ඇලන් ලයිට්මන් කියන්නෙ ලෝක ප්‍රකට ඇමරිකානු භෞතික විද්‍යාඥයෙක්.
විශේෂත්වය තියෙන්නෙ ඇලන් භෞතික විද්‍යාව ඇතුලෙන් ආධ්‍යාත්මික ගවේෂණයට යොමුවීම. ඒක ආගමික සම්ප්‍රදායක් ඇතුලෙන් සිද්ද වෙන දෙයක් නෙමෙයි. ඇලන් විද්‍යාව ඇතුලෙන් ආධ්‍යාත්මික අත්දැකීම් තේරුම් ගැනීමකට යනවා. ඇලන්ම කියන විදිහට එයා ස්පිරිචුවල් මැටීරියලිස්ට් කෙනෙක්. ඒ කියන්නෙ ආධ්‍යාත්මික භෞතිකවාදියෙක්.
මේ අපූරු මනුස්සයා මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නවා. රන්දුලා නිසා මටත් ඒ ගැන දැනගන්න ලැබුනා. ඇලන් ලයිට්මන් ගැන වැඩිදුර හොයන්න උනන්දුවක් ඇතිවුනෙ ඒ හින්ද.
ඇලන් තමන්ගේ ආධ්‍යාත්මික අත්දැකීම් විස්තර කරන්නෙ ආගමික රාමු ඇතුලෙන් නෙමෙයි. ඒ වෙනුවට අපිට සමීප, අපි හැමෝම ඉඳහිටක හෝ අත්විඳලා තියෙන ට්‍රාන්සෙන්ඩන්ටල් (අපේ මමත්වයේ සීමාවන් ඉක්මවා ගොස් සමස්තය අත්විඳින) නිමේෂයන් ඇතුලෙන්.
තමන්ගේ නිවස බලා යන මොහොතක ඇලන් ලත් ඒ වගේ අත්දැකීමක් එයා විස්තර කරනවා. එයාගෙ ගෙදරට යන්න තියෙන්නෙ බෝට්ටුවකින්. එක රාත්‍රියක එයා බෝට්ටුව පැදගෙන ගෙදර යනවා. එදා තරු පායපු ලස්සන අහසක් තියෙන රාත්‍රියක්. ඇලන් බෝට්ටුව ගඟ මැද නවත්තලා ඒ මැද වැතිරගෙන තරු අහස දිහා බලන් ඉන්නවා. ඒ මොහොතේ තමන් පිළිබඳ සියලු සීමාවන් දියවී ගොස් ඒ තරු අහස සමග ඒකත්වයක් අත්විඳපු හැටි ඇලන් කියනවා. ඒ තමයි ට්‍රාන්සෙන්ඩන්ස් කියන එක.
අපි අපේ මමත්වය නැමැති බෝට්ටුවේ ඇන්ජිම නිවා දමමින් වැතිර සිටින මොහොතක අපිට මේ තරු විසුළ රැය සමග ඒකාත්මික වීම විඳින්න පුළුවන්. බෝට්ටුවේ ඇන්ජිම වැඩ කරන තාක් අපිට පේන්නෙ බෝට්ටුවෙ සහ වතුරෙ සීමාව විතරයි.
අපි හැමෝම මේ අත්දැකීම වරින් වර විඳලා ඇති. සංගීතයක් අහද්දි, නර්තනයක යෙදෙද්දි, සමහර විට ඉර බැහැගෙන යන හවසක, මේ ඕනම තැනක අපි අපේ සීමාවන්ගෙන් නිදහස් වෙලා ඒකත්වයේ නිමේෂයක් අත්විඳින්න පුළුවන්. ආධ්‍යාත්මිකත්වය කියන්නෙ මේ මොහොත. අපි භාවනාවකදි අත්විඳින්නෙත් මේකමයි. සෙන්සරි ඩිප්‍රිවේෂන් ටැංකි නොහොත් අපි අපේ ශරීර උෂ්ණත්වය හා සමාන ටැංකියක වැතිරී ගිලී සිටීමෙන් අත්විඳින්නෙත් මේ හා සමාන තත්වයක්. අපේ සම විසින් අපව පරිසරයෙන් සීමාකළ මායිම දිය කරමින් සමස්තයක් ලෙස අපේ දැනීම අත්විඳින එක.
ඉතින් ඇලන් ලයිට්මන් ගැන දැනගන්න කැමති අයට යූටියුබ් එකේ තියෙනවා එයාගෙ දේශන ගොඩක්. ඊටත් වඩා ගැඹුරට යනවා නම් කෙනෙකුට එයාගෙ පොත් කියවන්න පුළුවන්. අණු පරමාණු පිළිබඳ දැනීම ඇතුලෙන් ඇලන් පුනරුත්පත්තිය වගේ සංකල්ප කියවන හැටි හරිම ලස්සනයි.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)






