leader s

(''නාමල් එපා - රනිල් ඕනා : එරන්ද ගිනිගේ'' ලිපියට Black Cap Movement ප්‍රතිචාරයකි) 


වෛද්‍ය විද්‍යාත්මකව කන සහ මොලය අතර සම්බන්ධයක් ඇති බවට පැවසේ. ඒ නිසා ම මොලය පරිස්සම් කරගැනීමට කන පරිස්සම් කරන්න ගැනීමට ද වටියි. 

ගිනිගේ මචං, පොලිටික්ස් කියා ලීවාට පොලිටික්ස් කුමක් දැයි නොදන්නා ඔබ වැනි තොත්ත බබාලා උපදේශකයන් කරගත් ගෝඨාගේ ගමනක අවසානය ඔතනින් කෙලවර වීම ආශ්චර්යයකි.
 
ගෝඨාභය ජනාධිපති කරන්න ඡන්දය දුන් 69 ලක්‍ෂය ඔබ කියනා මෙන් නූගත් හෙන්චයියන් නොවේ. සෞභාග්‍යමත් නවීන ලංකාවක් ගැන සිහින මැවූ අහිංසකයන්ය. අළුත් බලාපොරොත්තු සහිතවූ තරුණ තරුණියන්ය.

නමුත් රටේම අවාසනාවට හේතු වුයේ ඒ අහිංසකයන්ගේ කර මතින් බලයට ආ උගත් වියත් පාදඩ බලු මැක්කන්ය. උදාහරණයක් නම් ඔබ වැනි ජනාධිපති උපදේශකයන්ය. ජයසුමනලා වැනි පැලෝපීය බයියන්ය. ගොඩහේවලා වැනි කැස්බෑ පණුවන්ය.
 
රනිල්ගේ නිවස ගිනි තැබීම දේශපාලන කුමන්ත්‍රණයකි - (කරු පරණවිතාන)
 
ගිනිගේ, රාජ්‍ය බලය අත තබාගෙන තම පාක්ෂිකයන්ගේ ගෙයක් වත් රැක ගන්නට නොහැකි වූ නාමල් හෝ ගෝඨාභය  සමඟ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට හෝ පාක්ෂිකයන්ට කවර නම් දේශපාලනයක් ද? පාක්ෂිකයන්ගේ ගෙවල් ගිණි ගත්තාට, රනිල්ගේ ගෙදර ගිනිගත්තාට රාජපක්ෂලාගේ එකඳු ගෙයකටවත් ගිණි පුපුරකින් වත් හානි වුයේ නැත. සැබෑ කුමන්ත්‍රණ නම් ඒවාය. 
පොහොට්ටු පොඩ්ඩන්ට අනාගතයක් ඇත්තේ තමන්ගේ ගේ පිළිස්සෙන විට අහක බැලූ, රට හැර පැන ගිය නායකයන් ලඟ නොවේ. තමාගේ ගෙදරත් අහිමි කරගනිමින් ජාතියේ නාමයෙන් අභියෝගය භාරගත් සැබෑ වීරයකු ළඟය.
 
ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්
අපි නම් ඉතිහාසයේ අපගේ කාර්යභාරය සිදුකර හමාරය. අපි රට අර්බුදයෙන් අර්බුදයට යද්දී අර්බුදයේ මූල බීජය මුලින් උපුටා දමා අභියෝගය භාරගත හැකි නායකයකුට රාජ්‍ය බලයට ඒමට පසුබිම සැකසුවෙමු. තාජුදීන්ලාට, එක්නැලිගොඩලාට, ලසන්තලාට වූ දේ අපටත් විය හැකි බව දැන  දැනම 2022 මාර්තු 01 කොහුවල හන්දියෙන් ඉටිපන්දම් දල්වා පාරට ආවෙමු.
 
අපි පටන් ගත් ගමන ජයග්‍රහණයෙන් කෙළවර කෙරුවෙමු. අද අපට සැනසිල්ලේ මේ සංවිධානය විසුරුවා හැරිය හැකිය. ආර්ථිකය හරි පාරට ගන්නට මාස 16 කින් පසුව ඉන්ටලොක් බාස් කෙනෙක්ව එළවා බිහිකරන ලද රජයට හැකිව තිබේ. අප ඒ ගැන සිහි කරන්නේ ප්‍රහර්ශයෙනි. උඹලා වැනි දේශපාලන ළදරුවන් ගැන දුකෙනි.  
දෛවයේ සරදම නම් ඔබ වැනි උපදේශකයන්ගේ උපදෙස් නිසා හොඳ බාස් ලෙස ප්‍රකටව සිටි ඉන්ටලොක් බාස් කෙනෙක් මක බාස් ලෙස ඉතිහාසයේ කුණු බක්කියට වැටීමය.

මචං ගිණිගේ, වලට වැටීම මෙන්ම කනට වැදීමත් මොලයට හොඳය. 
දිස් ඊස් පොලිටික්ස් !

සුබ අනාගතයක්!

Black Cap Movement


සබැඳි ලිපිය 
නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්