leader s

දේශපාලනයේ කුමන්ත්‍රණ න්‍යාය පිළිබඳ විශේෂ කතාබහක් ඇති වූයේ 1963 දී ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයෙන් පසුවය.


ඝාතකයා ලෙස හඳුනාගත් ලී හාවි ඔස්වල්ඩ් තනිවම ක්‍රියා කළේ නැති බවත් මේ ඝාතනය පිටුපස CIA සංවිධානය, මාෆියා කණ්ඩායම්, වාමාංශික රටවල් ඇති බවට අද දක්වා සාකච්ඡාවට ලක්වේ. මේ පිළිබඳ තැනුණු චිත්‍රපට නිෂ්පාදනය වූ වාර්තා චිත්‍රපට, සහ චිත්‍රපට ලියැවුණු ග්‍රන්ථ රාශියකි.

ඇමරිකානුවන් හඳට 1969 දී ගොඩ බැස්සේ නැති බවට විශාල මතවාදයක් ද වේ. සීතල යුද්ධය උග්‍රව පැවති එකල සඳ ජය ගැනීමට සෝවියට් සමූහාණ්ඩුව සහ ඇමෙරිකාව අතර තරගයක් විය. සඳට ගොඩ බැසීම සම්පූර්ණයෙන් ගොඩබිමේදී රූගත කරන ලද සිදුවීමක් බවට විශ්වාස කරන විශාල පිරිසක් අදටද වෙති. නැවත වරක් ඇමෙරිකාව හඳේ කක්ෂය වටා රොකට්ටුවක් යවන විට අතීත කතාව කරලියට පැමිණියේය.

 

9 11

2001 සැප්තැම්බර් 11ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සිදුවූ ප්‍රහාරය අභ්‍යන්තර කටයුත්තක් බවට ද, ලෝකය පාලනය කරනු ලබන්නේ ඉලුමිනාටි සංවිධානය බවට ද (ඇමෙරිකානු ඩොලර් එකේ නෝට්ටුවේ දැක්වෙන සංකේතය එම සංවිධානයේ සංකේතයයි) වැනි විවිධ කුමන්ත්‍රණ මත වාද රාශියක් පවතින අතර ජෝසප් එප්ස්ටින් ගේ ලිපිගොනු පිළිබඳව මේ දිනවල සිදුවන කතාබහ කිසිසේත් බැහැර කළ නොහැකිය.

අපේ දේශපාලනය තුළද කුමන්ත්‍රණ ඉතිහාසය ඉතා ප්‍රබලය. 1966 දී සිදුවූ දෙවන හමුදා කුමන්ත්‍රණය පිළිබඳ එවකට පැවති ඩඩ්ලි සේනානායක රජය දැඩි ක්‍රියාමාර්ග ගත්තේය. එවකට සිටි ප්‍රබල භික්ෂුවක් වූ හේන්පිට ගෙදර ඥානසිහ හිමි “ඒකාධිපතිවාදය”නමින් පොතක් ලියා පළ කර අතර උන්වහන්සේ හිටපු හමුදාපති රිචඩ් උඩුගම සහ තවත් හමුදා නිලධාරීන් පිරිසක් එක්ව ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් කළ බවට අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවාගෙන සිටියේය.

 

henpitagera nanseeha theroහේන්පිට ගෙදර ඥානසිහ හිමි

 

1966 අප්‍රේල් 15 දින සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රත්නපුරේ එල්.වී පොඩි අප්පුහාමි නොහොත් දොඩම්පේ මුදලාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවෙනි තට්ටුවෙන් පැන සියදිවි නසා ගත්තේ යැයි තොරතුරු වාර්තා විය. ඊට පසු දින අත්අඩංගුවට ගෙන සිටි මාතර හතමුන පදිංචි  කෝප්රල් තිරකවර්ධනද හතරවෙනි තට්ටුවෙන් බිමට පැන මිය ගියේ යැයි පොලිසිය වාර්තා කළේය. නමුත් පසුව හෙළි වූයේ පොලිස් පරීක්ෂක රාහුල සිල්වා සිදු කරන ලද පහරදීම් හේතුවෙන් මෙම ඝාතන සිදුවී ඇති බවත් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම් ක්‍රියාදාමයේදී මෙය සිදුවී ඇති බවත්ය.

සිදුවූ සමහර සිදුවීම් මේ දක්වා හෙළි වී නොමැති නමුත් 1969 අගෝස්තු 30 වෙනිදා හේන්පිටගෙදර ඥානසිහ හිමි. සහ හිටපු හමුදාපති වරයා අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරන ලදී. වසර තුනක කාලයක් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට ආඛ්‍යානය සපයන ලද්දේ මෙම සිදුවීමයි.

 

wijaya kumarathuntha

ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විජය කුමාරතුංග ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියේද කූප්‍රකට “නැක්සලයිට්” චෝදනා එල්ල කරමිනි. අවසානයේ චෝදනා ඔප්පු කිරීමට තබා චෝදනා ඉදිරිපත් කිරීමටත් රජය අසමත් විය. සමහර කුමන්ත්‍රණ වලදී ඉදිරිපත් කරන තර්කය ප්‍රබලය. එබැවින් ජනතාව කාලයත් එය සත්‍ය බව විශ්වාස කරති. සමහර ආඛ්‍යාන කිසිසේත් පිළිගත නොහැකි තරම් දුර්වලය.


Rasanga(සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
ජාතික සංවිධායක
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්