leader s

අරගල නායිකා දමිතා අබේරත්නගේ වංචාවට රැවටුණු මිනිහාට අරගලකරුවන් පවා “මෝඩයා” කියා හිනා වෙනු දැකීම සිත් ගන්නා සුලුය.

ඒ මනුස්සයා නම් අඩුම ගානේ නූගතෙකු කියා අනුකම්පා කළ හැකි ය. නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට ඉතිහාසය උගන්වන මහාචාර්ය නිර්මාල් දේවසිරිත් දමිතාට රැවටුණා නේද… කියා මතක් වෙන විට “අනේ අපොයි” කියවේ.

දමිතා ඒ මනුස්සයාව රවටා ඇත්තේ “කොරියාවේ යවනවා ය” කියා ය. දේවසිරි විශ්වාස කළේත් තමන් ආසා කරන තැනකට තමන්ව යැවෙමින් තිබෙනවා ය කියා ය. ඔහු එකල ගෝල්ෆේස් අරගලය “කොමියුනිස්ට් රාජ්‍යයකට” සමාන කළේ ය (හිනා).

“නව සුසමාදර්ශයක්” ඇති වෙමින් තිබේ යැයි නිර්මාල් උදම් ඇනුවේ හරියට අර මෝඩ මනුස්සයා දමිතාගේ ගෙදර කාමරයක වියන් ඇඳේ උඩ බලාගෙන සිහින දුටුවාක් මෙනි. දේවසිරි පමණක් නොව අරගලයට දායක වුණු සියලු විශ්වවිද්‍යාල ඇදුරන් සැබැවින්ම විශ්වාස කළේ තමන්ව “කොරියාවේ” යවනවා කියා ය.

 

දැන් පක්ෂ ඉවරයි. දැන් තියෙන්නේ ආකල්ප කේන්ද්‍රීය, මැතිවරණ කේන්ද්‍රීය  දේශපාලනයක්.'' - ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිමහාචාර්ය නිර්මාල් දේවසිරි
ලංකාවේ මෝඩයන්ගේත් මෝඩම සෙග්මන්ට් එක හඳුනාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ අරගලයට වචනයකින් හෝ දායක වුණු පිරිස හඳුනාගැනීම යි. මොළය සම්පූර්ණයෙන් වර්ධනය වීමට වයස මදි තරුණ තරුණියන් එලෙස අරගලයේ නළු නිළියන්ට සහ ඔවුන්ගේ රඟපෑමට අහු වීම පුදුමයක් නොවේ. නමුත් ඉහ නිකට පැහුණු නිර්මාල් දේවසිරි වැනි ලංකාවේ ඊනියා මහාචාර්යවරුන් ද දමිතාට රැවටීම අනුකම්පා සහගත ය. 

දමිතාට රැවටුණු අර මනුස්සයා අඩුම තරමින් දමිතාට දුන්නේ ලක්ෂ තිහකි. නිර්මාල් දේවසිරි දමිතා වෙනුවෙන් ජනරජයේ ව්‍යවස්ථාවම උල්ලංඝනය කිරීමට දුන්නේ ය. අර මනුස්සයා පිදුවේ කඩදාසි ටිකකි. නිර්මාල් පිදුවේ තම සමස්ත අධ්‍යාපනය යි.

අර මනුස්සයා මිරිකුවේ දමිතාගේ කකුල් ය (හෑයියා…) නමුත් නිර්මාල් මිරිකුවේ දමිතාගේ බොරු කකුල් ය. අඩුම ගානේ කකුල ඇත්තටම තිබේ. නමුත් රඟපෑම පට්ටපල් බොරුවකි. නිර්මාල් වැන්නවුන්ගෙන් ඉගෙන ගත් සිසුන් තර්ක බුද්ධිය නොමැති අමු මෝඩයන් වීම අහන්නත් දෙයක්ද!

 

ගෝඨාගෝගම අරගලය තුළින් නව සමාජ සම්මුතියක් කරා - (සුමිත් චාමින්ද)
දමිතා පමණක් නොව, අරගලයේ ඉදිරිපෙළ සිටි සියලු නළු නිළියන්, යූටියුබ්කාරයන්, ගායක ගායිකාවන්, ක්‍රිකට් සෙල්ලම්කරුවන් වැනි කුලියට විනෝදය සපයන්නන් කළේ රංගනයකි. එය ඔවුන්ගේ වෘත්තිය යි. නමුත් ඔවුන්ගේ රංගනය සැබෑවක් කියා විශ්වාස කරන මෝඩ රසිකයා ඔවුන්ට රැවටී ඔවුන් කියන කියන විදිහට කරයි. රඟපාන්නාගේ අරමුණ ප්‍රේක්ෂකයා රැවටීම යි. අරගලය සඳහා එවැනි රංගධරයන් මුදල් ගෙවා යොදා ගත්තේ ඒ නිසා ය. රැවටීමට ය. මේ සරල යථාර්ථය තේරුම් ගැනීමට නොහැකි වූ නිර්මාල් දේවසිරි කාලයක් x-කණ්ඩායමේ ඉඳගෙන මොන කෙන්ගෙඩියක් ඉගෙන ගත්තාද මන්දා…

සැබැවින්ම ලංකාවේ ඉන්නා මෝඩ ජනතාවට ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ උසස් ප්‍රබුද්ධ සත්‍යවාදී තාර්කික දේශපාලනය නොගැලපේ. කූඩැල්ලන් කොට්ටයේ තැබිය නොහැකි ය කියා පැරැන්නන් කියා තිබේ. ලක් සමාජය යනු උගත් නූගත් බේදයක් නොමැතිව ලෙහෙසියෙන් රැවටිය හැකි මෝඩවහන්සේලාගේ රජදහනකි. මොවුන්ට ගැලපෙන්නේ රැවටිලිකාර බොළඳ මෝඩ දේශපාලනය යි.

දිස් ඉස් පොලිටික්ස්!

පුරන් අප්පු සහ දේවසිරි අප්පො - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්