leader s

හතලිස් වසරකට මදක් වැඩි වූ තම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට සමු දීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි අද ඇතැම් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

ලාංකික භූමිය තුල ප්‍රාතිහාර්යයක් නොකළ හැකි වූ දේශපාලඥයෙක් ලෙස එසේ සමු දීම ගැන මහා ලොකු දෙයක් ලිවීමට මා අදහස් නොකරමි. නමුත් ඒ වසර හතලිහ තුල ම රනිල් අපගේ ජීවිත තුල වැදගත් චරිතයක් විය. ඒ වසර හතළිහක් ඔහු දැක පුරුදු වීම පමණක් ලෙස නොවේ. ඔහු වෙතින් නියෝජනය වූ දේවල් ප්‍රමාණයක් අපගේ ජිවිත සමග ඓතිහාසිකව බැඳී ඇති හෙයිනි. 

එනයින් ඔහු දේශපාලනයෙන් සමුගන්නේ යැයි කියන මේ මොහොතේ යම් සටහනක් ඔහු වෙනුවෙන් තැබීමට මා අදහස් කරමි.

අපගේ පරම්පරාවට රනිල් වැදගත් වන්නේ යම් හේතුවක් නිසාය. එනම් හැත්තෑව දශකයේ ඈත ගමක ඉපිද උප නගරයක පාසලකට ගොසින් අසූව දශකයට පා තැබූ අපට මුණ ගැසුණේ ජේ. ආර්. විසින් හඳුන්වා දුන් නව සමාජ ආර්ථික ක්‍රමය වූ බැවින් ය. සමස්ථ අසූව දශකයත් ඉන් පසුව එළඹී අනූව දශකයත් ඒ නව සංස්කෘතික ආක්‍රමණයේ (ප්‍රාග්ධන ආක්‍රමණයේ) අධිපති බවට යටවූ මිනිසුන් පිරිසක් බවට අප පත්වීමු. මට පුද්ගලිකව ඒ ගැන අසතුටක් නැත. 

ඉතාම පැහැදිලිව කිව යුත්තේ අප වමේ සංස්කෘතියේ මිනිසුන් නොවූ බවයි. අප විමුක්ති ගී නොඇසුව අතර රබර් සෙරෙප්පු සංස්කෘතියෙන් ඩෙනිම් වෙත පැමිණි පරම්පරාව විය. අසූව දශකය වෙතින් අනූව වෙත අප එන්නේ රූකාන්ත මුණ ගැසීමටය.

අපි ජෝන් ලෙනන්, නීල් යන්ග්, බොබ් ඩිලන් වෙතින් ක්වින්, ස්ටින්, රොඩ් ස්ටුවට්, ස්කෝපියන් සහ ඇතැම් විට එයරොස්මිත් හෝ ACDC දක්වා විපරිණාමය වෙමින් පැවති පරම්පරාවක් විය. 88-89 විසින් අප තුල ක්ෂිතියක් ඇතිකළා මිස අප නැවත ආපසු පරණ ලෝකයට හැරවුණේ නැත. Mahesh 2019 241.text

 අපේ පරම්පරාව ඊළඟට ඉතාලි පැන්නේය. යුරෝපයට ගියේය. ඇමෙරිකාවට ගියේය. බැරිම තැන කොරියාවට ගියේය. මා කියන්නේ 'මිල්ලේ සොයා' යනු අපේ පරම්පරාවේ ෆැන්ටසි චිත්‍රපටය බවයි. 


අපගේ ඓතිහාසික ගමන් මඟ (historical trajectory) වැටි ඇත්තේ වෙනස් ආකාරයකයට. එනිසාම අප රනිල් පමණක් සිහින දැකිය යුතු යැයි නියමයක් ද නැත.

මේ සංධිස්ථානය තුල අපට X කණ්ඩායම මුණ ගැසෙන අතර අප වමේ දේශපාලනයට වඩා X දේශපාලනයට ආශාක්ත වීම තුල ඇත්තේ සංස්කෘතික තර්කයක් විය හැක. අදටත් අපට ජ. වී. පෙ. විය නොහැකි යැයි මා කියන්නේ මේ නිසාය. 

අනුර කුමාර මහතා පසුගිය මැතිවරණය පුරාම ලිනන් ෂර්ට් ඇඳී පමණින් ඔහුට අපගේ ෆැන්ටසිය නියෝජනය කළ නොහැකි විය. මා යෝජනා කරන්නේ මෙය අප ගැඹුරින් සිතිය යුතු මනෝ විශ්ලේෂී දෙයක් ලෙසය.

දෙදාහ දශකය තුල ජාතිකවාදී දේශපාලනය විසින් වමේ දේශපාලනය ආක්‍රමණය කල අතර X කණ්ඩායම විනාශ වී ගියේය. ජ. වි. පෙ. කෙළින්ම ජාතිකවාදය වැළඳ ගත් අතර සංස්කෘතික දේශපාලනයක සිටි අප ඉහත වර්ගයේ ජ. වී. පෙ. දේශපාලනයක් කරනවා වෙනුවට රනිල් ගේ ලිබරල් දේශපාලනය ගැන සවිඥානික විය. 

මේ අරුතෙන් මා විසින් රාවය පුවත්පත සඳහා 'රනිල් නුතනවාදී ද?' යන මැයෙන් ලිපියක් ද ලිවීමට උත්සුක විය. මා එහිදී පාදක කර ගත්තේ යර්ගන් හබමාස් ගේ නූතන තර්කනයයි. ඇත්තටම රනිල් එවක ජ. වී. පෙ. ට වඩා නුතනත්වය තුල සිටි බව බව මම අද ද පිලිගනිමි. ඔහු කිසිවිට ජාතිවාදියෙක් නොවිය. එ. ජා. ප. යේ රනිල් ට වඩා පුළුල් පිතෘ මූලික ලිබරල් දේශපාලනයක් තිබු ලලිත් මිය ගිය අතර ඉන් පසුව රනිල් එම ලිබරල් කුලකයේ එකම නියෝජිතයා විය.

Mahesh 2019.11.24එක් යුගයක රනිල් අපේ ෆැන්ටසිය විය. අප යන්න පුළුල් වැඩිනම් 'මගේ ෆැන්ටසිය' ලෙස මා එය හකුළුවා ගන්නට සුදානම් ය. නමුත් රටේ සුවහසක් ජනයාගේ ෆැන්ටසිය වුවේ මහින්ද මහතා ය. අද දවස දක්වා එය මේ භූමියට අදාල ය. එයට බොහෝ හේතු තිබිය හැකි වුවත් මේ ඒ ගැන කතා කිරීමට වෙලාව නොවේය.

අප යනු ප්‍රාග්ධනයේ තර්කනය වෙතට පුර්ණ ලෙස ඇඳ වැටුණ පරම්පරාව විය. බටහිර නාගරික ෆැන්ටසිය වෙතට පුර්ණ ලෙස ඇඳ වැටුණ පරම්පරාව විය (ෆ්‍රෙඩි මර්කරි මෙන්). ඒ අර්ථයෙන් නාගරික රනිල් අපේ ෆැන්ටසි රූපය විය. එක් තැනක දී ඔහු අපගේ ෆැන්ටසිය ප්‍රාග්ධනය නිසාම පළුදු කර ගත්තේය.

මහින්ද මහතා උතුරේ යුද්ධය දිනා 'ප්‍රාතිහාර්ය' (නොකළ හැකි යැයි සම්මත වූ දෙය කළ හැකි දෙයක් බවට) පෙන්වන විට රනිල් ට එවැන්නක් කළ නොහැකි විය. දේශපාලනය තුල අවශ්‍යම වූ 'ඒ ප්‍රාතිහාර්යමය දෙය' ඔහු අතින් ඉටු නොවීම හේතුවෙන් අද වන විට ඔහුගේ පැවැත්ම අභියෝගයට ලක් වී ඇත. එයට බලපෑ හේතු බොහෝ තිබිය හැක.

'ප්‍රාතිහාර්ය සඳහා වූ න්‍යායක් ඇත්දැයි මා දන්නේ නැත' යනුවෙන් ඇලන් බදිව් කියන විට 'ප්‍රාතිහාර්ය පෙන්වීමට නම් භයානක සිහින දැකීමට ඔබ පුරුදු විය යුතුය' යනුවෙන් ජිජැක් බදිව් ට පවසන්නේ නිකමට විය නොහැක.
රනිල් යනු භයානක සිහින සඳහා හුරු වූවෙකු දැයි මා දන්නේ නැත.

(මහේෂ් හපුගොඩගේ ගේ FB පිටුවෙන් උපුටා ගනු ලැබිය)



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්