leader s

ආණ්ඩුවේ ආයු කාලය මේ වන විට 40% ඉක්මවා ඇත. ඉතිරි 60% ආණ්ඩුව කරන්න යන්නේ කුමක්ද යන කරුණ මත 2029 මැතිවරණයේ ඉරණම තීරණය වනු ඇත.

2027 අප්‍රේල් වන විට ආණ්ඩුව සහ IMF ආයතනය අතර ගිවිසුම අවසන් වීමට නියමිතය.  2027 අප්‍රේල් මාසයේ පසු ආණ්ඩුවේ ආර්ථික පරාමිතින් මොනවාද? 2028 මුල් කාර්තුව තුළ ආණ්ඩුව දැනට ප්‍රතිව්‍යුහගත ගත කරන ලද ණය ගෙවීමේ හැකියාවක් ඇතිද? එසේ ණය ගෙවා ගත නොහැකි වුවහොත් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ආණ්ඩුව ප්‍රකාශ කර නැත.

 

tax 250103

ආණ්ඩුවේ ප්‍රකාශකයින්ට අනුව නම් ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය ඉතා ප්‍රශස්ත මට්ටමක ඇත. කෘතිමව මහා බැංකුව රටේ පොලී අනුපාත පාලනය කර ඇතත් මහ බැංකුවට උද්ධමනය පාලනය කල නොහැකිය. උද්ධමන අනුපාතයට අනුව රටේ පොලී අනුපාතය වැඩි නොකළොත් නරක ප්‍රතිවිපාක ඇති කරන බව ආණ්ඩුව දැනගත යුතුය. මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිළිතුරු දෙමින් කියා ඇත්තේ ආනයන සීමා කිරීමෙන් ණය ගෙවීමේ හැකියාවක් ඇති බවයි. අපිට අනිල්ගෙන් ඇසීමට ඇත්තේ එතරම් අවදානමක් ඇත්නම් 1 1/2 ට ඩොලර් බිලියන 3 1/2 කට වාහන ආනයනය කරන ලද්දේ ඇයිද යන්නයි. තවද නියෝජ්‍ය මුදල් ඇමති ලෙස සීමා කිරීමට අපේක්ෂා කරන ආනයන මොනවාද යන්නත් සඳහන් කළ යුතුය. ආනයන කරන ගෑස් හා ඉන්ධන, ඖෂධ, පොහොර හා රසායන ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ආහාර සීමා කළ හැකිද. සාමාන්‍ය ජන ජීවිතයට බදු පනවා භාණ්ඩාගාරය පුරවා ගත්තා නම් නැවත වරක් එම මුදල් ආර්ථිකයට එකතු නොවන්නේ මන්ද යන්න සාමාන්‍ය ජනතාවට ඇති ගැටලුවකි. ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන අගයක් ගෙන ඇත්තේ ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් අපේක්ෂිත ඉලක්කයෙන් 20% සපුරා නැති තත්ත්වයක් තුළය.

අපට ඇති ගැටලුව වී ඇත්තේ මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ කවුරුන්ද යන්නයි. මොකද පවතින ආර්ථික ක්‍රියාවලිය තුළ රැකියා උත්පාදනය වෙනුවට සිදුවී ඇත්තේ පවතින රැකියාත් හැකිලී යෑමයි. ජනාධිපතිවරණය මැතිවරණයට පෙර එනවා කිසිදු ආයෝජකයෙක් පැමිණ ඇත්තේ නැත. ඒ වෙනුවට මධ්‍යම කුඩා හා ශුද්‍ර මට්ටමේ ව්‍යාපාර වේගයෙන් වැසෙමින් ඇත. අලුතින් පටන් ගන්න මහා පරිමාණ මධ්‍යම හෝ ශුද්‍ර ව්‍යාපාර දකින්නට නැත. ආණ්ඩුව කොතරම් බැංකු ණය ක්‍රියාවලින් ගැන යෝජනා කළත් සැලකිය යුතු පිරිසක් ණය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වන්නේ නැත. ණය ගනු ලබන අය දන්න කරුණ වනුයේ කුමන දෙයක් නිෂ්පාදනය කළත් ඒ සඳහා වෙළඳපොලක් නැති බවයි. ආණ්ඩුව කල්පනා කළ යුතු වන්නේ මෙම වෙළඳපොළ කඩා වැටී ඇත්තේ ඇයිද යන්නයි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අධික බදු නිසා වැඩි වී ඇති හෙයින් සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හැර වෙනත් දෙයක් මිලදී ගැනීමට හැකියාවක් නැත. උදාහරණ ලෙස එළවළු නිෂ්පාදනය අඩුවී තිබුණත් මිල ඉහළ නොයන්නේ, ලොකුම වෙළඳපොළ වන කම්කරුවන් හා පහළ මධ්‍යම පංතිකයන් එළවළු පරිභෝජනයෙන් ඉවත් වීමයි. කම්කරුවන් හා පහළ මධ්‍යම පංතිකයන් දරා ගත නොහැකි සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන හා නිවාස උද්ධමනයක පැටලී ඇත. තමන්ට උකස් කළ හැකි සියල්ල උකස් කර ඇත. රටේ ජනතාවගේ ණයගැති භාවය ජනාධිපතිතුමාට දැන ගැනීමට අවශ්‍ය නම් C.R.I.B  වාර්තාවකින් එය බලා ගත හැකිය.

 

poor 260110

රටේ ඉහළ මධ්‍යම පංතිය ක්‍රෙඩිට් කාඩ් (Credit Card ) කුට්ටමකින් ඉතා වැදගත් ලෙස මෙම ණය උගුල තුළ හිරවී ඇත. ගෘහස්ථ ඉතිරි කිරීම් අඩු නිසා සියලුම බැංකු credit card වෙළඳාමට පැමිණ ඇත. ජනාධිපතිතුමා අවබෝධ කරගත යුතු වන්නේ මෙම ණය බුබුල කිසියම් හෝ අවස්ථාවක පුපුරා යා හැකි බවයි. ජනාධිපතිවරයා කල්පනා කළ යුතු වන්නේ දැනට හැකිලෙමින් යන ආර්ථිකය විදාරණය කරන්නේ කෙසේද යන්නයි. එසේ නම් එහිදී ප්‍රධාන ඉලක්කය විය යුත්තේ. කම්කරුවන් ගොවියන් හා පහළ මධ්‍යම පන්තිකයන්ගේ ගන්නා බදු ප්‍රමාණයෙන් 30% ක්  වත් අඩු කරන්නේ කෙසේද යන්න සොයා බැලීමයි. උදාහරණයක් ලෙස අරක්කු ලීටරයකින් ගනු ලබන බද්ද රුපියල් 1500ක් අඩු කළොත් එම රුපියල් 1500 මුදල අධ්‍යාපන හා ආහාර සඳහා වියදම් කළ හැකිය. එයින් ආණ්ඩුවට දිගුකාලීනව වාසියක් ලැබේ. දැනට තියෙන වාර්තා අනුව රටේ ළමා පරපුරෙන් 30% වඩා පිරිසකට මන්දපෝෂණය පවතී.

el nino 260626
ආණ්ඩුවට තියෙන ප්‍රධාන අනතුර මෙම ආර්ථික ගැටලුවයි. ආර්ථික ගැටලුව දේශපාලන ගැටලුවක් වීමට යන්නේ කුඩා කාලයකි. පසුගිය ගෝඨාභය ආණ්ඩුව ගෙදර ගියේ. ආර්ථික අර්බුදයන් ඇති දේශපාලන පිපිරීමෙන්ය. ජාත්‍යන්තර වශයෙන්ද ඇත්තේ ඉතා අවිනිශ්චිතත තත්ත්වයකි. ඇතිවෙමින් යන එල්නිනෝ තත්ත්වයද ඇති කරන්නේ බරපතළ අවදානමකි. එල්නිනෝ තත්ත්වය ඇතුළේ අප ආනයනය කරනු ලබන ආහාර වල මිල ඉහල යනු ඇත. ජල විදුලි නිෂ්පාදනය වෙනුවට ඩීසල් හා ගල් අඟුරු මඟින් විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුවනු ඇත.නියඟය නිසා අපේ රටේ කෘෂි නිෂ්පාදන වලදී මිල ඉහළ යනු ඇත. නියඟය නිසා සංචාරක පැමිණීමද පහළ යෑමේ ඉඩකඩක් ඇත. මෙම සියලු අවදානම් සඳහා ආණ්ඩුව සතුව මාර්ග සිතියමක් ඇතිද. මෙම අවදානම් ගැන නොසිතා ආණ්ඩුවට 22 වන ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ කුමකටද? දැවැන්ත ආර්ථික අර්බුදයක් එන විට මිනිසුන් ආණ්ඩුවේ අණ පිළිපදින්නේ නැති බව තේරුම් ගැනීමට ආණ්ඩුවට තවමත් කාලය ඇත.

 

 vipula karunathilaka
(සටහන | විපුල කරුණාතිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්