leader s

@Oddessey Lunar Lander (Intuitive Machines) 2024

 

පේන්න තියන විදියට තියුණු ආකාරයෙන් දේශපාලන කඳවුරු දෙපැත්තට බෙදෙන්න පුළුවන්. විශේෂයෙන් ඉදිරි මැතිවරණය එක්ක බෙදුම්රේඛා පැහැදිලි වෙමින් තියනවා. මාලිමාව එක පැත්තක ගේම් එක ගහද්දි අනික් පැත්තේ මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී, පොහොට්ටු, ලන්සා, ධම්මික වගේ හැම පාර්ශවයක්ම රනිල් කියන කේන්ද්‍රය වටා ගොනුවෙන්න පුළුවන්. හෝ සහයෝගය දෙන්න පුළුවන්. 

මේක ටිකක් අර ප්‍රභූ සහ එසේ නොවන ප්‍රවර්ගය හැටියට දෙගොඩ ගහන්නත් පුළුවන්. ඒ නිසාම අවශ්‍ය උනොත් සියලු පුද්ගලික ප්‍රශ්න පැත්තකින් තියන සජිත් පවා රනිල් කියන කේන්ද්‍රය එක්ක එකඟතාවකට එන්න පුළුවන්. 

ඒ නිසාම දේශපාලන සවිඥානික බව භක්තියෙන් වැහිලා ගිය වතුරකරයේ මිනිස්සු සහ තවමත් ගම්වල ඉන්න කැපුවත් නිල් - කැපුවත් කොළ කියන දෙගොල්ලම එකතු කරගන්නත් පුළුවන් වෙයි.  

ඒ වගේ පිරිසක් එක්ක යම් ගේම් එකක් ගහන්න රනිල් උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ලංකාවේ ශ්‍රී ලංකා -පොහොට්ටු සහ යූඑන්පී (සජිත් - රනිල්) කියන පාර්ශවවලට චන්දෙ දුන්න සෑහෙන පිරිසක් තවමත් ගම්වල සහ නගරවල ඉන්නවා.

ඒ නිසා මේ බල කඳවුරු ධ්‍රැවීයකරණය ඇතුලේ ප්‍රභූ කඳවුර කියන්නේ එක්තරා දෘෂ්ටිවාදී ස්වරූපයක් සහිත දෙයක්. ඒ කියන්නේ මෙච්චර කල් කරන්න බැරිවුන ''මැජික් එකක්'' දැන් පෙන්නන්න හදනවා නම් ඒක සත්‍යයක් නෙවෙයි. 

මේ අවුලෙන් ගොඩඑන්න නම් පරිණත මිනිස්සු ඕනි කියන එකත් මම පිළිගන්නේ නැහැ. අලුත් අයට පුළුවන් වෙයි අලුත් විදියට හිතන්න. අලුත් අයට දීල ආයෙත් අවුල් වුණොත් කරන්න දෙයක් නැහැ කියල ගොඩක් අය අපිව බයකරන්න හදනවා මට ඇහිලා තියනවා. ඒකට අපි බයවෙන්න ඕනි නැහැ. 

මොකද මේ ලෝක ඉතිහාසය ඇතුළේ ගොඩක් වෙලාවට යම් යම් සිරගතවීම් වලින් එළියට එන්න මිනිස්සු කළේ අත්හදාබැලීම් කරන එක (experiments). විශේෂයෙන් යුරෝපයේ අඳුරු යුගයෙන් (Dark Age) එළියට එන්න මිනිස්සු ගොඩක් අත්හදා බැලීම් කළා. ඒවා සාර්ථක උණා. කොපර්නිකස්, ගැලීලියෝ වගේ අය ඒ සඳහා උදාහරණ. 

දැන් ඕනි අලුත් දෙයක්. අලුත් මිනිස්සු පිරිසක්. අලුත් වැඩපිළිවෙලක්. අලුත් සිතීමක්. 

නූතන යුගයක අත්හදා බැලීම් කරන්න එපා කියන එකම දෘෂ්ටිවාදයක්....

අරවින්ද නම් වූ බටහිරයා.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 




  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්