leader s

රනිල් ඉල්ලුවොත් පරදිනවා කියා කැබිනට් ඇමැතිවරු පවා පිළිගන්නා හොඳම සාක්ෂිය යෝජිත ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ය.

රනිල් දිනනවා තබා අඩුම තරමින් ඉල්ලනවා නම් ඔය ඊනියා පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට මේ හදිස්සියේ අවශ්‍ය නැත.

එය සැබැවින්ම පනතක් නොවේ. එය තනිකරම IMF ව්‍යාපෘතිය ය. එවැනි ව්‍යාපෘතියක් රටේ නීතියක් ලෙස සම්මත කරගන්නේ ඇයි? එයට හේතුව රනිල් පැරදුනු පසුව පත් වන නව විධායකය යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවට IMF එකට සහතිකයක් අවශ්‍ය නිසා ය. එනම් IMF එක පවා රනිල් පරදින බව දන්නා බවට මෙයම සාක්ෂියකි.

 

IMF එක පවා රනිල් පරදින බව දන්නා බවට මෙයම සාක්ෂියකි.

රනිල් දිනනවා නම් ඔහුට ඔය ව්‍යාපෘතිය දිගටම කර ගෙන යාමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නැත. අනුමැතිය ඉල්ලීමෙන්ම පෙනී යන්නේ රනිල්ට එය කළ නොහැකි බවට එම පනත යෝජනා කරන අයම දන්නා බව ය.

අනෙක් පැත්තෙන් ජනපතිවරණයට මාස තුනක් තිබියදී මේ කඩිමුඩියේ මේ IMF ව්‍යාපෘතිය සම්මත කර ගැනීමට අනුකම්පා සහගත උත්සාහයක් දැරීමෙන් පෙනී යන්නේ එයට රටේ පොදු ජනතාව විරුද්ධ වන බව ඔවුන් දන්නා බව ය.

 

election in sri lanka 2019 රනිල්ට කරන්න තියෙන්නේ මේ මොහොතේම ජනාධිපතිවරණය පැවැත්වීම ය.

රනිල් සහ පුත්තුන්ගේ මේ ව්‍යාපෘතිය රටේ ජනතාව විසින් අනුමත කරනවා නම් රනිල්ට කරන්න තියෙන්නේ මේ මොහොතේම ජනාධිපතිවරණය පැවැත්වීම ය. එයට වඩා ජනතා අනුමැතියක් කොහෙද! නමුත් ජනතාව මේ IMF ව්‍යාපෘතිය අනුමත නොකරන බව ඔවුන් දනී. එබැවින් රනිල්ගේ ධූර කාලය අවසන් වීමට පෙර එය රටේ නීතියක් ලෙස පාර්ලිමේන්තුව ඇතුළේ සම්මත කර ගැනීමට දරන මේ නින්දා සහගත උත්සාහය අපට නම් හොඳට පෙනේ.

මෙම IMF ව්‍යාපෘතිය මේ පාර්ලිමේන්තුවෙන් නීතියක් ලෙස සම්මත කර ගත් පසු එය වෙනස් කිරීම ඉතා අපහසු වනු ඇත. එයට හේතුව වන්නේ ඊළඟ මහා මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබෙන නිසා ය. ඒ අනුව රනිල් සහ පුත්‍ර සමාගම මේ කරන්නේ කට්ට කපටි කෛරාටික දේශපාලන නූල් සූත්තරයකි. රටේ ආර්ථිකය දීර්ඝ කාලයකට විදේශිකයන්ට පවරා දීමකි. රටේ අනාගතය සමග සෙල්ලම් කිරීමකි.

 

1602220373 Parliamentary sittings to continue Lඊළඟ මහා මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබෙන නිසා ය

ඒ නිසා ඔය IMF පනත ගෙනෙන නිලමෙලාගෙන් අපි අහන්නේ ඔබලාගේ ජනපති රනිල් ඉල්ලනවා නම්… ඉල්ලලා දිනනවා නම් ඇයි ඔබලා මේ කලබලේ ආර්ථික ප්‍රතිසංස්කරණ පනත් සම්මත කර ගන්නේ? ඔබලා කියන හැටියට රටේ ජනතාව ඔබලාගේ වැඩපිළිවෙල අනුමත කරනවා නම් කෙලින්ම ජනපතිවරණය තියන්නකෝ. එතකොට බලමු ජනතාව ඇත්තටම එය අනුමත කරනවාද කියා. එම අභියෝගය බාර ගැනීමට තරම් පිටකොන්දක් ඔබලාට නැති බව අපි දනිමු. ධර්මය ඔබට මග වේවා!



eranda. ginige
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.





සබැඳි ලිපියක් :
'ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධ රටට එරෙහි අය' - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ




  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්