නුවර පෙරහැර වගේම අලි ඇත්තු ඉන්න ලංකාවේ අනික් පෙරහැරවලුත් මිනිස්සු අතර ගොඩක් ජනප්‍රියයි.



ඒ වගේම ගෙදර ඇවිල්ල පෙරහැරේ අලි කීයක් හිටියද කියල අපි කියන්නෙත් ආඩම්බරෙන්. ඒක ඇත්තටම ආඩම්බර වෙන්න ඕනි කරුණක් වුණාට ඒ අලි ඇතුන් විඳින දුක බලද්දී අපි බෞද්ධයෝ හැටියට ආයෙත් මේ ගැන කල්පනා කරනවා නම් හොඳයි.

 ඕනි නම් කියන්න පුළුවන් එලිසබෙත් රැජිණගේ අශ්වයොත් දුක් විඳිනවා නේද කියල. නමුත් එහෙ කළා කියල මෙහෙත් එහෙමම කරන්න ඕනි නැහැනේ. 

අපිට පුළුවන් ලෝකයේ අනෙක් රටවල වගේ මේ සඳහා අනුරූ වගේම ආකෘති පාවිච්චි කරලා මේ පෙරහැර නවීකරණය කරන්න. මිනිස් ආරක්ෂාව වැඩි කරන්න. සතුන් සම්පුර්ණයෙන් ඉවත්කරන්න. එකම දේ අලුත් දේවල් කරන්න බය නැති වෙන එක. 

ඔව්..ප්‍රධාන විවේචනයක් වෙන්නේ සංචාරකයෝ වගේම හැමෝම එන්නේ ජීවමාන අලි ඇතුන් බලන්න කියන එක.

හැබැයි අපි ලෝකෙට පණිවිඩයක් දුන්නොත් ඔව්..අපි සත්ව ආරක්ෂාව සහ අවිහිංසාව වෙනුවෙන් අලි ඇතුන් වෙනුවට ඒ ආකෘති විතරයි ගන්නේ කියල, ඇත්තටම එයාල තේරුම් ගනී අපි බෞද්ධයෝ හැටියට ඇත්තටම සතුන්ට ආදරෙයි කියල.

ලෝකයේ දියුණු ජාතීන් අපේ පණිවිඩය තේරුම් ගනී. එහෙම තේරුම් අරගෙන ඇත්තටම පෙරහැර බලන්න එයි. වෙනදාටත් වැඩියෙන් එයි. පෙරහැර කියන්නේ අලුත් පෙරහැර බලන්න අලුත් මිනිස්සු හැදෙයි. අලුත් මිනිස්සු ඉපදෙයි.

අලුත් දේවල් කරන්න බය වෙන්න එපා. එයාල විශ්වාස කරන්න. එයාල එයි.  

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්