leader s

එල්.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගාවලි තුනේදීම ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් පිටුවහල් කරදැමූ බී-ලව් කැන්ඩි

ක්‍රීඩකයෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (17) පැවැති  තරගයේදී ලකුණු 61 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ.

එහෙත් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නම්, ලබන සෙනසුරාදා පැවැත්වෙන තරගයේදී ගෝල් ටයිටන්ස් පිල සමගින් තරග වැදී ජයග්‍රහණය කිරීමට ද කැන්ඩි කණ්ඩායමට සිදුව තිබේ.

අභියෝගාත්මක ඉලක්කයක් වූ ලකුණු 189 ක් කරා ඇදුණු ජැෆ්නා කිංග්ස් පිතිකරුවන්ට ලකුණු 127 දී තම ගමන නතර කිරීමට සිදුවිය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කැන්ඩි නායක වනිඳු හසරංග පන්දු 20 කදී ලකුණු 09 ක් පමණක් ලබාගැනීමට අවසර දෙමින්, කඩුලු 6 ක් දවාගත්තේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන් අද්වීතීය බව යළිත් වරක් සනාථ කරමිනි.

පළමුවෙන් පන්දුවට පහර දුන් කැන්ඩි පිලේ ප්‍රහාරකයා වූ ෆකර් සමාන් ලකුණු නොලබාම දැවී ගියේය. එහෙත් පසුබට නොවූ මොහොමඩ් හාරිස් (79) සහ දිනේෂ් චන්දිමාල් (41) එක්ව පන්දු 39 කින් ලකුණු 68 ක සවිමත් මුක්කුවක් ගැසූ බැවින් බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ සිහිඑළවා ගත්හ. නියමිත ඕවර 20 නිමාවේදී බී-ලව් කැන්ඩි පිතිකරුවෝ කඩුලු 8 ක් දැවී ලකුණු 188 ක් ලබාගත්හ.

දුනිත් වෙල්ලාලගේ පමණක් තමන්ගේ ඕවර 4 ලකුණු 25 කට සීමාකරගත් නමුත්, ජැෆ්නා කිංග්ස් පිලේ අනෙක් සියලුම පන්දු යවන්නෝ දැඩි ප්‍රහාරයකට ලක්වූහ.

චන්දිමාල් දැවී යාමෙන් පසුව වනිඳු හසරංග සමගින් එක්වූ ආරම්භක පිතිකරු මොහොමඩ් හාරිස් ජැෆ්නා පන්දු යවන්නන්ට රිසිසේ පහර දෙමින් පන්දු 49 කදී ලකුණු 79 ක් ලබාගත්තේය. මහීෂ් තීක්‍ෂණගේ පන්දුවක් හමුවේ රමනුල්ලා ගුර්බාස්ගේ ස්ටම්ප් කිරීමට හසුවීමට පෙර හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් හාරිස්ගේ පිත්තෙන් නික්මී තිබිණ.

ඕවර 18 ක් නිමාවේදී බී-ලව් පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට 180 ක් වූයෙන් අවසන් ඕවර දෙකේදී දෑත් විහිදා පන්දුවට පහරදීමේ අවස්ථාව ඔවුන්ට තිබිණ. එහෙත් අනපේක්‍ෂිත අයුරින් ඩිල්ෂාන් මධුශංක සිය ඕවරය ලකුණු 5 කට සීමා කළ අතර අවසන් ඕවරය යැවූ නුවන් තුෂාර එහිදී ලකුණු 03 ක් පමණක් දෙමින් කඩුලු 3 ක් දවාගත්තේය. බී-ලව් පිලේ ලකුණු සංඛ්‍යාව 188 කට සීමා විය.

බී-ලව් කැන්ඩි - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 188 යි
(මොහොමඩ් හාරිස් 79, දිනේෂ් චන්දිමාල් 41, වනිඳු හසරංග 19, කමිඳු මෙන්ඩිස් 17, අසීෆ් අලී 15, නුවන් තුෂාර 40/4, මහීෂ් තීක්‍ෂණ 37/2, අසේල ගුණරත්න 41/2)

ජැෆ්නා කිංග්ස් - ඕවර 17.2 කදී සියලු දෙනා දැවී 127 යි
(ක්‍රිස් ලින් 19, රමනුල්ලා ගුර්බාස් 19, ෂොයිබ් මලික් 31,  ඩේවිඩ් මිලර් 26, මහීෂ් තීක්‍ෂණ 15, වනිඳු හසරංග 09/6)
(kelimandala.lk)

lpl 18

lpl 19

lpl 20

lpl 21

lpl 24

lpl 23


 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්