ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (21) පෙරවරු 11.15 පමණ ක්‍රීඩා වැරදි

වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණියේය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පිහිටි පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ප්‍රමෝද්‍ය පැමිණියේ සිය නීතිඥයා වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලකද සමගිනි.

ඔහුව මෙසේ කැඳවා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය අවසන් කර දිවයිනට පැමිණීමේ දී ඔහු විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීමටය.

ක්‍රීඩාව සුදූට යටවී ඇති බවත් ඒ පිළිබඳව දින කිහිපයකින් ප්‍රකාශ කරන බවත් ඔහු එම අවස්ථාවේදී කියාසිටියේය.

එසේම ක්‍රිකට් අර්බුදය පිටුපස විශාල කුමන්ත්‍රණයක් පවතින බවද හෙතෙම එහිදී සඳහන් කළේය.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගෙන් අද (21) පැය 5 ක ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ප්‍රකාශය වැඩිදුර ගැනීමට ලබන සඳුදා (27) ඔහුව  නැවත කැඳවන බවත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ උස්ස නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය.

වික්‍රමසිංහ ගෙන් එම පැය 5 තුළ ප්‍රකාශයෙන් හතරෙන් එකක් පමණ සටහන්කරගත් බව කී එම නිලධාරියා, ඔහුට මහන්සි යැයි පැවසීම හේතුවෙන් පස්වරු 4.15 ට පමණ ප්‍රකාශය සටහන් කරගැනීම අත්හිටුවූ බව ද සඳහන් කළේය.

ඒ අනුව හෙට පෙවරුවේ නැවත පැමිණෙන ලෙස ඔහුට දැන්නුව ද පැමිණිය නොහැකි යැයි පැවසූ බවත් අද දිනයේදී ඔහු පැවසූ කරුණු පමණක් සටහන්කරගත් බවත් එම නිලධාරියා කීය.

ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ ගේ අධීක්‍ෂණයෙන් එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුපුල් විතානගේ එම ප්‍රකාශය ගැනීම මෙහෙයවීය.

 

 



සබැඳි පුවත් :

ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට කැඳවයි

'ක්‍රිකට් කුමන්ත්‍රණයක්' ගැන ප්‍රමෝද්‍ය  ගෙන් බරපතල අනාවරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එයි - කුමන්ත්‍රණ කතාවක් ප්‍රමෝද්‍යය කියයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්