leader s

දෙවියන් හරිම දුප්පත් කියල ඔයාල දන්නවද? එයා තමයි දුප්පතුන්ගෙත් දුප්පතා.
ඇයි මම එහෙම කියන්නේ?

එහෙම කියන්න හේතුව දෙවියන්ට දෙන්න ඔහුගේම කියල වස්තුවක්, දෙයක්, ධන නිධානයක් නැති නිසා.

එයාට දෙන්න කියල තියෙන්නේ තමන්ගෙම පැවැත්ම විතරයි.

හරියට කම්කරුවෙක්ට තියෙන්නේ ශ්‍රමය විතරයි අන් කිසිදෙයක් නැහැ කියල මාක්ස් කිව්වා වගේ.

ඉතිං දෙවියන් කියන්නේ තමන්ගේ පැවැත්ම පමණක් තමන් සන්තකයේ තියාන ඒ දේ ලෝකයේ ප්‍රතිබිම්බනය කරන්න හදන දුප්පත් කෙනෙක්ට.

අවම වශයෙන් එයාගේ පුතා කුරුසියේ වේදනාවෙන් කෙඳිරිගාන කොට ඒ වේදනාවෙන් ඔහුව ගලවා ගන්නවත් ශක්තියක් නොතිබ්බ කෙනෙක්ට...

ඒ නිසා වැදගත් වෙන්නේ දෙවියන් සතු දෙය හොයන්න උත්සාහ කරන එක එක නෙවෙයි (not what he has). දෙවියන් දෙන්න උත්සාහ කරන දෙය ගැන අවධානය යොමු කරන එක (what he is, his very being).

දෙන්න කියල කිසිවක් නැතත් ඔහු උත්සාහ කරනවා යමක් දෙන්න. ඒ ඔහුගේ ආත්මය. ඒක දිව්‍යමය ත්‍යාගයක්.

දෙවියන් එයාගේ අසරණකම ඇතුලේ අප නිදහස් කර තිබෙනවා.

හැබැයි ඒ එක්කම ඔහුගේ ආත්මය අපිට දෙන්න ඔහු උත්සාහ කරලා තියනවා.

ඒ ත්‍යාගය සතුටින් අරගෙන දහසක් නිම්න ඔස්සේ ඔබ ඇවිද යන්න...

ස්ලාවෝ ජිජැක්
(The Fragile Absolute).



 
Mahesh Hapugoda 1 1

(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්