යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ, පළ වී තිබූ පුවත්පත් දැන්වීමක් දැක, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා

“‍මොකටද මගේ මූණ මේකට, ජනපතිට ඕනෙ නම් එයාගෙ එක දාගන්න. මගේ මූණ දාන්න එපා. අනික කොහොමත් ඔය දැන්වීම්වලට වියදම් කරන්න එපා. වැඩේට වියදම් කරන්න, Let the work to talk” යනුවෙන් පැවසීය. ඒ රනිල්ගේ හැටිය, ඔහු හිතන හැටි ය, ඔහු කරන දේ කුමක් දැයි පුරාජේරු නොගසයි, ඒ නිසාම එය බොහෝ දෙනෙකුට නොතේරෙයි. ඔහු සහ සමාජය අතර ඇති මේ පරතරය නිසා ඔහු කරන බොහෝ දේ විවේචනයට ලක්වේ.

JR RW

රනිල්, අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ ධවල පත්‍රිකාවේ දිගුකාලීන අරමුණු හඳුනා නොගෙන එයට එරෙහිව බිල්ලෙක් මවා රනිල් නිදහස් අධ්‍යාපනයේ ද්‍රෝහියා ලෙස හංවඩු ගසන ලදී. එහෙත් අද ආපසු හැරී බලන විට, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික විද්‍යා පීඨ, බෙල්වුඩ්, ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආදී බොහෝ දෑ ඔහු නිර්මාණය කළ දෑය. එසේම ඔහු යෝජනා කළ, එහෙත් සිදු කිරීමට ඉඩ නොදුන් ප්‍රතිසංස්කරණ පසු කාලීනව එකිනෙක ක්‍රියාවට නංවන්නට විය.

රනිල්, කර්මාන්ත ඇමතිවරයා ලෙස ආයෝජන කලාප නිර්මාණය කරන විට, ඒවා “සුද්දන්ට ජංගි මහන තැන්” ලෙස අපහාසයට ලක් විය. නාසි වධකාගාර
මෙන් ශ්‍රමය සූරා කන කලාප ලෙස බිල්ලන් මවන ලදී.

එහෙත් අද රටේ අපනයන ආදායමේ ප්‍රධානම පංගුව එම ආයෝජන කලාපවල නිපදවන නිමි ඇඳුම් ය.



රනිල්, එල්.ටී.ටී.ඊ.ය සමඟ සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන ලදී. එවිට ඔහු රට පාවාදුන් නිවටයෙකු ලෙස හංවඩු ගසා දොන් ජුවන් ධර්මපාල ලෙසින්ද නම් කරන ලදී.
එහෙත් ටික කලකට පසු එල්.ටී.ටී.ඊ.යේ න්‍යායාචාර්යවරයා වන ඇන්ටන් බාලසිංහම් රනිල් කපටි නරියකු බවත්, ඔහු සටන් විරාම ගිවිසුමෙන් එල්.ටී.ටී.ඊ.ය දුර්වල කර භේදභින්න කර දැමූ බවත් අනෙක් අතට ඒ කාලය තුළ හමුදාව ශක්තිමත් කළ බවත් පැවසීය.



2002 වසරේදී ඔහු "Region in Sri Lanka" වැඩපිළිවෙළ ඉදිරිපත් කළ විට එය රට විකුණන මහා පාවාදීමේ වැඩසටහනක් ලෙස නම් කරන ලදී. එය බටහිර බිල්ලන් විසින් ලංකාව යළි අත්පත් කර ගැනීමට සැකසූ වැඩසටහනක් ලෙස අර්ථකථනය කරන ලදී.

2003

ඉන් වසර 25 කට පසුව රට බංකොලොත් වී, විනාශයේ පතුලටම ගිලී ගිය විට, අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ක්‍රියාවට නංවන්නේ, එදා පිළිකෙව් කළ වැඩපිළිවෙළේ ම දිගුවකි. විනාශයේ පතුලටම ගිලී තිබූ රට යළි හුස්ම ගන්න පටන් ගෙන ඇත්තේ එම වැඩපිළිවෙළ නිසා ය. 2048දී සංවර්ධිත රටක් බවට පත් කළ හැක්කේ ඒ මගේ ගමන් කිරීමෙනි.

මේ සියලු‍ පැරණි අත්දැකීම්වලදී මෙන්ම මෙවරද රනිල් රට භාර ගත් විට ඔහු රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක් සිදු කිරීමට පැමිණි අයෙකු ලෙස හංවඩු ගසන ලදී. ඔහු රනිල් රාජපක්ෂ ලෙස නාමකරණය කරන ලදී. එහෙත් කලින් අවස්ථාවලදී මෙන් නොව මෙවර රට කඩා වැටුණු වේගයත්, රට සාමාන්‍යකරණය කිරීමට ඔහු ගත් කාලයත් නිසා බොහෝ දෙනෙකු ඔහු දෙස විමසිලිමත්ව සහ බලාපොරොත්තු සහගතව බලන ආකාරයක් පෙනේ. ගාලු‍මුවදොර අරගලයේ, පෙරළිකාර කලාකරුවෙකු වූ කලණ ගුණසේකර “මම රනිල්ට සැලියුට් කරනවා” යැයි පවසන්නේ එබැවිනි.



“රනිල්ට කට්ටිය සෑහෙන්න පහර එල්ල කළා, දරුවො ගැන කියලා, ඒවායින් ගැහුවා, පෞරුෂත්වය පැත්තෙන් ගැහුවා, මම කියන්නෙ විරුද්ධ පාක්ෂිකයන්ගෙන් මෙච්චර බැටකාපු ජනාධිපති කෙනෙක් මම දැකලා නෑ. ලෝක ඉතිහාසය ඇතුලේ සාමාන්‍ය දන්න ඉතිහාසයේ දැකලා නෑ. මම රනිල් වික්‍රමසිංහට ගරු කරනවා නම් ගරු කරන එක හේතුවක් තමයි, පාලනය පැත්තෙන් මේ Control කරපු එකට මම එයාට Salute එකක් ගහන්න ඕනා. මොකද මේ වෙලාවේ අපිට හරිම විකල්පය කියලා දෙයක් නෑ. ඒත් එක්කම මම තව Salute එකක් ගහනවා මෙච්චර ඉවසන්න පුළුවන් මනෝභාවයක්'තියෙන'එකට” 

 

 

රැල්ලට මාලිමා වේදිකාවට බොහෝ කලාකරුවන් එක්රැස් විය. රැල්ල බැස යන විට ඔවුන් බොහෝ දෙනෙකුට, රැල්ලට රෙදි උස්සා ගත්තා වැඩි දැයි සිතෙන්නට පටන් ගෙන ඇතත්, එය බොහෝ දෙනෙක් මෙයට පෙර ගෝඨාභයගේ වේදිකාවේ ද, මහින්දගේ වේදිකාවේ ද සිටි අයයි.

 

රනිල් කවදත් තමන්ගේ වේදිකාව සෙලිබ්‍රෙටීස්ලාගෙන් පුරවාගෙන අලංකාරවත් කරගත් අයෙක් නොවේ. ඔහුගේ වේදිකාවේ සැරසිල්ල ඔහුමය. ඔහු කියන දේය, ඔහු කරන දේය.



පසුගිය දිනක රජිව් සෙබස්තියන් මෙසේ සටහනක් තබා තිබුණි.



“අද මම Cinnamon Grand හෝටලයට ගියේ මගේ රසිකයෙකු වන Ivan Perera මහතාගේ ආරාධනයකට අනුව ඔහුගේ අසූවැනි උපන්දින සාදයේදී ආරාධිත ගායන ශිල්පියෙකු හැටියට ගීත කිහිපයක් ගායනා කිරීම සඳහායි. ඔහුගේ විශේෂ ඉල්ලීමකට අනුව මගේ අවසාන ගීතය වශයෙන් ලෝක පූජිත බටහිර ගායක Frank Sinatra ගැයූ My Way ගීතය තෝරා ගත්තා.

ගීතය ගයන අතරතුර Ivan Perera මහතාගේ යාබද අසුනේ සිටි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ෂඩ්බ ඡැරුර් මහතා සමඟ රිද්මයට අත්පොළසන් දෙමින් ගීතය රසවිඳින අයුරු මම ඈත තියාම දුටුවා. ගීතය ගයා අවසන් වූ වහාම එහි සිටි සියලු‍දෙනාම පාහේ මහා හඬින් අත්පොළසන් දුන් අතර Ivan Perera මහතා මට ජනාධිපතිවරයා අසුන්ගෙන සිටි මේසය වෙත පැමිණෙන ලෙස අතින් සංඥා කළා. මම එහි ගිය විගස ජනාධිපතිතුමා මගේ ආගිය තොරතුරු විමසූ අතර අප අතරින් වෙන්වූ බටහිර ගායන ශිල්පීන් මෙන්ම පැරණි සංගීත කණ්ඩායම් පිළිබඳවද සුහද සංවාදයක යෙදුණා. අවසන් වශයෙන් සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගනිමින් මින් පෙර කිසිදාක ලංකාවේ නොපැවති ආකාරයේ සංගීත ප්‍රසංගයක් මේ වසර අගදී පැවැත්වීමට අපි අතර යම් එකඟතාවයක් ඇති වුණා.

මින් පෙර කොතෙක් අවස්ථා ලැබුණත් මෙරට කිසිදු ජනාධිපතිවරයකු හෝ අග්‍රාමාත්‍යවරයකු සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට මට කිසිදු උනන්දුවක් හෝ උවමනාවක් තිබුණේ නැහැ. නමුත් අද දින වත්මන් ජනාධිපතිවරයා සමඟ ඇති වූ වැදගත් සංවාදයෙන් පසු එතුමාගේ සංගීතය පිළිබඳව තිබුණු උනන්දුව සහ දැනුම සම්බන්ධයෙන් මසිතේ උපන් ගෞරවය හේතුවෙන් ජීවිතයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයකු සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට මම තීරණය කළා”

 

 

රජිව් මේ කියන ගීතය, එනම් "I did it, I did it my way" ගීතය රනිල්ගේ පමණක් නොව ඔහුගේ මාමා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ද ප්‍රියතම ගීතයකි. 77 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඔහු සිය උද්දාමය ප්‍රකාශයට පත් කළේ එම ගී පදවලිනි. ඉන් පසු ඔහු සිය පළමු නිල සංචාරයට එක්සත් ජනපදයට ගිය විට, රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා විසින් සූදානම් කළ රාත්‍රී භෝජන සංග්‍රහයට ෆ්‍රෑන්ක් සිනවද්‍රා ද සහභාගී විය. ඒ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ ප්‍රියතම ගීතය වූ "I did it, I did it my way" ගීතය ගායනා කිරීමට ය.

JR ragan

And now the end is here
And so I face that final curtain
My friend I'll make it clear
I'll state my case, of which I'm certain
I've lived a life that's full
I traveled each and every highway
And more, much more
I did it, I did it my way
Regrets, I've had a few
But then again too few to mention
I did what I had to do
I saw it through without exemption
I planned each charted course
Each careful step along the byway
And more, much, much more
I did it, I did it my way
Yes, there were times I'm sure you knew
When I bit off more than I could chew
But through it all, when there was doubt
I ate it up and spit it out
I faced it all and I stood tall and did it my way
For what is a man, what has he got?
If not himself then he has naught
Not to say the things that he truly feels
And not the words of someone who kneels
Let the record shows I took all the blows and did it my way

 

අටට වැටී සිටි යූ.එන්.පී.ය ජයග්‍රහණය කරවා I did it යැයි කියන්නටත්, ව්‍යවස්ථා වෙනසකින් තෙමේම ජනාධිපති වී I did it my way යැයි කිව් ජේ.ආර්. මාමාට වඩා මියැදෙමින් තිබූ රටක් යළි ප්‍රකෘතිමත් කළ නිසා I did it කියන්නට රනිල් බෑණාට අයිතිය ඇත. ඒ අභියෝගයට උර දෙන්නට ඔහු එක් මන්ත්‍රී ධූරයකින් පටන්ගෙන, ජනාධිපති වූයේ ද පෙර නොවූ විරූ ක්‍රමයකට බැවින් I did it my way කියා කියන්නටද ජේ.ආර්. මාමාට මෙන්ම ඔහුටද හැකිය.

 


- chatham street Journal - 2023-06-11

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්