leader s

එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්තය තරග සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට මුහුණ දෙන අතර එම ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙක්ගෙන් සමන්විත

ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබේ.

ඊට නවක ක්‍රීඩකයින් දෙදෙනෙක් වන නිෂාන් මදුෂ්ක සහ මිලාන් රත්නායක නම් කර ඇතැයි වාර්තා වෙයි.

නිෂාන් මදුෂ්ක මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔහු පසුගියදා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක්ද වාර්තා කිරීමට සමත් වුණි.

මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක මේ වනවිට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ක්‍රීඩා කරයි.

(adaderana.lk)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්