පුංචි පෙරවදන :

ලංකාවේ දේශපාලනය කරන අය දිහා බැලුවම හොඳට පේන්න තියෙන දෙයක් තමයි ‘බලය’ (Power) කියන සංකල්පය ගැන ඒ අයට තියෙන අසංවේදීකම. 

‘බලය’ කියන්නේ, බලහත්කාරය, තර්ජනය, බලපෑම, ආධිපත්‍යය වගේ අදහසක් (Idea) නොවේ. 

‘බලය’ නිෂ්පාදනීය (Productive) දෙයකි. 

එය යටත් කර ගැනීම, පාලනය වගේ නිශේධනීය දෙයකුත් නොවේ. 

‘බලය’ මගින් ප්‍රකාශ වන්නේ, යම්කිසි නිශ්චිත සම්බන්ධයකි (Relation). 

බලයට පදනමක් නැහැ. නමුත් බලය හාත්පස පැතිර යන දෙයකි. 

බලය ‘දෙයක්’ ද (Thing) නොවේ. එය පුද්ගලයන් අතර ඇති සබඳතාවයකි. 

එමඟින්, කෙනකුගේ හැසිරීම තීරණය වීමට ද හැකි ය. 

මිනිස්සු මේ බලය හරහා නිශ්චිත අරමුණු වලට ගමන් කරයි. 

‘බලය’ කියන්නේ පුළුල් අර්ථයෙන්, නූතන සමාජයක් ඇතුලේ මිනිස්සු ආණ්ඩු-මට්ටු වෙන විදිහකි. 

ඒ අර්ථයෙන්, බලය නිෂ්පාදනීය යි.

බලහත්කාරය, දේශපාලන-ආර්ථිකය, දේශපාලනිකය, අධිපති මතවාදය, සමාජ සාධාරණත්වය, මර්දනය වගේ සාධක ගත්තම දේශපාලනය කරන අය වම/ දකුණ, ලිබරල්/ ජාතිවාදී, පිරිමි/ ගැහැණු වශයෙන් බෙදෙන්න පුළුවන්. 

නමුත් ‘බලය’ කියන සංකල්පය යටතේ මිනිස්සු වර්ගීකරණය කරන කොට එය හැම දෙනාටම පොදු ගුණාකාරයකි. 

සිංහල ජාතිවාදියා සහ සිංහල වාමාංශිකයා පොදු වෙන්නේ, බලය ඉදිරියේ දී ය. 

දෙන්නගෙම ‘පොදු සාධකය’ බලය යි. ඔවුන් එතැනදී අසමාන නැහැ.
sirimal 696x392                                  සිරිමල් විජේසිංහ 
මේ මෑතකදී, මං දැක්කා සිරිමල් කියලා කෙනෙක් දිගට හරහට ජවිපෙ විවේචනය කරනවා. 

එහෙම කරලා, එයා අන්තිමට වෙන කෙනෙක්ගේ මුහුණු පොතට ගිහිල්ලා බිත්තියේ මෙහෙම ලියනවා. “හරිනි දන්න දේශපාලනයක් නැත”.

මේ බිත්තියේ පුද්ගලික අයිතිකාරයා (ලක්ෂ 4ක වැටුපක් සිංහල රාජ්‍යයෙන් මාසිකව ලබා ගන්න පුද්ගලයෙකි) සිරිමල්ගේ සටහනට මෙහෙම උත්තරයක් දානවා.

 “දේශපාලනය දන්නේ සිරිමල් පමණි. අනිත් අය දේශපාලනය දන්නවා ද නැද්ද යන්න සිරිමල්ගෙන් අසා දැන ගත යුතු ය. අවාසනාවකට අප අවට සිරිමල් හැර තවත් සිරිමල්ලා සිටිති”.

මේ පිළිතුර හමුවේ, සිරිමල් ලොල් වන අතර ඔහු මේ දෙය කී පුද්ගලයාව උගතෙක් නොව බුද්ධිමතෙකු ලෙස ද සටහන් කරයි.

''සිරිමල් යනු, මාසික ගෙවල් කුලිය ගෙවා ගැනීමට ද නොහැකි තරම් ආදායමක් නැති කෙනෙකි. ඔහුට පාන් කියා ගැනීමට නොහැකි උත්තරයක් දෙන්නේ, ලක්ෂ 4ක පඩියක් මාසිකව ලබා ගන්නා කෙනෙකි. ''

සිරිමල් යනු, මාසික ගෙවල් කුලිය ගෙවා ගැනීමට ද නොහැකි තරම් ආදායමක් නැති කෙනෙකි. ඔහුට පාන් කියා ගැනීමට නොහැකි උත්තරයක් දෙන්නේ, ලක්ෂ 4ක පඩියක් මාසිකව ලබා ගන්නා කෙනෙකි. 

70 දශකයේ දී නම්, ලක්ෂයක වැටුපක් ලබන අයෙකු වැටෙන්නේ ධනපති පන්තියට ය. දැන්, එවන් අය ද ”අපේ එකෙක්” කියා බාර ගනී. 

මුහුණු පොත එතරම් දේශපාලන විරෝධී ය. 

දේශපාලන-ආර්ථික විද්‍යාව ගැන ටක්කෙටම ලියන අයගේ පවා ලක්ෂ හතරේ පඩිකාරයා මිත්‍රයෙකි. ඒ අර්ථයෙන්, සියලු දෙනා දැන් ජීවත් වන්නේ අධිපති කතිකාව තුළ ය.

අපි ලක්ෂ හතරේ පඩිකාරයාගේ වාක්‍යය විශ්ලේෂණය කරමු. ඔහු මෙසේ කිය යි.

 “දේශපාලනය දන්නේ සිරිමල් පමණි. අන් අය දේශපාලනය දන්නවා ද නැද්ද යන්න ඔහුගෙන් අසා දැන ගත යුතු ය. ඔහු හැර තවත් ඔහු වැනි අය ද මේ ලෝකයේ සිටිති. ( මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද? )” 

Harini 2020   සිරිමල් වැනි පුරුෂවාදියෙකුට අනුව හරිනි යනු, පිරිමියෙකි.

අපි ඉහත වාක්‍යය කියන විශ්ලේෂිතයාගේ වාක්‍ය රටාව විශ්ලේෂණය කරමු. 

ඔහුට අනුව, (ලක්ෂ හතරේ පඩිකාරයා;  එක වේලකට, අවශ්‍ය නම් චීස්, බටර් සමඟ පාන් පෙත්තක් කා ඌරු මස් ග්‍රෑම් 200ක් ආහාරයට ගත හැකි පුද්ගලයා-other’s enjoyment) ඔහු කියන්නේ සත්‍යයකි. 

නමුත්, ඕනෑම මිනිසෙකු භාෂාව උපයුක්ත කොට තම අදහස් ප්‍රකාශ කිරීමේ දී ඕනෑම අවස්ථාවක තම අවිඥාණික පැවැත්මට සම්බන්ධ සත්‍යයක් (Truth) ප්‍රකාශ කරයි. 

මෙහිදී, කෙනෙක් මතුපිටින් කියන දෙයට (‘දේශපාලනය දන්නේ සිරිමල් පමණි’ වැනි වාක්‍යයන්) කතා කරන හෝ ලියන භාෂාවේ පාලනය කළ නොහැකි යටිපෙළ (එවැන්නක් විශ්වාස කරන්නේ නම්) තුළ තවත් අර්ථයක් සඟවා ප්‍රකාශ කරයි. 

එහිදී, මතුපිටින් ප්‍රකාශ වන දෙය ‘ප්‍රකාශිතය’ නැතහොත් ‘කිව්ව දෙය’ ලෙස ද යටිපෙළ තුළ සඟවා කියන දෙය ‘ප්‍රකාශනය’ නැතහොත් ‘කියමින් සිටීම’ ලෙස ද හැඳින්වෙයි. 

 ‘හරිනි දේශපාලනය ගැන දන්නේ නැහැ’ යනුවෙන් කියන විට එහි යටිපෙළ යනු, ජවිපෙ දේශපාලනය දන්නේ නැත යන්නයි.

 සිරිමල් වැනි පුරුෂවාදියෙකුට අනුව හරිනි යනු, පිරිමියෙකි. ( ලාල්කාන්තට අනුව දිල්හානි ඒකනායක නම් ස්ත්‍රියකි. එයට ප්‍රභා මනුරත්න සාක්ෂියකි.) 

'' සිරිමල් වැනි පුරුෂවාදියෙකුට අනුව හරිනි යනු, පිරිමියෙකි. ( ලාල්කාන්තට අනුව දිල්හානි ඒකනායක නම් ස්ත්‍රියකි. එයට ප්‍රභා මනුරත්න සාක්ෂියකි.) ''

මේ පිරිමින්ගේ කතිකාවට අනුව මිනිස් ශරීරය කැපෙන විදිහයි. රහස හෙළිදරව් වන තැනයි.

 දැන් ගැටලුව වන්නේ, ලක්ෂ හතරේ පඩිකාරයා දේශපාලනය ගැන කියන නිරපේක්ෂ සත්‍යය කුමක්ද යන්න යි. 

(ඔහුගේ සත්‍යය) වචනය පිටුපස ‘දෙයක්’ (Thing) නැත. 

දේශපාලනය යනු, මෙම ව්‍යුහවාදී තේරුමට අනුව හැඟවුම්කාරක දාමයක් පමණි. 

මෙම දාමයට නිශ්චිත හැඩයක් දෙන්නේ, එයට ගල් ගැස්වීමක් යෝජනා කරන්නේ මාස්ටර් හැඟවුම්කාරකය යි. 

සිරිමල්ට අනුව,  දේශපාලනය මේ මොහොතේ අවසාන වශයෙන් කරකවන්නේ JVP එක නොවේ. 

ලක්ෂ හතරේ පඩිකාරයා ද ඒ අර්ථයෙන්, තම ආත්මයේ සත්‍යයක් ප්‍රකාශ කරයි. 

කෙනෙක් ‘කියන දෙය’ සහ ‘කියමින් ඉන්නේ’ කුමක්ද?’ අතර පරතරය (Gap) තුළ දෝලනය වෙයි. 

සිරිමල් යනු, ‘කියන දෙය’ නොවේ. ඔහු කියමින් යන්නේ වෙනත් දෙයකි. එය යටි පෙළකි. 

එය ප්‍රසිද්ධියේ කිව නොහැකිය. 

භාෂාව මිනිස් ආත්මය දෙකට පලයි. මේ බෙදීම අප සැමට වලංගුය.[De-center] 

ලක්ෂ හතරේ පඩිකාරයා යමක් කියන විට ද, එහි ‘කී දේ’ සහ ‘කියමින් සිටින්න’ අතර පෑස්සිය නොහැකි පරතරයක් ඇත. 

මේ පරතරය ඔහුගේ ආත්මය-subject- යි. 

මේ ආත්මයට විනෝද වන නිශ්චිත හැඩයක් ඇත. 

එම සන්දර්භයෙන්, ලක්ෂ හතරේ පඩිකාරයා ජවිපෙ හිතවාදියෙකු වන අතර සිරිමල් ජවිපෙ විරෝධීයෙකු වෙයි. 

තමන්ගේ ‘විනෝදය’ සඟවා අනුන්ගේ විනෝදය හෙළිදරව් කිරීම, අධිපති මතවාදයේ මුඛ්‍ය ලක්ෂණයකි.[Dominant Discourse]

 අධිපති මතවාදය තුළ සිරිමල් සහ ලක්ෂ හතරේ පඩිකාරයා දේශපාලනිකව සමානයන් දෙදෙනෙකි. 

නමුත් දෙදෙනාම කාට හෝ පාක්ෂික ය. 

නමුත් තම තමන්ගේ පාක්ෂිකභාවයන් ගැන දෙදෙනාටම ඇත්තේ අසමාන දැනුමකි.

 ඒ අර්ථයෙන්, ඔවුන් Partial  සහ Partisan ලා ය. 

කෙනෙකුට වාස්තවික වීමට පාක්ෂික සහ පාර්ශවීය වීම අනිවාර්ය වේ. 

දේශපාලනයට එහි ස්වභාවය එන්නේ පසමිතුරුභාවයෙනි. 

ඒ අර්ථයෙන්, දේශපාලනිකය ආත්මීය යි. 

නමුත් සමාජ වාස්තවිකත්වය තුළ කතිකාවේ බලය සිරිමල්ට නැත. 

J.R ගේ යුගයේ ‘බලය කියන්නේ පුදුම දෙයක් පුතා’ කියා කියවුනේ අහම්බයෙන් නොවේ. 

මෙම සංසිද්ධිය තුළින් පැහැදිලි වන්නේ, දෘෂ්ටිවාදය විසින් ආර්ථිකව අසමානයන් දෙදෙනෙක්ව මතවාදීමය සන්දර්භය තුළ සමානයන් දෙදෙනෙකු බවට විස්ථාපනය කරන බවයි. 

එය සිදු වන්නේ, බලහත්කාරයෙන් නොව කැමැත්තෙනි. 

”ලක්ෂ 4ක පඩි ගත්තම අපිට මොකෝ” වැනි ප්‍රශ්න අහන්නේ මේ ආශාව හරහා ය. 

ලක්ෂ හතර හරහා මොහු සූරා කන්නේ, අපේ පන්තියේ කාන්තාවන්ගේ ශ්‍රමය නේද කියා (මේවා බැසිල් උපයන ඩොලර් නොවේ) අසන්නට කෙනෙක් මේ පරසක්වළ තුළ නැත.

 දේශපාලනයේ නියම ස්වරූපය ගැන කිසිවෙකුට කතා කළ නොහැකි ය.

 කතා කළ හැක්කේ, එහි පවත්නා ස්වරූපය (එහි ආකෘති-Forms) ගැන පමණි. 

ඒ අර්ථයෙන්, සිරිමල් සහ ලක්ෂ හතරේ පඩිකාරයා දේශපාලන ආකෘති දෙකක් පමණි. 

එක් අයෙකු දෘෂ්‍යමානය පෙන්වන අතර අනෙකා සාරාත්මක දෙයක් ප්‍රකාශ කරන්නේ නැත. 

සූර්‍ය්යා වටේ අනෙකුත් ග්‍රහලෝක කැරකැවෙනවා වගේ අපි කැරකෙන්නේ එක සංකේතයක් වටේ. 

ඒ තමයි බලය. 

සමාජ ආර්ථික දේශපාලනික බලය.

අපි බලය දිනා ගැනීමේ හා බලය තිබෙන තැනට සමීප වෙන්න කරන අරගලය තමයි වර්ථමානයේ පවතින දේශපාලනය. 

maxresdefault          දීප්ති කුමාර ගුණරත්න 
මට මතකයි දීප්ති අපිට ”මිචෙල් ෆූකෝ” ගේ බලය පාඩම උගන්නපු දවස.

පක්ශ කාර්‍යාලය තිබ්බේ බත්තරමුල්ලේ. මගේ එහා පැත්තෙන් හිටියේ මේඝ මානසී ( එයා හදාගත්ත නම ). 

මේ මීට අවුරුදු පහකට හයකට කළින් වගේ. 

එතකොට ආර්ථික අපහසුතා වගේම වෙනත් දුෂ්කරතා වලට අපේ පක්ෂය මූන දුන්න කාලයක්. 

ඒ අනේකවිධ අපහසුතා මැද්දේ දීප්ති ඉගැන්නුවා. 

බලය, විනෝදය, අපේ අවිඥානික ආශාව මේ ඔක්කොම ගැන අහන් ඉඳලා මේඝ මානසී යන්න ගියා.

අපේ අවිඥානය මේ දැනුම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. 

එහෙම වෙනකොට විවිධාකාර හේතු දක්වලා දැනුම ලබාගැනීම අත් හැරලා දාලා යන්න පුළුවන්.

ඒක නිකං බලාගිරි දෝෂය වගේ. අද නෙමේ හෙට. 

එතකොට මේ “හෙට” කියන එක කවදාවත් උදාවෙන්නේ නැති මොහොතක්.

මේඝ මානසීට හැදුනේ බලාගිරි දෝෂය. 

මට බලය පාඩම අනෙක් මාතෘකා වලට වඩා ඔලුවේ තදට රැඳුනා.

එක එක සමාජ පද්ධතීන් ගැන හිතන් හිටපු විදිය සහ ඒ පද්ධතීන් හඳුන ගත්ත විදිය සහමුලින්ම වෙනස් වෙන්න බලය පාඩම උදව් උනා.

නූතන බලය කියන්නේ අපිට බැලූ බැල්මට නිශ්චිතව පවතින දෙයක් නෙමේ.ඒක නිකන් ආකර්ශනයක්. 

ඒ වගේම බලය  ඕනැම තැනකින් ඕනෑම ප්‍රපංචයක් වෙතට මාරු වෙන්න පුළුවන් සංකේතයක්. 

බලය ලිංගිකත්වය, දැනුම , සමාජ දේශපාලනය, ආර්ථිකය ඇතුලේ පවතින අතර එය බාහිර කාරණයක් නෙමේ. 

මේක අපිට සරළවම තේරුම් ගන්න පුළුවන් උදාහරණයකට අපි යමු.. 

Namal 1පත්තර කන්තෝරුවක් තියනවා. ඒකේ ඉන්නවා ප්‍රධාන කතෲ. එතකොට සංකේතාත්මකව බලය තියෙන්නේ ප්‍රධාන කතෲ තුමාට.

 දැන් මේ පත්තර කන්තෝරුව ඇතුළට අපි ගියොත් අපිට පේනවා ප්‍රධාන කතෲ තුමාගේ කාමරේට රිංගනවා විශේශාංග ලිපි ලියන්න හොරොව්පතාන වගේ දුෂ්කර ප්‍රදේශයකින් කොළඹට ආපු ගෑනු ළමයෙක්. 

මේ ළමයා හැමදාම උදේට කතෲ තුමාගේ කාමරේ පහන පත්තු කරලා මල් තියලා හඳුන්කූරු ගහනවා.

කතෲ තුමා ආව ගමන් රස්නෙට තේකක් හදන් දුවන් යනවා. 

ලිපි ලියන්න දෙන්නම එකට කාර් එකේ එළියට යනවා. හවස් වෙලා එනවා. 

එතකොට පත්තරේ කාලාන්තරයක් ඉඳන් වැඩ කරන අය මේ හොරොව්පතාන ගෑනු ළමයට කතෲ තුමාට වගේම සළකනවා. ඊටත් වැඩියෙන් සළකනවා. 

ඒ අයට පත්තරේ මුල් පිටුවේ ලිපි ලියන්න චාන්ස් එක හම්බෙනවා. 

හොරොව්පතානෙන් ආවා ගෑනු ළමයා අකමැති, නොරුස්සන අයට හම්බෙන්නේ මොන්ටිසෝරියක විවිධප්‍රසංගයක් , බේරේ වැවේ මාළු මැරෙන එක ගැන ,ගමේ මරනාධාර සමිතියේ සභාපතිගේ වයිෆ් ගැන ලියන්න. 

එතකොට බලය තියෙන්නේ හරියටම කා ලඟද? ප්‍රධාන කතෲ ලඟද? එහෙමත් නැත්නම හොරොව්පතානෙන් ආවා ගෑනු ළමයා ලඟඳ?  හිතලා බලන්න උත්තරේ හම්බෙයි. 

මට මේක නිකං සත්ත්ව ආහාර දාමයක් වගේ. 

තණකොළපෙත්තා කොළ කනවා. මීයා තණකොළපෙත්තාව කනවා. මීයව කනවා නයා. නයාව කනවා උකුස්සා.

බලය සංචලනට වෙනවා. මෙතන්ට ස්ත්‍රියක් ආවොත් ඔක්කොම ටික කුඩු පට්ටම් වෙනවා. මීයවත් කාලා, නයාවත් මරලා උකුස්සවත් අල්ලන් තණකොළත් කාළා තමයි යන්නේ.
 
වර්ථමානයේ අපි බලය ( power) වෙනුවට ඒකට කියන්නේ වසඟය (Seduction )කියලා. 

බලය වසඟයක් බවට පත් වෙලා. 

අපි වටා පවතින සෑම සම්බන්ධකමකම සහ සෑම ප්‍රපංචයක් තුළම, පද්ධතියකම අභ්‍යන්තරයේ තියෙන්නේ මේ වසඟය. 

''වර්ථමානයේ අපි බලය ( power) වෙනුවට ඒකට කියන්නේ වසඟය (Seduction )කියලා. බලය වසඟයක් බවට පත් වෙලා. අපි වටා පවතින සෑම සම්බන්ධකමකම සහ සෑම ප්‍රපංචයක් තුළම,පද්ධතියකම අභ්‍යන්තරයේ තියෙන්නේ මේ වසඟය. ''
e1031d08 tehani and iraj newsfirst 1               ''ඉරාජුයි ටෙහානියි දන්නවා බලය තියෙන්නේ කොතනද කියලා.''

දැන් ඇයි ඉරාජ් වීරරත්නටයි ටෙහානි ඉමාරටයි තරුණසේවා එකේ අධ්‍යක්ෂ මණඩලයේ තනතුරු හම්බුනේ කියන ප්‍රශ්නයට උත්තරය තියනවා. 

ඉරාජුයි ටෙහානියි ෆූකෝ කියවලා නෑ.

ඒත් ටක්කෙටම දන්නවා බලය තියෙන්නේ කොතනද කියලා.

නිකං කාන්දම් වගේ එතන්ට ආකර්ශනය වෙනවා.

නාමල් බේබී, චිචී අයියලා එක්ක පාර්ටි දාලා ඉන්ස්ටර්ගෑම් එකේ ෆොටෝ අප්ලෝඩ් කරපු ටෙහානි ඉමාරට තරුණසේවා එකේ පුටුවක් හම්බුන එකට නටලා බෙර ගහලා කොහොමද එහෙම උනේ, මොකක්ද සුදුසුකම් වගේ මෝඩ ප්‍රශ්න අහන්න එපා.

ඔව්.ඒ ප්‍රශ්ණ මෝඩයි.

අපි දන්නවා ජන්දෙට කළින් ඉඳලම ඉරාජ්ට අඹ ගෙඩියක් හම්බෙනවා කියලා.

ඉරාජ් කියන්නේ ප්‍රීතීරාජ් වීරරත්නගෙ පුතා.

තාත්තා බිස්නස්කාරයා. පුතත් බිස්නස්කාරයා.

පහු ගිය වකවානුවේ ඉරාජ් සිංදු හැදුවේ, පන්සල් වලට වතුර නෑ කියලා ගැහුවේ, පුරාවස්තු ගැන කතා කරේ, බෞද්ධ ආගම රැකගන්න කතා කරේ සල්ලි වලට. 

කවුරු හරි හිතන් ඉන්නවා නං නෑ ඉරාජ් රට වෙනුවෙන් , රාජපක්ෂ රෙජිමයට තියන භක්තිය වෙනුවෙන් ඒවා කරේ කියලා ඔලුව තුවාල වෙන්න ගහගන්න බිත්තියක. 

ඉරාජ්ට නිකන් ”ආ” කියලා කට අරින්නත් අඩුම තරමේ අතට ලක්ශ දෙක තුනක්වත් ඕන. 

ටෙහානි ඉමාරාගෙ ඉන්සටගෑම්, ෆේස්බුක් එහෙම කාලයක් තිස්සේ ෆලෝ කරපු අය නං දන්නවා ටෙහානි නම් කොහොමහරි ටුම්බක්ටුවේ තරුණසේවා එක ඇතුළට හරි යනවා කියලා.

හැබැයි මේකේ පොඩි කැච් එකක් තියනවා. 

ඒ කියන්නේ බලය කියන්නේ එක තැනක තියන එකක් නෙමේ.

බලය එක තැනකින් තවත් තැනකට හුවමාරු වෙනකොට ඉරාජ්ට යි ටෙහානිටයි සිද්ධ වෙනවා ආයේ මුළටම යන්න.

එහෙම නැත්තන් දෙන්නම එකතු වෙලා ෆූකෝ කියවන්න. 

ඒක අමාරු නං බලය මාරු වෙන තැන අඳුනගෙන එතන්ට ගිහින් රෙදි ගලවලා ආයේ ඇදගෙන ආයේ ගලවන්න. 

මේ හැම දේම සිද්ධ වෙන්නේ අපි කාලෙකට කලින් ඉදන් කියපු විදියට.

අපි දන්නවා බලය හැසිරෙන විදිය.

ඉස්සරහට ඕශධීට යුධ කටයුතු අමාත්‍යාංශයේ තුවක්කු, අත් බෝම්බ නන් චක්ස් භාර ලේකම්වරිය වගේ එකක් දෙන්න පුළුවන්. 

ඇයි එයා යුද්ධ කාලේ පුදුකුඩිඉරුප්පුවෙත් ගිහින් මිසයිල වලට මූන ළඟින් වගේ යන්න දීලා ආව එඩිතර ස්ත්‍රියක්.

ඕනෑම මොහොතක බලය රඳා පවතන තැන වෙනස් වෙන්න පුළුවන්.

 අපි හරියටම ස්ටඩී කරන්න ඕන බලය කියන සබ්ජෙක්ට් එක ගැන. 

එතකොට අන්ධයෝ වගේ අත පත ගාන වම්මු වගේ නොවී ඉන්න පුළුවන්කම ලැබෙනවා.
 

  ඉරාජ් , ටෙහානිට සුභ පැතුම්! 

ඒත් එක්කම මෛත්‍රීපාල සිරිසේන කිව්වා වගේ ” වෙහෙසකර අභියෝගයක් ජයගත් පසු එහි අග්‍රඵලය ලබන්න නිහඩව ටික කාලයක් බලා සිටිය යුතුයි.

“ එහෙම කියලා ඔන්න ඉරාජ් තරුණ සේවා එක ඇතුළේ ගෑනු ළමයින්ගේ පපුවේ, වටොරෙ සයිස් මැනලා දෙකයි පනහේ රැප් කෑලි දාලා වීඩියෝ කරන්න ඔට්ටු නෑ. ''


(Ramesha Siriwardana - 3mana.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්