නිකම් පිටිපස්සට හැරිලා පසුගිය දශක තුන ගැන විතරක් හිතන්න. 

ලංකාවේ විධායක ජනාධිපති කියන 1978 පස්සේ ඇත්ත දේශපාලන තනතුර (අනික් ඒවා නිකම් නමට විතරක් තියන තනතුරු නිසා) සඳහා ලංකාවේ පුද්ගලයෝ පත්වුණේ කොහොමද? 

ජේ. ආර්. එක්ක පොඩි ගේම් එකක් ගහල ඔන්න ප්‍රේමදාස ආව. ලලිත් ගාමිණී කොටි සංවිධානය විසින් අයින් කළාට පස්සේ, ඔන්න යූ එන් පී එකෙන් එන්න තරම් නායකයෝ නැති උනාට පස්සේ චන්ද්‍රිකා ආව. 

කොටි සංවිධානේ බෝම්බයක් පුපුරවල එක ඇහැක තුවාලයක් තියාන චන්ද්‍රිකා තව පාරක් ආව. 

චන්ද්‍රිකාට ගේමක් ගහල ඔන්න මහින්ද ආව. ඒක පිටිපස්සේ කොටි සංවිධානයට සල්ලි දීල චන්ද වර්ජනයක් තිබ්බ. ඒකත් වාසියට හිට්ටා. 

මහින්ද එක්ක ආප්ප කාල ඔන්න මෛත්‍රී ආව. ඒකත් ගේම් එකක්. පාස්කු ගේම් එකෙන් ඔන්න ගෝඨා ආව. ගෝඨා යන තැනට වැඩ සිද්ද වුනාට පස්සේ රනිල් ආව. ඒකත් පොඩි ගේම් වර්ගයේ ජිමික් එකක්.

දැන් ඊළඟට කවුරු දත මැදගෙන හිටියත් ආයෙත් චන්දෙ කිට්ටුවෙලා දේශපාලන ගේම් එකක් හරි ජිමික් එකක් හරි ප්ලේ වෙයි. ඒ නිසා දේශපාලනය දේශපාලනය විදියට දකින්න. සදාචාර දෘෂ්ටි කෝණයෙන් දේශපාලනය දිහා බලන්න එපා. එතකොට ගොඩක් දේවල් පේන්න ගනියි...  

ආචාර්ය මෙහේෂ් හපුගොඩ එම කාරනා සඳහන් කර සිටියේ, යාල් TV යු ටියුබ් නාලිකාවේ (YARL TV) නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සමග පැවති සාකච්ජාවකදීය.

සම්පුර්ණ වැඩසටහන YARL TV පහත වීඩියෝවෙන් බලන්න 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්