leader s

අනුර කකුලක් අස්සේ කකුලක් ගහගෙන ඉන්න ස්මාට් ටොරන්ටෝ ෆොටෝ එක දැක්ක ගමන් මට යමක් ලියන්නම හිතුන.

ෆොටෝ එක අරන් තිබ්බේ හැමදාම අපි අනුර (සහ තවත් අය) දකින කථිකයාට ඉදිරියෙන් තියන කැමරාවකින් නෙවෙයි. පැත්තකින් ඉන්න කෙනෙක් අතින් ගත්ත ආධුනික චායාරූපයක් විදියට.

අනුරත් දන්නේ නැතිව ගත්ත නිසා මේ චායාරූපය අනුරට අවිඥානිකයි. ඒ නිසා අනුර ස්වාභාවිකයි.

තවත් පොඩ්ඩක් ඉස්සරහට ගියාම ඒකෙ මම දැක්කේ අපි පොඩි කාලේ තරුණයා පත්තරේ තිබ්බ පිරිමි විලාසිතා පිටුවේ ඉන්න පිරිමි නිරූපකයෙක්ගේ ඉරියව්වක් (male model).

ඉතින් මම ඒ ''සැහැල්ලුව'' ගැන සටහනක් ලිව්වා. ගොඩක් අය ඒක ධනාත්මක විදියට බාර ගනිද්දී ටික දෙනෙක් ඒක නිශේධනාත්මක විදියටත් දැක්ක. ඒ නිසා මගේ ස්ථාවරය ගැන වැඩිදුරටත් පැහැදිළි කරලා වීඩියෝවක්ම කළා. ඒකත් සෑහෙන්න බලල තිබ්බ.

කොහොමත් මේ වෙද්දී අනුර බුකියේ වගේම යූ බටෙත් වයිරල්. වෙන කිසිම කෙනෙක්ට නෝ චාන්ස්.

''අනුරට පිටුපසින් කැමරාව'' (Camera behind Anura) දැන් වයිරල් හින්ද ද මම දන්නේ නැහැ නාමලුත් එයාගේ හම්බන්තොට රැළියේ අර විදියේ පිටුපස්සෙන් ගත්ත ෆොටෝවක් දාල තිබ්බ.

නමුත් ඒක අනුරගේ එක තරම් ගැම්මක් නැහැ. ඒකෙ පොඩි කෘතීම ගතියක් තියනවා.

ඒක දැක්කම 'නාමල් නොවන යථාර්තයක්' පේන්නේ නැහැ. පේන්නේ කුරහන් සාටකෙන් සහ මහින්ද චින්තනයෙන් ගැලවිලා තමන්ගේම අලුත් දේශපාලනයක් පටන් ගන්න බැරුව හිරවෙච්චි විසි වන සියවසේ තරුණයෙක් (මේක විසි එක්වන සියවස).

අනුර බ්‍රෑන්ඩඩ් ඩෙනිම් අඳිනකොට නාමල් සාටකයක් දාගෙන. සරමක් ඇඳගෙන.

අනුර ටොරන්ටෝ යනකොට නාමල් තවම හම්බන්තොට. අනුර සැහැල්ලුවෙන් ඉන්න කොට නාමල් තවමත් ඉතිහාසය ඇතුලේ සිරගත වෙලා. පව්...

 

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...) 

 

 




  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්