leader s

ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා ඊයේ (09) පැවති අවසන් මහ තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීමත්

සමග ශ්‍රී ලංකාව අඛණ්ඩව එක්දින තරග 10ක් ජයග්‍රහණය කරමින් මිට පෙර 2004 සහ 2013-14 වර්ෂයන් හි තබා ඇති වාර්තාව සම කළේය.

2004 වර්ෂයේ දී මාවන් අතපත්තු ගේ නායකත්වයෙන් සහ 2013-14 වසරේදී ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 10ක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

නෙදර්ලන්තය ලකුණු 128 කින් පරාජයට පත් කරමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ජූලි මස 09 වෙනිදා) සමත් විය.

ඒ අනුව තරගාවලිය පුරාවට අපරාජිතව සිටි එකම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එම කුසලානය තමන් සතු කර ගත්තේ ය.


(BBC සිංහල සේවය)


Screenshot 2023 07 07 at 12.18.55 PM


JW


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්