නිලන්ති කොට්ටච්චි ඩාන්ස් කරන එකක් අල්ලං ලොකු මඩපාරක් යනව,
ඒ මොනවත් නිසා නෙමෙයි ඇය මාලිවෙ නගරාධිපති අපේක්‍ෂිකාවක් නිසා. කියන්න හදන්නෙ මාලිවෙ ගැහැණු නම් මෙහෙම නටන්න බැහැ කියල. පුදුම කෙලියක් නෙ මේක.
දේශපාලනය කරනව නම් කාල බීල ජොලියෙ ඉන්න බැරිද? ගැහැණුන්නට නටන්න අකැප ද? මට නම් තේරෙන්නෙ නැහැ මේ ගහන මඩ.
ඩාන්ස් කරනව කියන්නෙම සාමූහිකව කටයුතු කිරීමේ ස්වරූපයක්!
මරණයට පත්වනතෙක් හැකි සෑම අවස්ථාවකදීම නර්තනයේ යෙදීම වැදගත්වේ. බර්ට්‍රම් රසල් සිය (අධ්‍යාපනය ගැන)On Education නැමති පොතේ මෙසේ කියයි.
"පාසලේ ඉඟෙන ගන්නා මුල් අවුරුදු වලදී නර්තනය ඉඟැන්වීම සඳහා කාලය වෙන් කිරීම අවශ්‍ය වේ. නර්තනය මගින් දරුවන්ට විශාල සතුටක් ලැබේ. ඊට අමතරව එය ළමයාගේ සෞඛ්‍යයට ද හිතකරවේ. එමඟින් දරුවා තුළ පවතින සෞන්දර්‍යාත්මක හැඟීම් වර්ධනය වේ. නර්තනය පිළිබඳ මූලික ලක්‍ෂණ ඉඟෙන ගැනීමෙන් පසුව සාමූහිකව කරනු ලබන නැටීම් පුරුදු කළ යුතුවේ. එය තරුණ ළමයින්ට පහසුවෙන් තේරුම් ගත හැකි සාමූහිකව කටයුතු කිරීමේ ස්වරූපයකි. නර්තනය මඟින් සිදුවන ශරීරයේ මාංශපේශි පාලනය කිරීම නිසා ඇතිවන සතුට ගායනය මඟින් නොලැබේ."
මම නම් කැමති කවද හරි අනුරත් නටනව බලන්න, චම්පිකත් නටනව බලන්න. සජිතුත් නටනව බලන්න. ගැහැණු විතරක් නෙමෙයි හැමෝම නටනව බලන්න.
(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - උවිඳු කුරුකුලසුරියගේ ෆේස්බුක් පිටුවෙන් ..)