2020 වසර උදාවූයේ “රන්ජන් හඬ පටි” ගැන ලොකු ආන්දෝලනයක් ලක් සමාජයේ ඇති කරමින්. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමා සම්බන්ධ වූ දුරකථන සංවාද රාශියක් ඩිජිටල් අයුරින් හසු කර ගබඩා කොට තබා ගත් බවත්, එය හදිසියේම පොලිසිය අතට මෙන්ම මහා මාධ්‍ය හා වෙබ් අඩවි රාශියක් අතරටත් ලැබී තිබෙන බවත් දැන් අප දන්නවා.

‘පටිගත කරනවා’ කිව්වට දශකයක පමණ කාලයක සිට එයට පටි(tapes) යොදා ගන්නේ නෑ. පටි යොදා ගත්තේ අප පසු කර ගෙන ආ ඇනලොග් (analogue) යුගයේයි.

දැන් කාලේ ශබ්ද හා රූප හසු කර ගන්නේ ඩිජිටල් මෙවලම්(බොහෝ විට ස්මාට්ෆෝන්) යොදා ගෙන. එහිදී කටහඬ ඩිජිටල් මෙවලමේ තිබෙන මයික්‍රෆෝනයෙන් හසු කර ගෙන, අංක ධාරාවක් බවට පත් කරනවා. මේ අංක ධාරාව ගබඩා වන්නේ සංයුක්ත(CD) තැටියක, කුඩා තැටියක(mini-disk), දෘඪ තැටියක(hard drive) හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ගබඩා මාධ්‍යයකයි.

රාමනායක ‘කතා පෙට්ටියේ’ දුරකථන සංවාද 125,000කට වඩා ඇති බව කියවෙනවා. පොදු අවකාශයට කාන්දු වී තිබෙන්නේ කිහිපයක් පමණයි. සමහර මාධ්‍ය තලු මරමින් ඒවායේ අන්තර්ගතය ගොසිප් මට්ටමින් බෙදා හරින අතරේ, විවිධ ආකාරයේ දේශපාලන කේවල් කිරීම් සඳහා ද ඒවා යොදා ගැනීම සිදුවනවා.

මෙබඳු තාවකාලික සන්ත්‍රාසයන්ගෙන් ඔබ්බට යන සමාජයීය අභියෝග ගණනාවක් මේ හරහා මතු වනවා. අපේ ඩිජිටල් යථාර්ථයන් ගැන කලෙක සිට අධ්‍යයනය කරන විශ්ලේෂකයෙකු හැටියට ඒ ගැන ටිකක් කතා කරන්නට මා අදහස් කරනවා.

Nala text1ලොව පිළිගත් ආචාර ධර්මීය පිළිවෙත:

යමකුගේ භාෂිත වචන ලිඛිතව සටහන් කර ගන්නවා (කියවන විට ලිවීම) වෙනුවට, එම හඬින්ම හසු කර ගන්නේ නම් කතාබහට සම්බන්ධ හැම පාර්ශවයටම ආරම්භයේදී එය දැනුම් දීම ලොව පිළිගත් ආචාර ධර්මීය පිළිවෙතයි.

රාමනායක එසේ කර ඇති බවක් පෙනෙන්නට නෑ. නොකළා නම් එය ආචාරධර්ම මට්ටමින් වැරදියි. ඔහුට කතා කළ අය ඔහු ගැන තබන ලද විශ්වාසය කඩ කිරීමක්.

එහෙත් නොදන්වා දුරකථන සංවාද හසු කර ගැනීම නීතිවිරෝධී වීමට නම් එයට අදාළ නිශ්චිත නීති මෙරට තිබිය යුතුයි.

තොරතුරු සන්නිවේදන විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව පසුගිය සති අන්තයේ පුවත්පතක විග්‍රහ කළ පරිදි, “ලංකාවේ මේ ආකාරයට අනවසරයෙන් දුරකතන ඇමතුම් පටිගත කිරීමට අදාළව නීතියක් නැහැ. නමුත් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ එවැනි නීතියක් තිබෙනවා. ඒ අනුව තවත් පුද්ගලයෙක්ට තමන් ගන්නා දුරකතන ඇමතුමක් වුවත් අනෙක් පුද්ගලයාගෙන් අවසරයක් නැතිව හසුකර ගැනීම තහනම්.”

ඔහු කියන්නේ දුරකතන සංවාදයක් කරන දෙදෙනාගෙන් එක් අයෙක් එය හසු කර ගැනීම සහ ඒ සංවාදයට සම්බන්ධ නොවූ තුන්වැනි පාර්ශ්වයක් විසින් එය අනවසරයෙන් හසු කර ගැනීම යනු එකිනෙකට වෙනස් ක්‍රියා දෙකක් බවයි.

“සදාචාරාත්මකව ගත්තම පුද්ගලයින් දෙදෙනෙක් අතර සිදුවන සංවාදයකදී අනෙක් පුද්ගලයාට දෙයක් කියන්නේ එය රහසක් සේ තබා ගැනීමට නොවෙයි. රහසක් සේ තබා ගන්නා දෙයක් කියනවා නම් ‘මේක රහසක්, කාටවත් කියන්න එපා’ කියා කියනවා,” මහාචාර්ය සමරජීව තර්ක කරනවා.

ඔහුගේ විග්‍රහයට අනුව දෙදෙනකු අතර වන දුරකථන සංවාදය, එයින් එක් අයෙකුට හෝ දෙදෙනාටම ලෙහෙසියෙන් හසු කර ගැනීමේ හැකියාව අද තිබෙනවා. එසේ තිබෙන බව දැන දැනත් සංවේදී හෝ රහසිගත කරුණු පවා තවමත් ඇතැම් දෙනා දුරකථන හරහා හුවමාරු කර ගන්නේ තමා කතා කරන පුද්ගලයා පිළිබඳව යම් විශ්වාසයක් තිබෙන නිසයි.

විශ්වාසය සුණු විසුණු වී ගිය සමාජයක ....

රාමනායක කතා එකතුව කාන්දු වී සමාජගත වීමත් සමග ඔහු ගැන පමණක් නොව සන්නිවේදන ක්‍රමවේදයක් ලෙස සමස්ත දුරකථන සංවාද ගැනම මහජන විශ්වාසය ප්‍රබල ලෙස අඩු විය හැකියි.

මේ විදියට ගියොත් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග කිසිම දෙයක් විශ්වාසයක් ඇතිව කතා කරන එකක් නැහැ. විශ්වාසය සුණු විසුණු වී ගිය සමාජයක අන්තර් පුද්ගල සන්නිවේදන මෙන්ම පොදු අවකාශයේ සන්නිවේදනය බිඳවැටෙනවා. නිරන්තර සැකය, අවිනිශ්චිතබව හා දෙගිඩියාව නෑම ජන සමාජයක ඒකාග්‍රතාවයට අහිතකරයි.

කෙටිකාලීනව බලන විට එක් දෙයක් පැහැදිලියි. රාමනායක සමග බරපතළ කාරණා ගැන සංවාදවල යෙදුණු අධිකරණ විනිසුරුවරුන්, පොලිස් නිලධාරීන්, සෙසු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් වැනි පොදු අවකාශයේ වගවීම සහිත පුද්ගලයන් මීට වඩා සීරුවෙන් සහ සුපරික්ෂාකාරීව කතා කළ යුතුව තිබුණා. (නළු නිළියන් අතර ආගිය කතා ඊට වෙනස්.)

විශේෂයෙන් විනිසුරුවරුන් දුරස්ත සන්නිවේදන හරහා හෝ භෞතිකව මුණගැසී හෝ විවිධ අය සමඟ කතා කරද්දී සුපරීක්ෂාකාරී විය යුතු බව ප්‍රකට සම්ප්‍රදායක්. සංවේදී කාරණා සම්බන්ධයෙන් ‘මුවින් නොබැන සිටීමේ කලාව’ ඔවුන්ගේ ස්වාධීනත්වයට මහෝපකාරී වනවා.

වෙනත් අයකු තමන් සමග කරන දුරකථන සංවාද හිමින් සැරේ හසු කර ගැනීම කරන එකම පුද්ගලයා රංජන් රාමනායක පමණක් නොවේ. ඝාතනය කරන ලද පුවත්පත් කතුවර ලසන්ත වික්‍රමතුංග ද සිරිතක් ලෙස එසේ කළා.

Lasantha 2020තමන්ගේ ගවේෂණාත්මක වාර්තාකරණයට අවශ්‍ය සාක්ෂි රැස් කර ගැනීමට එසේ කිරීම සාධාරණ යයි ඔහු සිතන්නට ඇති. නීතිඥයකු ද වූ ඔහු මේ ක්‍රියාව රටේ කිසිදු නීතියක් කඩ නොකරන බව හොඳින්ම දැන සිටියා විය යුතුයි.

මෙය අප්‍රකටව කරන තව කී දෙනෙක් මෙරට සිටීද?

හැබැයි තමන් සම්බන්ධ නැති, අනුන්ගේ දුරකථන සංවාදවලට අනවසරයෙන් සවන් දීම සහ ඒවා හසු කර ගැනීම, රාමනායක ක්‍රියාවට වඩා වෙනස්. 

1972-74 වකවානුවේ ඇමරිකාවේ සිදු වූ වෝටර්ගේට් සිද්ධිය සහ රාමනායක කතා එකතුව අතර සංසන්දනයක් කිරීමට සමහර ලක් මාධ්‍ය උත්සාහ කර තිබුණා. මෙය සංකල්පීයව වැරදියි.

දෙපාර්ශවයක දුරකථන සංවාදවලට බාහිර අය හොරෙන් සවන් දීම 1876දී නිපදවන දුරකථනය තරම්ම පැරණි ක්‍රියාවක්. ඕපාදූපවලට ලැදි අය අනුන්ගේ පෞද්ගලික වගතුග හොයන්නට දුරකථන හුවමාරු(phone exchange) හරහා රහසින් සවන් දීම දුරකථනයේ මුල් යුගයේ සුලබව සිදු වුණා.

අද වන විට හොරෙන් ඇහුම්කන් දීම සංවිධානගතව කරන්නේ ලොව රටවල පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්. අපරාධ විමර්ශනයට සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට යම් සැක කටයුතු පුද්ගලයන්ගේ සන්නිවේදන ආවේක්ෂණයට(surveillance) ලක් කරනවා.

නමුත් ආවේක්ෂණය යුක්ති සහගත නොවන තරමට දුර යන අවස්ථා එමටයි. බලයේ සිටින රජයක නියෝග මත යම් විපක්ෂ දේශපාලකයන්, විවේචනාත්මක මාධ්‍යවේදීන්, ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිකයන් සහ පොදු උන්නතියට කැප වුණු බුද්ධිමතුන් වැනි අයගේ පෞද්ගලික දුරකථන කතාබහවලට මෙන්ම විද්‍යුත් සන්නිවේදනවලටත් අනවසරයෙන් පිවිසීම අපේ රටේත් වෙනත් රටවලත් නිතර කැරෙනවා.

එය පැහැදිලිවම ජාතික ආරක්ෂාවේ අවශ්‍යතා ඉක්මවා ගොස් දේශපාලන අවශ්‍යතා සඳහා එම බලතල සහ පහසුකම් යොදාගැනීමක්.


Nala text 3මුල් යුගයේ ආවේක්ෂණය කරනු ලැබුවේ දුරකථන සංවාදවලට දුරකථන හුවමාරු හරහා රහසිගතව සවන් දීමෙන්. එහෙත් තාක්ෂණ දියුණුවත් සමග වඩාත් සූක්ෂමව, පුළුල්ව හා ස්වයංක්රීය ලෙසින් දුරකථන සංවාද, ඊමේල්, හා ඉන්ටර්නෙට් හරහා කරන වෙනත් තොරතුරු හුවමාරු ආවේක්ෂණය කළ හැකිව තිබෙනවා. “ජාතික ආරක්ෂාවට යයි කියා රජය පුරවැසියන්ගේ ඔත්තු බැලීම හරිද?” මැයෙන් 2015 අගෝස්තු 2 වනදා ලියූ ලිපියෙන් මා පෙන්වා දුන් පරිදි, රජයට පමණක් නොව ටෙලිකොම් සමාගම්වලටද මේ හැකියාව තිබෙනවා.

පරිගණක හෝ ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකුට මේ අවදානම් ගැන නිසි වැටහීමක් නැහැ.

1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත (1996දී සංශෝධිත) හා 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත යන නීති දෙකම විද්යුත් ආවේක්ෂණය හා අනවසරයෙන් පණිවුඩ/දත්ත ග්‍රහණය කිරීම වරදක් යයි කියනවා. එහෙත් නීතිය ක්‍රියාත්මක කරන රජයේ ආයතනවලට අවශ්‍ය අවස්ථාවන්හිදී ආවේක්ෂණය කිරීමට ද ඉඩකඩ තිබෙනවා.(පුරවැසි අප එය කළොත් නීති විරෝධියි. එහෙත් රජයක් කළොත් එසේ නැහැ!).

එසේ ආවේක්ෂණය කරන විට කුමන විනයක්, සීමාවක් හෝ ක්‍රමවේදයක් රාජ්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු ද යන්න නීතිවලින් කියා නැහැ.

මේ ගැන සමහරුන් තර්ක කරන්නේ ‘අපට සඟවන්න දෙයක් නැති නිසා අපේ කතාවලට කවුරු කන් දුන්නත් මොකද’ කියායි. මෙය හරියට ‘භාෂණ නිදහසක් කුමටද? අපට කියන්නට කිසි දෙයක් නැහැ’ වැනිම අඥාන ප්‍රකාශයක්.

ඒ ගැන තැකීමක් කළත් නැතත්, ඕනෑම කෙනකුට පෞද්ගලිකත්වට අයිතියක් තිබෙනවා. පෞද්ගලිකත්වය (privacy) යනු නිරපේක්ෂ හා සීමාරහිත වූවක් නොවෙයි. එහෙත් අනුන්ගේ විමර්ශනවලින් මෙන්ම රජයේ අනවශ්‍ය ආවේක්ෂණයෙන්ද තොරව අපේ නිවසේ, පවුලේ පෞද්ගලික ජීවිතයක් ගත කරන්න අප කාටත් අයිතියක් තිබෙනවා. අප කැමති හිත මිතුරකු සමග පෞද්ගලික අවකාශයේ අප කැමති දේ කතාබහ කරන්න අයිතියක් තිබෙනවා.

මේ වටිනා පුද්ගල නිදහස රැකීමට රජයට මෙන්ම අප සේවා ලබා ගන්නා විවිධ සමාගම්වලටද වගකීමක් තිබෙනවා.  Nala text5

''අපේ පෞද්ගලිකත්වය රැකගන්න වෙලා තියෙන්නෙ අපටමයි.''

එහෙත් අපේ ආණ්ඩුක්‍රම ම ව්‍යවස්ථාවෙන් සහතික කොට තිබෙන මූලික මානව අයිතිවාසිකම් සමුදාය අතර පෞද්ගලිකත්වය රැක ගැනීමට ඇති අයිතිය (right to privacy) නැහැ. රටේ පොදු නීතිය යටතේ සීමිත හා නිශ්චිත අවස්ථාවල පමණක් පෞද්ගලිකත්වය රැකීම ගැන යම් විධිවිධාන ඇතත්, පොදුවේ පෞද්ගලිකත්වය රැක දෙන නීතිමය රාමුවක් තවමත් අපේ රටේ නැහැ.

මේ නිසා අපේ අතිශය පෞද්ගලික තොරතුරුවලට පවා අනවසරයෙන් යමකු පිවිසුනොත් නීතියේ පිළිසරණක් නෑ. අපේ පෞද්ගලිකත්වය රැකගන්න වෙලා තියෙන්නෙ අපටමයි.


රාමනායකගේ මාර කතා ගොඩ අපට සිහිපත් කරන අනිත් යථාර්තය නම් රහසිගත බව(confidentiality) පවත්වා ගැනීම අද ඩිජිටල් සමාජයේ කෙතරම් දුෂ්කර වී ඇති ද යන්නයි.

භෞතික ලෝකයේ සිදු වූ සන්නිවේදන සයිබර් අවකාශයට මාරු වන සංක්‍රාන්ති සමයක අප සිටින්නේ. භෞතික හා සයිබර් අවකාශ දෙකෙහිම පෞද්ගලිකත්වය රැක ගැනීමේ අවශ්‍යතාව අප වටහා ගත යුතුයි.

අද පෞද්ගලිකත්වය සුරැකීම පිළිබඳ සංවාදය වඩාත්ම තීරණාත්මක වන්නේ ඩිජිටල් හා සයිබර් ක්ෂේත්‍රයන්ට අදාළවයි. එය හුදෙක් අපට අපේ පාඩුවේ සිටීමට ඇති අයිතිය ඉක්මවා යන්නක්. දත්ත සුරැකීම, විද්‍යුත් ආවේක්ෂණය හා විද්‍යූත් දත්ත අපහරණය වැනි පැතිකඩ ගණනකින් යුත්, 21 වන සියවසේ පුරවැසි අයිතීන් පිළිබඳ පුළුල් අභියෝගයක්.

අවසන් වශයෙන් රාමනායකගේ මාර කතා කිසිදු චාරයකින් හෝ විචාරයකින් තොරව සමාජගත කරන පත්තර, ටෙලිවිෂන් සහ රේඩියෝ නාලිකා කරන්නේ මාධ්‍ය ආචාරධර්ම මුලුමනින්ම නොතකා හැරීමයි. (පුවත් වෙබ් අඩවි මේ කතාබහ වෙබ්ගත කළ පමණට මහා මාධ්‍ය විසින්ද එය කිරීම සාධාරණීකරණය වන්නේ නැහැ.)

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සකස් කළ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ප්‍රතිපත්ති මාලාව(2014 සංශෝධනය) මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව මෙරට තිබෙන වඩාත් ප්‍රකට මාර්ගෝපදේශනයයි. එහි නිරවද්‍යය වාර්තාකරණය පිළිබදව දැඩි ලෙස අවධාරණය කරනවා.

“නිවැරැදිවත් විකෘතියකින් තොරවත් ප්‍රවෘත්ති පළ කිරීම ඡායාරූප හා වෙනත් අනුරූප නිවැරදිව සහ විකෘති කිරීමකින් තොරව පළ කිරීම සඳහා මාධ්‍ය, සාධාරණ පරෙස්සමකින් ක්‍රියා කළ යුත්තේය,” යයි එහි සඳහන්.

“වාර්තාවල නිරවද්‍යතාව, එය පළ කැරෙන්නට කලින් සොයා බැලීම සඳහා කර්තෘවරුත් ඒ ඒ පුවත්පත් කලාවේදියෝත් සෑම සාධාරණ ප්‍රයත්නයක්ම දැරිය යුත්තෝය. එවැනි සොයා බැලීමක් ප්‍රායෝගිකව නොකළ හැකි අවස්ථාවකදී ඒ බව වාර්තාවෙහි සඳහන් කළ යුතුය,” එය තව දුරටත් කියනවා.

“අපි ජනතාවට දෙන්නේ ඔවුන් කැමති සහ ඉල්ලන දේ” !!!

රාමනායක කථා ගොන්නේ ඇති කිසිවක් ව්‍යාජ නොවන (authentic) බවට කිසිදු මාධ්‍යක් තහවුරු කර ගෙන ඇත්ද? ඩිජිටල් හසු කර ගැනීම් ගැන එබඳු විනිශ්චයක් දීමට තාක්ෂණික විශේෂඥ බව මෙරට කිසිදු මාධ්‍ය ආයතනයක තිබේද?

ප්‍රශ්න දෙකට පිළිතුර ‘නොමැත’ යන්න මගේ අවබෝධයයි. ඒ අනුව මාධ්‍ය මේ දිනවල කරන්නේ එහෙන් මෙහෙන් අහුලාගත් ‘වොයිස්කට්’ කිසිදු සංයමයකින් හෝ තහවුරු කර ගැනීමකින් තොරව සමාජගත කිරීමට සමාන දෙයක්.

“අපි ජනතාවට දෙන්නේ ඔවුන් කැමති සහ ඉල්ලන දේ” යයි සමහර මාධ්‍ය කප්පිත්තෝ කියාවි. එහෙම නම් මාධ්‍ය ආචාරධර්ම කුමකටද?    Nalaka x2020

ඇත්තටම කර්තෘ සංසදයේ ආචාර ධර්මවලට මුද්‍රිත මාධ්‍ය බහුතරයක් පුවත්පත් පවා අනුගත වන්නේ නැහැ.(ඉන්දියාවේ කර්තෘ සංසදය මෙන් නොව, මෙරට කර්තෘ සංසදය යනු මාධ්‍ය වෘත්තීයට සැලකිය යුතු බුද්ධිමය හෝ සදාචාරමය නායකත්වයක් දීමට අසමත් වූ කණ්ඩායමක්.)

මේ අතර මෙරට විද්‍යුත් මාධ්‍යවලට (ප්‍රසිද්ධියේ ප්‍රකාශිත) ආචාරධර්ම මාලාවක් ඇත්තේම නැහැ. පුවත් වෙබ් අඩවිවලට ආචාර ධර්ම මාලාවක් 2017දී වෘත්තීය වෙබ් මාධ්යවේදීන්ගේ සංගමය සම්පාදනය කළ ද බොහෝ පුවත් වෙබ් අඩවි එය අනුගමනය කරන්නේ ද නැහැ.


මේ පසුබිම තුළ රාමනායක කථා ගැන මෙරට මාධ්‍ය කරන්නේ ශබ්ද විකාශන යන්ත්‍රණයක ක්‍රියාකාරිත්වයට සම කළ හැකි විස්තාරණය (amplify) කිරීමක් පමණයි (ශබ්ද විකාශනය හරහ ගලා යන්නේ පිරිත් ද, බයිලා ද, දේශපාලන වේදිකා කථාවක් ද නැතිනම් වෙන යමක් ද යන්නට යන්ත්‍රය වග කියන්නේ නෑ.)

දැනටමත් අයාලේ යමින් සිටින සමාජයකට අගාධයටම යන්නට පාර කියන ආකාරයේ මාධ්‍ය කලාවක් තිබීම අපේ උරුමයයි!

(නාලක ගුණවර්ධන | Nalaka Gunawrdhana -This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

Copy of NG B W 400x400

 

 

 

 



සබැඳි පුවත් :

''රංජන් පාර්ලිමේන්තුවේදී කළේ ඉතාම දැනුවත් දේශපාලන ක්‍රියාවක්'' -සුමිත් චාමින්ද 

රන්ජා පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි : කොමිෂමක් පත් කරන්නැයි අභියෝග කරයි ! (VIDEO)

'රන්ජන් රෙකෝඩ්ස්' :  අසාම් අමින්ට අන්තවාදීන් ගෙන් බලපෑම් - BBC සේවයත් අහිමිවේ !

'රන්ජන් රෙකෝඩ්ස්' :  රන්ජන්ටත් වඩා වරදක් කරන්නේ ජනමාධ්‍ය - ඕමල්පේ සොභිත හිමි

රන්ජන් කළාටත් වඩා විනාශයක් කරන ලංකාවේ ජඩමාධ්‍ය (VIDEO)

'රන්ජන් රෙකෝඩ්ස්' : 'ඇතැම් මාධ්‍ය කරන්නේ රන්ජන් කළාටත් වඩා බරපතල අපරාධයක්' - නීතිඥ අචලා සෙනවිරත්න (VIDEO)

විජය මාමයි - රන්ජන් බෑනයි : (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

'රන්ජන් රෙකෝඩ්ස්' : 'කටහඬ ශානිගෙදැයි දන්නේ නැහැ' : විනිසුරන්ගේ කටහඩ පරික්ෂාවක්

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාගේ නීතිඥවරියට එරෙහිවත් විමර්ශනයක් !

රන්ජන්ට අලුත් පෙනුමක් ! - මෙට්ටයක් දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ !

'රන්ජන් රෙකෝඩ්ස්' : කුණු රස බෙදන කස්ටිය, හිරුනිකාට ගහන ගමන් දිලිත්ටත් ඇනලා !!

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාට එරෙහිව විනිසුරු පිලපිටියගෙන් ප්‍රබල සාක්ෂියක්! - කටඋත්තරය මෙන්න

'රන්ජන් රෙකෝඩ්ස්' : ඇප නියමකර තිබු පැමිණිල්ලකට රන්ජා රිමාන්ඩ් -අජිත් ප්‍රසන්නත් ගනී ද? 

'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව 

එජාපය රන්ජා අත්අඩංගුවට ගැනීමටත් පෙර වරදකරු කරයි - එජාපය ගම්මන්පිල දඬුවම් නියම කරයි  (VIDEO)

'රන්ජන් රෙකෝඩ්ස්' : 'ඇතැම් මාධ්‍ය කරන්නේ රන්ජන් කළාටත් වඩා බරපතල අපරාධයක්' - නීතිඥ අචලා සෙනවිරත්න

'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක් 

'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'අප්ෂට් එක හිට් කර' ආණ්ඩුව ගත්තු තීන්දු මෙන්න !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ 

 

 



subscribeYT

නවතම පුවත්