The Leader News
BREAKING

Opinion

 

 

 

whatsapp 202507155

Showing page 184 of 187 (2,797 articles)

පාස්කු ඉරිදා ව්‍යසනය ගැන ජනාධිපතිට වගකීමක් ඇත්තේම නැද්ද? - මහාචාර්ය සරත් විජේසූරිය
Opinion

පාස්කු ඉරිදා ව්‍යසනය ගැන ජනාධිපතිට වගකීමක් ඇත්තේම නැද්ද? - මහාචාර්ය සරත් විජේසූරිය

පාස්කු ඉරිදා සිදුවුණ බෝම්බ පිපිරීම වලක්වාගැනීමට නොහැකි වන්නේ කාගේ වරදක් නිසාද? මේ වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තේ ඒ වන විට රාජකාරියේ නිරතව සිටි පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා බව තීරණය කරමින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. සැබැවින්ම පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වාගැනීමේ වරද මේ දෙදෙනාගේ පිටට පැටවිය හැකිද?

The Leader Deskabout 7 years ago
නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් සඳහා සටන් වදිමු - ජී. කුලරත්න
Opinion

නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් සඳහා සටන් වදිමු - ජී. කුලරත්න

හැට දෙලක්ෂයක් ඡන්දය දුන්නේ ඩ්‍රයිවර් කෙනෙක් හදන්නද? රාජ්‍ය පාලකයෙක් හදන්නද? යමක් කෙනෙකුට වැටහෙන භාෂාවෙන් කියාදීම මොනතරම් වටිනවද? වර්තමානයේ වාහනයකට ගොඩ නොවූ කෙනෙක් සොයාගත නොහැකි තරම්ය.

The Leader Deskabout 7 years ago
ජාතිවාදී මඟ යන වෛද්‍ය සංගමය
Opinion

ජාතිවාදී මඟ යන වෛද්‍ය සංගමය

වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට තිබෙන චෝදනා පිළිබඳ සත්‍ය අසත්‍යතාව ඔප්පු කළ හැක්කේ ස්වාධීන ජනාධිපති කොමිෂන් සභාවකින් පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය චන්දික එපිටකඩුව ජූනි 25වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණි.

The Leader Deskover 7 years ago
මරණ දඬුවම නිසා මෛත්‍රී ඉතිහාසයට එක්වන්නේ කවරෙකු ලෙසද ? - සරෝජ් පතිරණගේ විමසීමක්
Opinion

මරණ දඬුවම නිසා මෛත්‍රී ඉතිහාසයට එක්වන්නේ කවරෙකු ලෙසද ? - සරෝජ් පතිරණගේ විමසීමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයට එකතුවන්නේ මනුෂ්‍යත්වය විනාශ වූ රටක මිනිස්කම යළි උදා කළ නායකයා ලෙසින් ද,

The Leader Deskover 7 years ago
පොහොට්ටුව පාලනය කරන බැසිල්ගේ සූත්‍රය
Opinion

පොහොට්ටුව පාලනය කරන බැසිල්ගේ සූත්‍රය

අප්‍රේල් 21 පාස්කු ඉරිදා සහරාන්ගේ බෝම්බයෙන් ජනතාව තිගැස්සින. මොහොතකට සියල්ල නතර විය. කිසිදා අපේක්ෂා නොකෙරූ දෙයක් සිදු වී ඇත. කුමක්ද සිදු වූයේ ඇයි?, මෙවන් දෙයක් සිදු වූයේ ඇයි කියා අර්ථකතනය කරගැනීමට නොහැකි විය. සාමාන්‍ය ජනතාව මෙන්ම මාධ්‍යකරුවන්ට සිවිල් සමාජ හා දේශපාලකයින්ට සිදු වූ දෙය තේරුම් ගැනීමට නොහැකි විය. සියළු දෙනා බලාගත් අත බලා සිටින්නට විය. මෙවැනිම තත්ත්වයක් 2015 ජනවාරි 09 වන දින සිදු විය. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය අපේක්ෂා නොකළ එකකි. සිදු වූ දෙය අර්ථකතනය කර ගැනීමට, සහරාන්ගේ බෝම්බය මෙන්ම නොහැකි විය. ජනතාව බලාගත් අත බලා සිටින්නට විය. මෙහිදී වහා මැදිහත්වූ විමල් වීරවංශ තත්වය අර්ථකතනය කරන්නට විය. විමල් ඉදිරිපත් කළේ ඩලස් අලහප්පෙරුමගේ අදහසද සහිතවය. විමල්ගේ අර්ථකතනය වූයේ මහින්ද මහත්තයගේ පරාජය දරාගන්නට බැරිව සිංහල බෞද්ධ ජනතාව වේදනාවෙන් නිවෙස්වල බත් හැළි තම්බන්නේ නැතිව නිරාහාරව බලා සිටින බවත්, නමුත් ඇත්තෙන්ම මහින්ද මහතා සිංහල බහුතරය ජීවත් වන ප්‍රදේශ ජයග්‍රහණය කර ඇති බවත්, සුළු ජාතීන් විසින් මහින්ද මහතා පරාජය කර ඇති බවත් සමාජ ගත කිරීමට විමල් දක්ෂ විය. මේ සඳහා ප්‍රතිඵල සිතියම් ගත කරමින් ජාතිවාදීව ප්‍රතිඵල විග්‍රහ කරන්නට විය. මෙමඟින් සිංහල ජනතාව තුළ පරාජිත හැඟීමක් ජනිත කිරීමට ඩලස්ගේ හා විමල් ගේ උපාය සමත් විය. සිංහල ජනතාව තුළින් එසේ පැන නඟින වෛරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතම යොමු කිරීමටත් මොවුන් උපායශීලී විය. මේ සියළු දේ සිදු වන විට බැසිල් රාජපක්ෂ මහතා රටින් පලා ගොස් සිටි අතර මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වය ජනාධිපති සිරිසේන මැතිතුමාට බාර දී මැදමුලනට ගොස් සිටියේ ය. දේශපාලන වශයෙන් අතරමං වූ හා තම දේශපාලන අනාගතය පිළිබඳ අර්බුදයකට පත් වූ දේශපාලන නායකයන්, විමල් විසින් වපුරන ලද මතවාදයට නතුව බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් නුගේගොඩ රැලිය සාර්ථකකර ගැනීමට හැකිවිය. මෙම රැලියේදී මහින්ද මහතා සුළු ජාතීන් විසින් පරාජය කර ඇති බව සංකේතාත්මකව තහවුරු කරන ලදී. එහිදී සිංහල ජනයා තුළ පරාජිත හැඟීමක්, ලැජ්ජා සහගත බවක් ඇති කිරීමට සමත් විය. එලෙසම එමඟින් පැන නැගෙන වෛරය ජනාධිපති සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් වෙත යොමු කළේය. ඔවුන් දේශද්‍රෝහීන් ලෙසත් මහින්ද මහතා සමඟ සිටින පිරිස දේශප්‍රේමින් ලෙසත් බෞතිස්ම කරන ලදී. ජනාධිපතිට එරෙහිව වෛරී රැල්ලක් ! ඇත්තෙන්ම මෙම රැලියෙන් විමල්ලා විසින් මන්ත්‍රී ජනාධිපතිට එරෙහිව වෛරී රැල්ලක් ගොඩනැගීය. එයට ඔවුන් මහින්ද නැවත ඉල්ලා සිටියහ. මහින්ද රැල්ල නැත්නම් මහින්ද සුලඟ ලෙස බෝඩ් ලෑල්ලක් ගැසීමට සමත් විය.විමල්ට සහ ඩලස්ට වමෙන් ලද ආභාසය නිසා මෙවැනි මතවාද සෑදීමට ඔවුන් දක්ෂය. එසේ ඔවුන් පසුගිය කාලයේ සෑදූ මතවාද බොහෝමයක් ඇත. ඒ අතුරින් කිහිපයක් නම්, යුද්ධය අවසන් වී මහින්ද ලංකාවට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපළේදී පොළවට වදින්නේ විමල්ගේ හා ඩලස්ගේ අදහස අනුවය. 2000 මහ මැතිවරණයේදී පෝස්ටර් නැතුව මැතිවරණයක් කරන බවට මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබාගත් ඩලස් ඡන්දයට පෙර දින සවස කඹුරුපිටිය ආසනයේ හන්දියක් හන්දියක් ගාණේ තරුණයන්ට ඩිමයි කොල ලබා දී, "මල්ලි ඩලස් හතර, ලියලා ගහන්න" ලෙස කීවේය. උදෑසන වන විට කඹුරුපිටිය ආසනය පුරා ඩලස්ගේ පෝස්ටර් තිබූ අතර රුපියල් හතළිස්දාහක් වියදම් කර ඔහු පාර්ලිමේන්තු ගියේය. ඒවගේම මෑතකදී අසාර්ථක වූ විමල්ගේ උපාය වූයේ, "වහබ්වාදී බදියුදීන්ට එරෙහිව ඡන්දය නොදී ගමට එන්න එපා" ලෙස පෝස්ටර් ගහන ලෙස තරුණයන්ගෙන් ඉල්ලා සිටීම පෙන්වා දිය හැක. 2015 අගෝස්තු මහ මැතිවරණයේදී විමල්ලාගේ මෙම උපාය සාර්ථක විය. පරාජය කළ නොහැකි, එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපාලාට වැනි අය පරාජය විය. මනාප ක්‍රමයට බයේ සැඟවී සිටි ඩලස් මාතරින් පළවෙනියා විය. මැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡේෂ්ඨයන් ජාතික ආණ්ඩුවට එකතු වූ අතර විමල් ඩලස් වැනි ආන්තික කොටස් බැසිල් වාදී හා නාමල්වාදී මන්ත්‍රීවරුන් එක්කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය නිර්මාණය කළේ ය. ජාතික ආණ්ඩුවට එකතු වූ එක්සත් ජනතා සන්ධානයේ ඇමතිවරු සියළු දෙනාම මහින්ද රාජපක්ෂ රජයේදී බැසිල්ගෙන් බැට කෑ අය වීම විශේෂයක් විය. විමල්ගේ උපාය වාසියට නතු කර ගත් රනිල් : ඉන් අනතුරුව විමල්ගේ හා ඩලස්ගේ උපක්‍රමය වූයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් හා පළාත් පාලන නායකයන් ප්‍රාණ ඇපයට ගැනීමයි. මහ මැතිවරණයේ ප්‍රතිපලය පෙන්වමින් ඔවුන්ට මෛත්‍රී විරෝධී පිරිසකට ජනතාව ඡන්දය ලබා දෙන බව පෙන්වීමට කටයුතු කළේය. ඉන් පසු මෛත්‍රී විරෝධී භූමිකාවක් නැති නම් මහින්දවාදීන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පෙළඹීමක් ඇති කළේය. ඇත්තටම එය සාර්ථක විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරමින් විකල්ප බලයක් නිර්මාණය කිරීම විමල්ගේ උපාය වුවත් මෙම තත්වය තමන්ගේ වාසියට නතු කර ගැනීමට රනිල් වික්‍රමසිංහ දක්ෂ විය. එනම් පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දමමින් තත්වය මෝරන්නට ඉඩ හැරීමයි. රනිල් වික්‍රමසිංහ විමල් ලවා නිදහස් පාක්ෂිකයන් බැසිල්ට බාගන්නට ඉඩ හැරීය. නිසි වෙලාව පැමිණි විට බැසිල්, රනිල්ගේ ආශිර්වාදයෙන් "පොහොට්ටු පක්ෂය" නිර්මාණය කළේය. විමල් කඩිසරව හිරේ නොයා මහන්සියෙන් රැස්කළ සියල්ල පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බැසිල් තම මල්ලට දමා ගත්තේ ය. විමල්ගෙන් යෂ්ටිය උදුරාගත් බැසිල්, විමල් කරගෙන ගිය වැඩපිළිවෙල වඩාත් කාර්යක්ෂමව කරගෙන යන්නේ ය. එනම් "ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය නායකයන් එක් අන්තයකට තල්ලු කිරීම" තුළින් මෛත්‍රී විරෝධීන් බවට පත් කිරීමයි. මෛත්‍රී විරෝධී චරිතයක් රඟදැක්වීම ඊළඟ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමේ උපක්‍රමයක් ලෙස අවබෝධ කරගත් ප්‍රාදේශීය නායකයන් මෛත්‍රී විරෝධී චරිත රඟ දක්වන්නට විය. දැන් එය රනිල් හා බැසිල්ගේ සූත්‍රයයි: දැන් අලුත්ම තත්වය වී ඇත්තේ මහින්දවාදී චරිත රඟ දක්වන ප්‍රාදේශීය නායකයන් තම ඡන්ද බල ප්‍රදේශ වල බලය තහවුරු කරගැනීම සඳහා එකිනෙකා පරයමින් මහින්දවාදී චරිත රඟ දැක්වීමයි. ඇත්ත වශයෙන්ම මෙය තමයි බැසිල්ගේ "සූත්‍රය". මතවාදීව පාක්ෂිකයන් මෛත්‍රී ගෙන් ඈත් කර තැබීමට භාවිතා කරන මෙම සූත්‍රය විමල්, ඩලස් දෙපළගේ ජාතක කළ එකක් වූවත් දැන් එය රනිල් හා බැසිල්ගේ "සූත්‍රයයි". මෙකී සූත්‍රයේ මහ මොලකරු රනිල් ය. අද වන විට රනිල් මෙම සූත්‍රය කදිමට භාවිතා කරමින් සිටී. දැන් දැන් මේ සූත්‍රය, මෛත්‍රී විරෝධී ලෙස ජනතාව ඉදිරියේ රඟ දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ පිරිසට තේරුම් ගියද, ජනතාව ඉදිරියේ රඟ දැක්වූ චරිතය එකවර මාරු කිරීමට ඇති නොහැකියාව නිසාත්, ජනතාව ඉදිරියේ කරන ලද විවේචන හේතුවෙන් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීමට ලැජ්ජාවෙන් මැසිවිලි නඟිමින් සිටීයි. -මකියාවෙල්ලි-

The Leader Deskover 7 years ago
'අපරාධ සඳහා විසඳුම, නීතියේ පාලනය මිස මරණය නොවේ' - මහානාමගේ පුත් මංගල
Opinion

'අපරාධ සඳහා විසඳුම, නීතියේ පාලනය මිස මරණය නොවේ' - මහානාමගේ පුත් මංගල

මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ජනතාව අතරින් නැගුණු ඉල්ලීමට පවතින ආණ්ඩුවේ පළමු නිල ප්‍රතිචාරය ලෙස,

The Leader Deskover 7 years ago
'බැසිල් නැතත් පෙහොට්ටුව නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' - නලින් ද සිල්වා
Opinion

'බැසිල් නැතත් පෙහොට්ටුව නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' - නලින් ද සිල්වා

පසුගියදා පැවති ජාතික සමථා බලය රැස්වීමේ දී ද ප්‍රකාශ කෙළේ මහා සංඝයා වහන්සේ හා ගිහි බහුතරයක් මේ වන විටත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස තෝරා ගෙන ඇති බව ය.

The Leader Deskover 7 years ago
විද්‍යුත් ජනමාධ්‍ය ආයතන වෙත කරනු ලබන ඉල්ලීමකි - වික්ටර් අයිවන්
Opinion

විද්‍යුත් ජනමාධ්‍ය ආයතන වෙත කරනු ලබන ඉල්ලීමකි - වික්ටර් අයිවන්

1. ගුවන් විකාශන තරංග සලකනු ලබන්නේ රටේ මජනයාට අයත් ඉතාමත් වටිනා සීමිත සම්පතක් වශයෙන් වන නිසා විද්‍යුත් ජන මාධ්‍යවලට රටේ පොදු මහජනයාගේ සුභසිද්ධිය

The Leader Deskover 7 years ago
රතන හිමිට සිහිය පහළවීම: අනෙකුත් භික්ෂූන්ටත් පියවි සිහිය ආවොත් හොඳයි - ලසන්න රුහුණගේ
Opinion

රතන හිමිට සිහිය පහළවීම: අනෙකුත් භික්ෂූන්ටත් පියවි සිහිය ආවොත් හොඳයි - ලසන්න රුහුණගේ

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඉදිකරන මඩකලපුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ අතුරලියේ රතන හිමි තොරතුරු ඉල්ලීමක් කර ඇත.

The Leader Deskover 7 years ago
සරසවි කොන්ඩම් භීතිකාව: ලිංගික ක්‍රියාවලට එරෙහි ඊර්ෂ්‍යාවක්
Opinion

සරසවි කොන්ඩම් භීතිකාව: ලිංගික ක්‍රියාවලට එරෙහි ඊර්ෂ්‍යාවක්

රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගම් කාමරයක තිබී පාවිච්චි කළ උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් බාල්දි දෙකක් හමුවූ බවට එහි උපකුලපතිවරයා කළ ප්‍රකාශයක්

The Leader Deskover 7 years ago
අස්ගිරියේ නාහිමියන්ට බුදු දහම ඉගැන්විය යුතුයි.
Opinion

අස්ගිරියේ නාහිමියන්ට බුදු දහම ඉගැන්විය යුතුයි.

''අහන්නට ලැබුණා අපට ආරංචියක්, අනාගතයේ ජනාධිපතිතුමා බවට පත්වෙනවා කියලා අපේ චමල් රාජපක්ෂ මැතිතුමා. ඒක අපි දැනගෙන හිටියේ නැහැ.

The Leader Deskover 7 years ago
රජ කාලයේත් සංඝයා යැපුනේ රජුගෙන් - කුසල් පෙරේරා
Opinion

රජ කාලයේත් සංඝයා යැපුනේ රජුගෙන් - කුසල් පෙරේරා

අති පූජ්‍ය මහනාහිමිවරුන් කතා කරන්නේ රටත්, ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීමේ ඔවුන්ගේ වගකීම ගැනය.

The Leader Deskover 7 years ago
පැවිද්දන්ගේ ලිංගික චර්යා ගැන බෞද්ධ විනය නීති පැනවුන හැටි
Opinion

පැවිද්දන්ගේ ලිංගික චර්යා ගැන බෞද්ධ විනය නීති පැනවුන හැටි

බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට පහසුම ක්‍රමය නම් ශාසනයේ සව්වෙකු වීමයි.

The Leader Deskover 7 years ago
රාජපක්ෂලාට කෙළවෙන වැඩක් : සුමිත් චමින්දගේ විග්‍රහයක්
Opinion

රාජපක්ෂලාට කෙළවෙන වැඩක් : සුමිත් චමින්දගේ විග්‍රහයක්

මේක සමකාලීන ලංකාවේ සරල දේශපාලන සූත්‍රයක්.

The Leader Deskover 7 years ago
අයහපත් සමාජයක ‘යහපත් නීති’ හෙවත් ශක්තිකගේ ඉරණම- මංජුල වෙඩිවර්ධන
Opinion

අයහපත් සමාජයක ‘යහපත් නීති’ හෙවත් ශක්තිකගේ ඉරණම- මංජුල වෙඩිවර්ධන

ප්‍රබන්ධකරණයේ ප්‍රමිති අර්බුදය නොහොත් අවර ගනයේ ප්‍රබන්ධකරණය ලියන්නකු දඟගෙහි ලෑමෙහි හේතුව වන්නේ නම් හිරගෙදර ලැග්ග යුතු වන්නේ ශක්තික නොවේ; අපමණකි.

The Leader Deskover 7 years ago