ලංකාවේ මුල්බැස තිබෙන අදහසකට අනුව රනිල් වික්‍රමසිංහ හෝ එ.ජා.ප.ය බලයට පැමිනි විට බටහිර ගැති, සිංහල බෞද්ධ විරෝධී,

රාජ්‍ය දේපල විකුනන, විජාතික රාජ්‍ය පාලනයක් පිළිබඳ අදහසක් ජනිත වේ. මෙහි නිමැයුම්කරුවන් ජ.වි.පෙ. වන විට ඉන් ප්‍රයෝජන ගත්තවුන් තවත් සිටී. උදාහරනයකට 1981 දී ගෙනෙන්නට උත්සාහ කරන ලද “අධ්‍යාපන ධවල පත්‍රිකාව” අරඹයා ඇතිවූ ජ.වි.පෙ. ශිෂ්‍ය සටන් නිසා එය හකුලා ගැනීමට සිදුවූ අතර, අධ්‍යාපනය “විකිනීම”යන සටන් පාඨය මතුවුනේ එතැනිනි.

education demo FUTA

එතැන් සිට “සයිටම් වෛද්‍ය විද්‍යාලය” දක්වා වන සටන් සදහා යොදාගැනුනු මේ චක්‍රය පොහොට්ටු දේශපාලනය තුල දී ජනයා පාලනය කිරීමේදී හා එජාප යේ බල ව්‍යුහය ජනතාවගෙන් ඈත්කර තැබීමේ උපක්‍රමික සිද්ධාන්තය වශයෙන් භාවිතා විය. මේ එජාප යට වැදුණු මුද්‍රාව අවලංගු කරගැනීමේ දේශපාලනික උවමනාව සජිත් ප්‍රේමදාසට තිබූ මුත් එය මතුවූයේ රනිල් ට එරෙහි කැරැල්ලක් ලෙසිනි.

ජේ.ආර්. සහ ආර්.ප්‍රේමදාස අතර තිබූ ප්‍රතිවිරෝධතා අතර ප්‍රේමදාස ඉදිරියට එන්නේ 87/89 භීෂණය මැද ඉහල මැද පංතිය විසින් සිය අත් සෝදාගැනීම සදහා ප්‍රේමදාස යොදාගැනීමට තීරණය කිරීමෙනි. විජේවීරගේ හිංසනයට ප්‍රතිවිරුද්ධ හිංසනය කෙසෙල්වත්තෙන් පැන නැගීම තර්කානුකූල අන්තයක් කරා ගමන්කර බොරැල්ල කනත්තෙන් අවසන් වන්නේ එතැනිනි.

sjs

රනිල්-සජිත් අතර ඇති ප්‍රතිවිරෝධය සමනය විය හැක්කේ සජිත් රනිල් ළඟ දනගැසීමෙන් මෙපිට නොවේ. පවතින්නේ ආර්ථික අර්බුදයක් බැවින් මේ මොහොතේදී බල හුවමාරුව තුල පංතිමය වශයෙන් සජිත්ට වඩා රනිල් වැදගත් ය. භූ-දේශපාලනික තේරීමද රනිල් වන්නේ එම නිසාය. මේ 87-89 නොවන බව සජිත් නොදන්නවා වීම පුදුම සහගත නොවූවත් එරාන්, හර්ෂ වැනි පුද්ගලයන් සජිත් ළඟ සිටීම පුදුම සහගතය. ඊටද පිලිතුරු ලැබෙනු ඇත්තේ ලිපියේ මාතෘකාවෙනි.

1948 නිදහසෙන් පසු මුලු යුගයම ලාංකිකයන් වශයෙන් අපි ගෙවා දමා ඇත්තේ සංස්කෘතික දේශපාලනය තුල ඔංචිල්ලා පැදීමෙනි. ජාතිය හා ආගම අධිනිශ්චය වෙන දේශපාලන භූමියක ඒ තුල රැදී සිටීම නොදැනුම පිළිබඳව වන කාරනාවක් පමනක් නොවේ. ඒ තුල ආත්මීය (subjectivity) කාරනාවක්ද ගැබ්ව තිබේ. නූතනවාදී ව්‍යාපෘතියක් තුල යෝජනා කෙරෙන්නේ මේ සංස්කෘතික දේශපාලනය තුල ගල්වී ඇති මිනිස් විෂය ඉන් බිහිවී ඇති අගතීන් වලින් ඛන්ඩනය කිරීමයි. ආර්ථික තලයේනම් ශ්‍රමය ශික්ෂණය කිරීම හා නිදහස් කිරීමයි.

රනිල්ගේ කයිය ගැන මගේ කයිය... - (කේ. සංජීව)

රනිල්ගේ ව්‍යාපෘතිය තුල ශ්‍රමය පිළිබඳව වන ආර්ථික අදහස ගැන බරක් තබා ඇති බව පෙනෙතත්, එහි ආත්මීය මානය පිළිබඳව සංවේදී නොවී ඇති බව නිරීක්ෂණය වේ. ආගම පිළිබඳව හා පුරාවිද්‍යාව පිළිබඳව ඇති අදහස් සමාජය පුරා ගමන් කිරීමේ දිශාවට විරුද්ධ අදහසක් ආන්ඩුව තුලින් මතුවෙනවා පෙනෙන්නට නැත. මෙයින් වෙන්නේ බොහෝ දෙනෙකු (සජිත්,අනුර,චම්පික,ඩලස්,මෛත්‍රි,නාමල්) සෙල්ලම් කිරීමට කැමති පිටියක් නිර්මාණය වීම හරහා රාජ්‍ය නැවත සංස්කෘතික දේශපාලනය මත පරායත්ත වීමයි.

මේ මූලික බෙදීම නිසි පරිදි කලමනාකරනය කරගැනීමට අසමත් වන්නේ නම් එහි මතවාදී බලය නැවතත් උතුර-දකුන ලෙස බෙදෙනු ඇති අතර එහි බලපෑම පිළිබඳව ඉන්දියාව නිහඩව නොසිටිනු ඇත. නැතිවන්නට කිසිවක් නොමැති වුවද යමක් තිබේයැයි උපකල්පනය කිරීම අදාල වන්නේ ආත්මීය සංගතබාවයට අදාලව විනා වාස්තවික යථාර්තයට අදාලව නොවේ. ධනවාදය ලාභය ඉලක්ක කරන විට ඊට ජාතිය හෝ ආගම අදාල නැත.

නූතනවාදී ව්‍යාපෘතියක් ලංකාවේ පැලවීමටනම් මේ මතවාදී තලයේ අධිනිශ්චය වී ඇති සංස්කෘතික දේශපාලනය පිළිබඳ තියුණු විවේචනයක් සමග පැමිනිය යුතු වුවත් එවැන්නක් පිළිබඳව බලාපොරොත්තු තැබීමට හැකි විභවතාවයක් රනිල්ගේ ව්‍යාපෘතිය තුල නැත. අනිත් සියලුම විපක්ෂයේ කණ්ඩායම් රනිල් සමග මේ ක්‍රීඩා කරන්නේ මෙම හිඩැසේ ය. නැවතත් “රාජ්‍ය” සිංහල බෞද්ධ වන්නේ නම් සියලුම අසාර්ථක වීම් වලට අදාල බාහිර සතුරෙකු සොයාගැනීමට සිංහල බෞද්ධ රාජ්‍යයෙන් පිටමං කරනා “අනෙකා”හරහා හැකි වුවද, එය කෙලවර විය හැක්කේ විනාශයකින් පමනි.

නූතනවාදී ව්‍යාපෘතියක් ආර්ථික තලය තුල සංචරනය ආරම්භ කලද ඊට හිමි මතවාදී එලැඹුම නොලැබී සංස්කෘතිය තුල හිරවේනම් එහි අවසානය එහිම ලියවී තිබේ. සටන් කල යුත්තේ “අදහස්” අතර විනා වෙනත් තැනක නොවේ. එහිදී රනිල් ද ඒවටා සිටින්නන් ද සිටින්නේ ගව් ගණනක් දුරිනි.


(carbonnews.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්