Opinion
Showing page 186 of 187 (2,797 articles)

'නරක මුසල්මානුවකු'ගේ ස්වයං චරිතාපදානය කෙටියෙන් ලිවීම
හැදී වැඩෙන කාලයේ ඉම්ටියාස් බාකීර් මාකර් මෙන් මම අම්මා සමග සිංහලෙන් කතා නොකළෙමි.

දණ්ඩ මුක්තිය දෙන්න වළිකන රතන හිමි හා ඒකාබද්ධය
පැය 24 ක කාලය ලබාදීම් කිහිපයකට පසු මැයි 31 වැනිදා ඇරඹි අතුරලියේ රතන හිමි නාටකය දින 04 කට පසු ජූනි 03 වැනිදා අවසන් විය.


බෞද්ධයනි අවදිවව් ! පොසොන් මාසයේ බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් !!
මේ උදා වූයේ පොසොන් මාසයයි. ``මහරජ ! මේ ගස හැර තවත් ගස් තිබේද ?`` කියා මිහිඳු මහ රහතන් වහන්සේ ඉන්දියාවේ සිට වැඩම කරලා, ලංකාවේ එවකට සිටි රජු වූ දේවානම්පියතිස්ස රජුගෙන් ඇසුවේ මෙවැනි මාසයකයි.

''ඔබේ පක්ෂයේ හොරා ඔබට විරුවෙකු වන තුරු මේ රට ඝන අන්ධකාරයේ ය'' - රවී සිරිවර්ධන
මුස්ලිම් නායකයන්ගේ සමගිය දකිනු නොරිසිව කට කියවන මිතුරනි,

ඉන්දියාවේ වෙච්චි දේ ලංකාවේත් වෙයිද ? - ශ්‍රීරාල්ගේ විග්‍රහයක්
ඉන්දියානු මහමැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය (බීජේපී) විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගත්තේය.

ඥාණසාරට එරෙහිව රතන : දේවයන්ට එදිරිව විශ්වයන්ද
දැන් එකවරම ජාතික වීරයෝ දෙදෙනෙක් සිංහල බෞද්ධ ජාතියට පහලවී සිටිති. කෙනෙක් ගලබඩ අත්තේ ඥාණසාරයන්ය එනෙකා අතුරලියේ රතනයන්ය.

විශ්වාසභංගය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්
අප්‍රේල් මස 21 වෙනි පාස්කු ඉරු දින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද්දේ ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් වූ අයිඑස්අයිඑස් සංවිධානයේ

එක්සත් ජාතික පක්ෂයට තමන්ගේම වු දෟෂ්ඨියක් පවතින්නේ ද? - නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක
වර්තමාන ආණ්ඩුව සමාජය තුළ ජනප්‍රිය නොවන බව බොහෝ දෙනකුගේ මතයයි. එම නිසාම ඇතමකු අවිද්‍යාත්මකව පවසන්නේ අනාගතයේ දී පැවැත්වෙන ජාතික මැතිවරනයකදී එජාපයට තමන්ගේම වූ ජනාධිපතිවරයකු පත් කර ගැනීම හෝ තමන්ගේම රජයක් පිහිටුවීට ඇති ඉඩකඩ ඉතා අල්ප වන බවයි.

මෙය “සිංහල බෞද්ධ රාජ්‍යයක්” ලෙස පිළිගැනීමට නම්....: බැසිල්ගේ උපදේශකගේ කතාවට කුසල්ගෙන් ප්‍රතිචාරයක්
මේ “ලක්බිම” අනාදිමත් කාලයක සිට පවතින්නේ “සිංහල බෞද්ධ රාජ්‍යයක්” යැයි පිළිගැනීමට නොහැක්කේ මන්දැයි අසා ඇත්තේ සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගිය පන්සලේ ගේට්ටුව ළඟ කපුරු බෝල අලෙවි කරන අහිංසක කාන්තාවක් නොවේ. එසේ අසන්නේ ලංකාදීප පුවත් පතට පසුගිය (මැයි 17) “කිවිදා විග්‍රහය” ලියූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය චරිත හේරත් ය.

මිනිස් සංහාරයක අස්වැන්න නෙලන අපේක්ෂකයෙක් !
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘නීතිය ඉදිරියේ සමානත්වය’ පිළිබඳ සංකල්පය, නන්දා මාලිනියගේ ගීතමය වැලපීමක නව අර්ථකථනයක් වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය:

ප්‍රධාන ප්‍රවාහයේ මුස්ලිම්වරු ප්‍රගතිගාමී ඉස්ලාම් දහමක් වෙනුවෙන් එක්සත් විය යුතුය -අමීන් ඉසදීන්
පාස්කු ඉරිදා ඇති වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් නිසා රටේ නැගෙමින් තිඛෙන ඉස්ලාම් භීතිකාව, වෛරී භාෂණය, අවිශ්වාසය සහ අවඥාව මධ්‍යයේ, ඉස්ලාම් දහම පිළිබඳවත්, එහි ඉගැන්වීම් සහ නියෝග පිළිබඳවත් උභතෝකෝටික ප්‍රශ්න ගණනාවක් මතුකොට තිබේ.

ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගන්න බැරි ඇයි ? බැසිල්ගේ උපදේශක විමසයි
බෞද්ධ සංස්කෘතික ඉතිහාසයක් හා උරුමයක් ඇති රටක් ලෙසින් මේ රට පිළිගැනීමට මේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට හැකියාවක් නැත්තේ ඇයි දැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් මහතා විමසා සිටියි.

ඇඟට දැනෙන මුස්ලිම් විරෝධයකට අනගි යෝජනාවක් !
පාස්කු ඉරිදා විනාශයෙන් පසු සිංහල බෞද්ධ දේශප්‍රේමීන් වහා කල එළි බැස්සේ මුස්ලිම් විරෝධයක් කරපින්නා ගෙනය. එළෙසින් ලේ රත් කරගත් අය මේ දිනවල වමාරන්නේ “මුස්ලිම් විරෝධය” සංවිධානාත්මකව සමාජගත කිරීමේ ද්වේශය, වෛරය රැගත් වට්ටෝරු ය.

ශ්‍රී ලංකාව ජාතියක් ලෙස පරිණතද ?
අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සති 03ක කාලයක් ගතවන විටත් අර්බුදය විසදෙන මාර්ගයක් ලංකාවට පැමිණ නැත. පසුගිය 21 වනදා සිට අද වන විට තවත් සිදුවීම් සිදුවන්නේ වාර්ගික අසමගිය තීව්‍රර වන ආකාරයටය. ඇමරිකාව 9/11 ප්‍රහාරය එල්ල වීමෙන් පසු එරට වැසියන්ට විශාල කම්පනයක් ඇති වුවත් ජන ජීවිතය කඩා වැටුණේ නැත. එරට සාමාන්‍ය මුස්ලිම් වැසියන්ට කවුරුත් අඩන්තේට්ටම් නොකළේය. මෑතක එංගලන්තයේ මැන්චෙස්ටර්හි සංගීත ප්‍රසංගයක් පැවති ක්‍රිඩාංගනයට ප්‍රහාර එල්ල වීමෙන් පසුද එරට විශාල කම්පනයක් ඇති වුවත් එය සමාජයේ වෛරය පතුරුවන සිදුවීමක් බවට පත් වූයේ නැත. එංගලන්තයේ මුස්ලිම් ජනගහනයෙන් විශාල පිරිසක් ජීවත් වන්නේද මැන්චෙස්ටර් ප්‍රදේශයේ වුවද, කිසිදු පහරදීමක් සිදු වූයේ නැත. ලෝකයේ ශිෂ්ට රටවල මෙවන් සිදුවීමක් වූ පසු එම රටවල නායකයන් ක්‍රියා කරන්නේ ගැටලුවේ වර්තමාන තත්ත්වය මත පදනම්වය. ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එහි අනෙක් පැත්තය. ප්‍රධාන දේශපාලන ධාරාවේ ප්‍රකාශකයෝ එකින් එකාට සිදුවීමේ වගකීම භාරගන්නා ලෙස දෝෂාරොපණය කරමින් අද දක්වාම කටයුතු කරති. ඇමරිකාවේ 9/11 ප්‍රහාරයට පසු ඇමෙරිකාවේ කිසි කෙනෙක් අල්කයිදා සංවිධානය නිර්මාණය කළ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන්ට චෝදනා කළේ නැත. එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍ය ජාතිවාදීයකු ලෙස සලකන නයිජල් ෆරාජ් වත් එහි වගකීම ආණ්ඩුව බාරගත යුතු යැයි චෝදනා නොකළේය. ලංකාවේ දේශපාලන නායකයින් එසේ කරන විට ඕස්ට්‍රේලියානු රජය තම පුරවැසියන් වූ ලාංකික ජාතිකයින් දෙදෙනාට තම යුතුකම් තනාපති කාර්යාල හරහා ඉටුකොට තිබුණි. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේදීද පුරවැසියන් වෙනුවෙන් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවය රැක තම කනගාටුව ප්‍රකාශ කර තිබුණි. මේ වගකීම් විරහිත ආකල්පයට බලපාන හේතුව කුමක්ද? ලාංකීය දේශපාලනඥයින් මේ සිදුවීම කෙරෙහි දක්වන මේ වගකීම් විරහිත ආකල්පයට බලපාන හේතුව කුමක්ද? ඊට බලපාන ප්‍රධාන හේතුව වන්නේ ලාංකීය සමාජයේ අපරාජිකභාවයයි. ඕනෑම සමාජයක පරිනතභාවය එන්නේ රජය මෙහෙයවන පිරිසගේ ඇති ආකල්පවල ඇති දූරදර්ශීභාවය මතය. මේ ලියුම්කරුගේ නිරීක්ෂණයට අනුව අද දවසේ රාජ්‍යය මෙහෙයවන සිංහල බෞද්ධ ග්‍රාමීය මධ්‍යම පන්තිය විශාල ලෙස ජාතිවාදී බවට පත්වී ඇත. වසර 40කට පෙර මෙම තත්ත්වය ලංකාවේ දක්නට නොලැබුණි. එකල රාජ්‍යය මෙහෙය වූ නාගරික මධ්‍යම පන්තිය මෙන්ම ග්‍රාමී්‍ය මධ්‍යම පන්තියද මධ්‍යම පාන්තික වටිනාකම් වන ප්‍රජාතන්ත්‍රවාදය, සංස්කෘතිය සංහිඳියාව අවමානය ජනිත නොකරන මිනිස් සබඳතා අගය කළ කොටසක් වූහ. ඒ සඳහා අවශ්‍ය ශික්ෂණය යටත් විජිත අධ්‍යාපනයෙන් මේ පිරිසට ලැබී තිබුණි. මේ අයගේ සංස්කෘතික ජීවිතය සඳහා අවශ්‍ය නවකතා නාට්‍ය සංගීතය චිත්‍රපය බිහි වී තිබුණි. අදවන විට මෙම මධ්‍යම පන්තියේ සුසුමාදර්ශ වෙනසක් වී ඇත. අද මධ්‍යම පන්තිය ලෙස හඳුන්වන්නේ සංස්කෘතියක් නොමැති අධි පාරිභෝගිකයෙකි. මධ්‍යම පන්තිය මනින නිර්නායකය වී ඇත්තේ පරිභෝජන ආර්ථිකයට දක්වන සබඳතාවයයි. මේ අයගේ කිසිදු විචාර බුද්ධියක් නැත. අදවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීන් රජයේ ආයතන ප්‍රධානීන් පුද්ගලික අංශයේ විධායකයන් බවට පත්ව ඇත්තේ මේ සංස්කෘතික නිර්ධනයන්ය. මේ අයට පුද්ගලිකත්වය හැර වෙනත් කිසිදු වටිනාකමක් නැත. මානව ගරුත්වය වෙනුවෙන් ගනු ලබන තීරණයන්ට එකඟ වන්නේ නැත. මීට අවුරුදු 20කට පමණ පෙර ලංකාවේ සියලුම පාසල් ආගම් හෝ ජාතීන් ලෙස වෙන් නොකළ යුතුයි යනුවෙන් යෝජනාවක් ආවිට කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරියට ගොස් විරෝධයක් කළේ චම්පික රණවක හා උදය ගම්පන්පිලයි. එදා ඔවුන් ප්‍රකාශ කළේ මෙයට ඉඩ දුන්නොත් ආනන්ද විදුහල, සහිරා විදුහල බවට පත්වන බවය. ලංකාවේ මුස්ලිම් ජනගහනය ගැන මිත්‍යා මත ! අද වන විට මේ සිංහල බෞද්ධ මධ්‍යම පන්තිය ප්‍රචාරය කරමින් ඇති මතයක් වන්නේ රටේ අවුරුදු 0-8 අතර දරුවන්ගෙන් 65%ක් පමණ මුස්ලිම් ජාතිකයන් බවය. ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව අනුවත් පාසල් සංගණන වාර්තා අනුවත් එය එසේ නොවන බවත් එය ඇත්තක් නම් ලංකාවේ මුස්ලිම් ජනගහනයෙන් 80% අයිතිවිය යුත්තේ වයස අඩු අය බවට මේ ලියුම්කරු එම මතය ප්‍රකාශ කරන අයට ප්‍රකාශ කළත් ඔවුන් එය පිළිගන්නේ නැත. තවද මේ අය ගෙන යන තවත් ප්‍රචාරයක් වන්නේ මුස්ලිම් ව්‍යාපාර සමග සිංහලයන් ගනුදෙනු කිරීම නැවැත්විය යුතුය යනුවෙනි. කනගාටුවට කරුණ වන්නේ මේ අය අමතක කරන සිදුවීම වන්නේ ගෙවීම් ශේෂයේ හිඟය පියවන ප්‍රධාන මාර්ගය බවට පත් වී ඇත්තේ මුස්ලිම් රටවල ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්ගේ ප්‍රේරණ මගින් බවය. මධ්‍යම පන්තියට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ ගෙන ඒමට අවශ්‍ය ඩොලර් ලැබෙන්නේ මේ ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්ගේ දුක් සුසුම් මගිනි. ගැටලුව වන්නේ මුස්ලිම් අභියෝගය ගැන කතා කරන සුධීමතුන්ට මැද පෙරදිග හෙළ කුළ කතුන් වහල් සේවයේ යෙදීම ඉවසීමට පුළුවන් වීමය. දැනටමත් රජයේ කාර්යාලවල මුස්ලිම් සේවකයෝ අවමානයට පත් වෙමින් සිටිති. මේ ලියුම්කරුගේ මුස්ලිම් ජාතික මිතුරියකට පසුගිය 21 වනදා සිට අද දක්වා විශාල ලෙස අවමානයට ලක්වීමට සිදුව ඇත. ඇය කොළඹ සිට වෙනත් ප්‍රදේශයකට මාරු වීමට හේතු විමසා තිබුණි. කාර්යාලයේදී ඇය අවමානයට ලක් වන නිසා හිස පැලඳි හිකාබය ඉවත් කොට සේවයට ගොස් තිබුණි. පසුගිය දිනක රහස් පොලිසියෙන් පැමිණ ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබුණි. කාර්යාලයේ සේවකයන් බහුතරයක් තවමත් ඇය දෙස සැකයෙන් බලා සිටියි. මේ වගේ සිදුවීමකදී අධීක්ෂණ නිලධාරීන් ඇයව අවමානයට ලක්වීම වලක්වන ලෙස කටයුතු කළ යුතු වුවත් ඔවුන් ක්‍රියා කොට ඇත්තේ ඇය තවත් අවමානයට ලක්වන ලෙසය. රටේ තීන්දු තීරණ ගන්නා කිසිදු පාර්ශ්වයක් තේරුම් නොගන්නේ අර්බුද තීව්‍රර වන්නේ අර්බුද විසඳීමට ගන්නා අමනෝඥ ක්‍රියාමාර්ග නිසා බවය. බොහෝ අය හිතනු ඇත්තේ තරමක් ජාතිවාදය අවුස්සා සිංහල ඡන්ද බලය වැඩිකර ගැනීම වුවත් අවසානයේ එය පාලනය කිරීම පහසු වන්නේ නැත. සිංහල සමාජය මුස්ලිම් සමාජය සමග ගැටුමකට යෑමෙන් සිදු වන්නේ සාමන්‍ය මුස්ලිම්වරුන්ද ත්‍රස්තවාදීන්ගේ පිලට තල්ලු වීමය. එයට හොඳම උදාහරණය වන්නේ 1983 ජාතිවාදී ගැටුමෙන් පසු බහුතරයක් උතුරු නැගෙනහිර ද්‍රවිඩයන් ප්‍රභාකරන්ගේ ගමන්මග අනුමත කිරීමයි. (විපුල කරුණාතිලක - රාවය May 18, 2019)


