදී පෙන්වා දී තිබේ.

නාවික වෙළඳ මාර්ග සහ ආරක්ෂක සබඳතා

 

xi 2
කලාපීය ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බබ් අල්-මන්දෙබ් වැනි ප්‍රධාන ජාත්‍යන්තර නාවික මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනයට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින්, වෙළඳ නාවික ගමන් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපයේ රටවල් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමට බීජින් සූදානම් බව ෂී ජින්පින් සඳහන් කර ඇත.

දෙරට අතර ඒකාබද්ධ ආරක්ෂක සහයෝගීතාව සහ ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට නායකයෝ දෙපළ එකඟතාව පළ කළහ. පසුගිය මාසයේදී දෙරට අතර පැවති "ඊගල්ස් ඔෆ් සිවිලයිසේෂන්" (Eagles of Civilization) යුද අභ්‍යාසයේදී චීනයේ නිෂ්පාදිත J-16 ජෙට් යානා සහ ප්‍රංශ නිෂ්පාදිත රෆායල් (Rafale) ප්‍රහාරක යානා එක්ව සිදුකළ ගුවන් අභ්‍යාසය, මෙම වර්ධනය වන ආරක්ෂක සබඳතාවේ එක් සන්ධිස්ථානයක් ලෙස ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

තාක්ෂණය, සූවස් ආයෝජන සහ මුදල් හුවමාරුව

රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව දත්ත මධ්‍යස්ථාන (Data Centers), අර්ධ සන්නායක (Semiconductors) සහ තීරණාත්මක ඛනිජ සැපයුම් දාම පුළුල් කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. ඊට අමතරව, දෙරට අතර සිදුවන ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන කටයුතුවලදී අන්‍යෝන්‍ය දේශීය මුදල් භාවිතය ප්‍රවර්ධනය කිරීමට ද තීරණය කර ඇත.

ජනගහනය මිලියන 110 ඉක්මවන ඊජිප්තුව චීනයට වැදගත් වෙළඳපොළක් වන අතර, මෙම වසරේ මුල් භාගය තුළ පමණක් ඊජිප්තුව ඩොලර් බිලියන 10ක පමණ චීන භාණ්ඩ ආනයනය කර තිබේ. සූවස් ඇල ආර්ථික කලාපය (SCZone) තුළ දැනටමත් ඩොලර් බිලියන 4ක පමණ චීන ආයෝජන ක්‍රියාත්මක වන අතර, චීනය විසින් සංවර්ධනය කරන ලද කාර්මික කලාපය තවදුරටත් පුළුල් කිරීමේ සැලසුම් මෙන්ම ඩොලර් මිලියන 500ක ටයර් නිෂ්පාදන සංකීර්ණයක් පිහිටුවීම සඳහා ZC Rubber Group සමඟ මූලික ගිවිසුමකට එළැඹීම ද මෙම සංචාරයට සමගාමීව සිදුවිය.

 

xi 3
'මූලෝපායික සමබරතාවය' සහ කලාපීය භූ-දේශපාලනය

ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 1.3ක පමණ හමුදා ආධාර ලබන ප්‍රධාන ආරක්ෂක හවුල්කරුවෙකු වන ඊජිප්තුව, මෑත වසරවලදී චීනය සමඟ ආර්ථික හා තාක්ෂණික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම කැපී පෙනෙන ලක්ෂණයකි. මෙම සංචාරයට පෙර ලිපියක් පළ කරමින් ඊජිප්තු ජනාධිපති අල්-සිසි අවධාරණය කර තිබුණේ ගෝලීය බල තරගය මධ්‍යයේ සිය රට "මූලෝපායික සමබරතාවය" (Strategic Balance) ආරක්ෂා කරගැනීමේ විදේශ ප්‍රතිපත්තියක නිරත වන බවයි.

බීජින් අප්‍රිකානු වෙළඳපොළට පිවිසීමේ දොරටුවක් මෙන්ම පලස්තීන අර්බුදය ඇතුළු කලාපීය රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී ඊජිප්තුව සතු වැදගත්කම මෙම සංචාරයෙන් තවදුරටත් තහවුරු වන බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මුලාශ්‍රය :

Reuters: China's Xi urges new Middle East security framework during Egypt visit

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්