හිටපු ඉරාන ජනාධිපති ඒබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරය ඉලක්ක කරගෙන අධිබල අභ්‍යාවකාශ ලේසර් ප්‍රහාරයක් (space lazer attack) එල්ලවන්නට ඇතැයි දැන් ඇතැම් කුමන්ත්‍රණ න්‍යායන් විශ්වාස කරමින් තිබෙනවා.
ඉරාන අසර්බයිජාන් දේශසීමාවේ සිට ඉරානය දෙසට පියාසර කරමින් තිබියදි සිදුවූ මේ අනතුර සිදුවූ ආකාරය ගැන තවමත් අවසන් විනිශ්චයක් නොමැති වාතාවරණයක දී මෙවන් න්‍යායන් සඳහා වැඩි ඉඩක් ලෝකය පුරාම දකින්න පුළුවන්.
අනතුර සිදුවූ ආකාරය ගැන තවමත් අවසන් විනිශ්චයක් නොමැති වාතාවරණයක දී මෙවන් න්‍යායන් සඳහා වැඩි ඉඩක් ලෝකය පුරාම දකින්න පුළුවන්.ඉරානය සඳහා වන ඇමෙරිකන් සම්බාධක මත ඉරාන ජනාධිපති ගමන් ගත බෙල් වර්ගයේ හෙලිකොප්ටරය සඳහා අවශ්‍ය අමතර කොටස් නොතිබීම මෙන්ම එහි ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිතව තිබීමත් මේ කුමන්ත්‍රණ න්‍යායන් සඳහා ඇති අවකාශය තවත් වැඩිකරන පසුබිමක් සකසනවා.
බොහෝ රටවල් වලට ආගන්තුක වුවද ලේසර් තාක්ෂණයේ ඉක්මන් සංවර්ධනය, විශේෂයෙන් යුද මෙහෙයුම් සඳහා ලේසර් තාක්ෂණය භාවිත කිරීම දැන් තාක්ෂණික වශයෙන් දියුණු ලෝකයට රහසක් නෙවෙයි. ඉනුත් විශේෂයෙන් ඊශ්‍රායලය මේ ලේසර් ඩෝම් තාක්ෂණය අතින් ඉදිරියට ගොස් තිබෙනවා.
ඊබ්‍රාහිම් රයිසි මේ රටවල් දෙකටම හිසරදයක් වූ නායකයෙක්ඊශ්රායලය සහ ඇමෙරිකාව ඒකාබද්ධව මේ තාක්ෂණික අත්හදා බැලීම් මෑත කාලය තුළ සිදුකර තිබෙනවා. ඊබ්‍රාහිම් රයිසි යනු මේ රටවල් දෙකටම හිසරදයක් වූ නායකයෙක්.
ඊශ්‍රායලය මේ වනවිට රොකට්, මිසයිල් සහ ගුවන්යානා ඉහල අහසේදී විනාශකළ හැකි දැවැන්ත ලේසර් බීම් තාක්ෂණයක් (lazer beam technology) නිපදවා තිබීම මේ කුමන්ත්‍රණ න්‍යායන් වඩාත් තහවුරු කිරීමට බලපා තිබෙනවා.
කෙසේ වුවද ඉරාන හිටපු ජනාධිපති රයිසිගේ මරණය තවත් එක අභිරහසක් වීමට තිබෙන ඉඩකඩ විශාලයි.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)






