ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් Women in Aviation Multimedia Engagement Contest වෙනුවෙන් ලාංකිකයෙක්

ඉදිරිපත්කල තත්පර 45 පමණ වීඩියෝවක් එම තරඟයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. රූප ශාස්ත්‍රයේ තේමා සොයායාම අතින් ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් ලෝකයේ අනෙක් ඕනෑම රටක් එක්ක කරට කර ඉන්නවා කියන්න මේක උදාහරණයක්.

අනෙක ස්ත්‍රිය සහ ඇගේ අනාගතය සම්බන්දයෙන් ධනාත්මකව සහ වෘත්තීයමය ලෙස බලන්න පුළුවන් පිරිමි නිර්මාණකරුවන් ඉන්නවා කියන එක අනිත් අතින් ඔප්පු වෙනවා.

එවන් වීඩියෝවක් තුල කාලය කළමණාකරණය කරමින් තමන්ට ඕනි පණිවිඩය එම කාලය ඇතුලේ දෙන්න එම නිර්මාණකරුට හැකියාව ලැබී තියනවා. ඒකත් ප්ලස්‌ පොයින්ට් එකක්.

avikl

ජිවිතයේ යාත්‍රාව (journey of life) කියන එක කුඩා කාලයේ ඉඳල යම් තරුණ වයසක් දක්වා මේකේ පෙන්නනවා. සිහිනයක් ඒ ඇතුළට ගේනවා. ජයග්‍රහණයක් ඒ ඇතුලේ තියනවා. හැමෝම දොස්තරලා වෙන්න ඕනි නැහැ කියන එක සහ වෘත්තීය අධ්‍යාපනය කියන එක කොච්චර වැදගත් ද කියන එකත් මේ පොඩි කාලය ඇතුලේ පෙන්නනවා.

දොස්තර කෙනෙක් වෙන්න සිහින නොදැක්කත් තමන්ගේ දරුවාගේ ඕනෑම සුබ සිහිනයක් එක්ක හිටගන්න අම්මාවරු සහ පියවරු මේ බිමේ ඉන්නවා කියන එක තවත් පණිවුඩයක්.

අපේ කුඩා කාලේ උනත් අහස දිහා බලමින් ගුවන් යානා ගැන පරිකල්පනය කරපු දේවල් යම් තේමාවක් ඇතුලේ ලෝකයේ නිර්මාණයක් වෙනුවෙන් නැවත ප්‍රතිනිර්මානය මේ නිර්මාණකරු ලස්සනට කරලා තියනවා. මේ ඒ වෙනුවෙන් ක්‍රෙඩිට් එකක්.

avi ow

ඒ පරිකල්පනය ස්ත්‍රියක් පැත්තෙන්, ඇගේ සිහිනය පැත්තෙන්, පිරිමි ඇසක් තුල නැවත ලෝකයට ප්‍රතිනිර්මාණය කරන එක ඇත්තටම සතුටුදායක වැඩක්. අපි ආසියාවේ රටක් හැටියට දියුණු ලෝකයට අපේ හැකියාව පෙන්නන්න මැලි වෙන්නේ නැහැ කියන එක සහ නිර්මාණශීලි ශ්‍රමය යන්න තවත් ස්ත්‍රී පුරුෂ බෙදුමක් නෙවෙයි කියන එකත් වැදගත්.

ඒ ඔක්කොමට වඩා ලෝකය වෙනුවෙන් නිර්මාණ කරන්න, ලෝකය හා එකතු වෙන්න, සහ ලෝකය ජයගන්න සුද්දෝධන රජ්ජුරුවන්ගේ දරුවා කවදාවත් බාධාවක් උනේ නැහැ කියන එකත් මේකේ තියනවා.

ඕනිනම් විශ්වීය ආදරය වෙනුවෙන් බුදුන් පාමුළ මලක් පහනකුත් තියල යන්න ඔයාගේ හිතට තවත් ධෛර්යයක් එයි. තිබ්බේ නැහැ කියල කවදාවත් ඒ කරුණාවේ අඩුවක් වෙන එකකුත් නැහැ.

කොහොම උනත් බුදුන්ට බැන බැන ඉන්නේ නැතුව අපේ වැඩේ අපි කරමු.




හදවත ලොකුනම් ඉන්න නිමේෂයත් ඇති...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි පුවත:
ශ්‍රී ලංකාවේ ගුවන්සේවා වීඩියෝව ලෝකෙන්ම අංක 1කට


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්